පරිශීලක:Susahe

විකිපීඩියා වෙතින්

දත්ත සහ තොරතුරු

දත්ත සහ තොරතුරු පිළිබද ව වෙ‍ වෙන ම සලකා බලන විට ඒවායේ ස්වභාවය, පුද්ගලයන් සහ ආයතනවලට ඒවා ප්‍රයෝනවත් වන ආකාරය අනුව දත්ත සහ තොරතුරු අතර වෙනසක් දැකිය හැකිය. අනෙක් අතට දත්ත ‍සහ තොරතුරු සැකසීමේ ක්‍රියාවලිය දෙස බලන විට දත්ත සහ තොරතුරු අතර සම්බන්ධතාවයක් ද දැකිය හැකි වේ. මේ අනුව, දත්ත සහ තොරතුරු අතර පවතින වෙනසත්, ඒවා අතර පවතින අන්‍යා්න්‍ය සම්බන්ධතාවත් පැහැදිලි කර ගැනීම වැදගත් වේ.

දත්ත සහ තොරතුරු අතර වෙනස

දත්තයන්නට වාර්තා කරන ලද අංක, අක්ෂර, සංකේත, අමු දත්ත, සිද්ධීන් සහ ගනුදෙනු අයත් වන නමුත් ඒවා තීරණ ගැනීමේ කටයුතු සදහා තවදුරටත් සකස් කළ යුතු වෙයි.

[[තොරතුරු]] යනු තීරණ ගැනීමේ කටයුතු සදහා අර්ථවත් ලෙස සකසන ලද දත්ත වේ.


දත්ත සහ තොරතුරු අතර පවතින සම්බන්ධතාව

දත්ත සැකසීමේ ක්‍රියාවලිය දෙස බැලීමේ දී අපට පෙනී යන්නේ, එක්රැස් කර ගත් දත්ත සැකසු විට ඒවා තොරතුරු බවට පත්වන බවයි. මේ අනුව දත්ත සහ තොරතුරු වෙන් කළ නොහැකි බවත්, ඒවා අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වන බවත් පැවසිය හැකිය. මෙම සම්බන්ධතාව පහත රූපයයේ (1.1) දැකගත හැකිය.

1.1 රූප සටහන අනුව අපට පෙනී යන්නේ විවිධ මුලාශ්‍රවලින් ආදනය කරගත් දත්ත, සැකසීම නැමැති ක්‍රියාවලිය තුළින් තොරතුරු නැමැති ප්‍රතිදානය නිමැවුම ලැබෙන බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Susahe&oldid=31942" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි