පරිශීලක:Sandaru samaraweera

විකිපීඩියා වෙතින්
මුහුදු අශ්වයා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: කෝඩේටා
වර්ගය: ඇක්ටිනොප්ටරිජි
ගෝත්‍රය: Syngnathiformes
කුලය: Syngnathidae
ගණය: 'Hippocampus'

මිනිස් ලෝකයේ මාතෘත්වය කාන්තාවන්ට පමණක් පොදු දෙයක් වුවද එය සත්ත්ව ලෝකයට නම් පොදු සම්මතයක් නොවේ. චමත්කාර වූ සත්ත්ව ලෝකයේ ගුප්ත සිදුවීම් බොහොමයක් අතුරෙන් මුහුදු අශ්වයාගේ මාතෘත්වය ලැබීමද දෛවයේ සරදමක් මෙන්ය. යුවළක් ලෙස ජීවත් වීමට ප්‍රිය කරන මුහුදු අශ්වයෝ තමන් ජීවත් වන පරිසරය අනුව ශරීර වර්ණය වෙනස් කරගනිතිඒ සතුරන්ගෙන් ජීවිතය බේරා ගැනීමේ උපක්‍රමයක් විදියටය. සොබාදම් නීතියට අනුව දුබලයා ප්‍රබලයාගේ කුස පුරවාලිය යුතුය. එහෙත් ප්‍රබලත්වය හමුවේ දුබලයන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා බාලයාටද යම් යම් වරප්‍රසාද තිළිණ වී ඇත. මුහුදු අශ්වයාගේ එකවර දෙපසට හැරවිය හැකි ඇස් දෙකත් එවැනිම වූ තිළිණයකි.

මිනිස් ඇඟිලි සලකුණුවලින් එකිනෙකා වෙන්කොට හඳුනාගත හැකිය. මේ අපූර්ව සත්ත්වයාගේ හිස පෙදෙසේ ඔටුන්නක ආකාරයෙන් පිහිටි නෙරීම සොබාදම් මාතාව මොවුනට දායාද කළ හැඳුනුම්පතක් වැනිය. නිසි වයස සම්පූර්ණව විවාහප්‍රාප්ත වන මුහුදු අශ්ව යුවළක් තම මධුසමය සඳහා දින තුනක පමණ කාලයත් වෙන් කරයි.

මිනිස් ලෝකයේ බොහෝ විට පිරිමියා ගැහැනිය සොයා ගියත් මුහුදු අශ්වයන් නම් තම සහකාරිය සොයා යන්නේ නැත. ඇය තමන් සොයා පැමිණෙන තුරු මුහුදු අශ්වයන් බලා සිටින්නේ මන බන්ධනීය වූ රමණීය ආලිංගන රංගනයක් වැනි වූ කායික එක්වීමකට සිහින මවමිනි. මෙයට ගතවන්නේ තත්පර 5ක් හෝ 6ක් වැනි සුළු කාලයකි.

මුහුදු අශ්වයන් සත්ත්ව ලිංගික චර්යා උඩු යටිකුරු කරමින් මාතෘත්වයේ සියලු වගකීම් පිරිමි සතා වෙත පවරා තිබේ. උගේ වලිගය ආරම්භ වන ප්‍රදේශයේ පිහිටා ඇති කොපුවක් වැනි ව්‍යුහය තුළට ගැහැනු සත්ත්වයා බිත්තර දමයි. බිත්තර සංසේචනය වී පැටවුන් ඇති වන්නේ එම කොපුව තුළය. පැටවුන් පෝෂණය කරනුයේ පියාගේ සිරුරිණි. දින විසි ගණනක් පුරාවට පැටවුන් බිහිවනතුරුත් මව, පියා අසලම ගැවසේ. මත්ස්‍ය ලෝකය තුළ පතිව්‍රතතාව රකින එකම මත්ස්‍ය වර්ගය වනුයේ මුහුදු අශ්වයන් පමණක්මය. එයට සාක්ෂි දරනුයේ හැකිළී ගිය ගැහැනු සිරුර සහ පිම්බී මහත් වූ පිරිමි මුහුදු අශ්වයන්ගේ කොපුවයි.

ආහාරයක්, වාජීකරණ ඔෟෂධයක් සහ අලංකාර මත්ස්‍ය විශේෂයක් ලෙස වෙළෙඳ පොළේ මිල නියම වූ මුහුදු අශ්වයන් එක් කිලෝවක් සඳහා හාරසියයක පමණ ප්‍රමාණයක් නිරපරාදේ මනුෂ්‍ය සංතෘප්තිය උදෙසා ජීවිතය පූජා කරති.

මුහුදු තෘණ හා කොරල්පර අතර ජීවත් වෙමින් ඉස්සන්, කකුළුවන් වැනි කුඩා කවච සතුන්ගේ සහ ජල ප්ලවාංගවලින් ජීවිතය රැකගන්නා මොවුහු තම ශරීරයෙන් මුහුදු තෘණ ගසක් හෝ කොරල්පරයක කොරල් ශාකයක් අල්වාගෙන නිසොල්මනේ සිටීමට වඩාත්ම ප්‍රිය කරති.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Sandaru_samaraweera&oldid=341106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි