පයිරට්ස් ඔෆ් ද කැරිබියන් (චිත්‍රපට මාලාව)

විකිපීඩියා වෙතින්
පයිරට්ස් ඔෆ් ද කැරිබියන්
අධ්‍යක්ෂණය කලේගෝර් බර්බින්ස්කි (13)
රොබ් මාෂල් (4)
යොආකිම් රනිං (5)
එස්පන් සාන්ඩ්බියර්ග් (5)
නිෂ්පාදනය කලේජෙරී බ්‍රක්හයිමර්
තිරචනය සිදු කලේටෙඩ් එලියට් (14)
ටෙරී රෝසියෝ (14)
ජෙෆ් නේතන්සන් (5)
කථාව ලියුවේටෙඩ් එලියට් (1, 4)
ටෙරී රෝසියෝ (15)
ස්ටුවර්ට් බීටි (1)
ජේ වොල්පර්ට් (1)
ජෙෆ් නේතන්සන් (5)
මෙය මත පදනම් වෙයිපයිරට්ස් ඔෆ් ද කැරිබියන්
වෝල්ට් ඩිස්නි විසින් (15)
ඔන් ස්ට්‍රේන්ජර් ටයිඩ්ස්
by ටිම් පවර්ස් (4)
රඟ පාන්නේජොනී ඩෙප්
ජෙෆ්රි රෂ්
කෙවින් මැක්නෙලී
ඔලැන්ඩෝ බ්ලූම් (13, 5)
කියරා නයිට්ලි (13, 5)
ජැක් ඩැවන්පෝට් (13)
ජොනතන් ප්‍රයිස් (13)
බිල් නයි (23)
ස්ටෙලන් ෂ්කාස්ගෝඩ් (23)
ටොම් හොලන්ඩර් (23)
චවු යන්-ෆැට් (3)
පෙනීලොපෙ කෲස් (4)
ඉයන් මැක්ෂේන් (4)
හවියර් බර්ඩෙම් (5)
බ්‍රෙන්ටන් ත්වයිට්ස් (5)
කායා ස්කෝඩලෑරියෝ (5)
(පහත බලන්න)
සංගීතය සැපයුවේක්ලවුස් බාඩෙල්ට් (1)
හැන්ස් සිමාර් (14)
රොඩ්රීගො ඉ ගැබ්රියලා (4)
එරික් විටෙකර් (4)
ජෙෆ් සැනෙල්ලි (5)
Production
company
වෝල්ට් ඩිස්නි පික්චර්ස්
ජෙරී බ්‍රක්හයිමර් ෆිල්ම්ස්
Distributed byවෝල්ට් ඩිස්නි ස්ටූඩියෝස් මෝෂන් පික්චර්ස්
Release date
ද කර්ස් ඔෆ් ද බ්ලැක් පර්ල්:
ජූලි 9, 2003
ඩෙඩ් මෑන්ස් චෙස්ට්:
ජූලි 7, 2006
ඇට් වර්ල්ඩ්ස් එන්ඩ්:
මැයි 25, 2007
ඔන් ස්ට්‍රේන්ජර් ටයිඩ්ස්:
මැයි 20, 2011
ඩෙඩ් මෙන් ටෙල් නෝ ටේල්ස්:
මැයි 26, 2017
Running time
726 විනාඩි (15)
Countryඑක්සත් ජනපදය
Languageඉංග්‍රීසි
Budgetමුළු (චිත්‍රපට 5):
$1.274 බිලියන
Box officeමුළු (චිත්‍රපට 5):
$4,524,358,182


පයිරට්ස් ඔෆ් ද කැරිබියන් යනු, ජෙරී බ්‍රක්හයිමර් විසින් නිෂ්පාදනය කෙරුණු හා වෝල්ට් ඩිස්නිගේ එම නමම සහිත තේමා උද්‍යාන සංචාරය මත පදනම්වූ ඇමරිකානු මනඃකල්පික මැරවර චිත්‍රපට මාලාවකි.

චිත්‍රපට මාලාවෙහි අධ්‍යක්ෂවරුන් අතරට ගෝර් බර්බින්ස්කි (13), රොබ් මාෂල් (4) සහ යොආකිම් රනිං සහ එස්පන් සාන්ඩ්බියර්ග් (5) අයත් වූහ. චිත්‍රපට මාලාව ප්‍රාථමික වශයෙන් රචනය කරන ලද්දේ ටෙඩ් එලියට් සහ ටෙරී රෝසියෝ (14) විසිනි; අනෙකුත් රචකයන් අතර ස්ටුවර්ට් බීටි (1), ජේ වොල්පර්ට් (1) සහ ජෙෆ් නේතන්සන් (5) වූහ. චිත්‍රපට මාලාවෙහි කතා වස්තූන් විසින් කියා දැක්වෙන්නේ කපිතාන් ජැක් ස්පැරෝ (ජොනී ඩෙප්), විල් ටර්නර් (ඔලැන්ඩෝ බ්ලූම්) සහ එලිසබෙත් ස්වෝන් (කියරා නයිට්ලි) යන අයගේ වික්‍රමයන් වෙති. හෙක්ටර් බාබෝසා (ජෙෆ්රි රෂ්) සහ ජොෂ්මි ගිබ්ස් (කෙවින් මැක්නෙලී) වැනි චරිතයන්, චිත්‍රපට දිගහැරෙත්ම, ජැක්, විල් සහ එලිසබෙත් යන චරිතයන්ගෙන් පසුව ඒවායින් ඉස්මතුව නැග එයි. සතරවන චිත්‍රපටය විසින් බ්ලැක්බියර්ඩ් (ඉයන් මැක්ෂේන්) සහ ඇන්ජලිකා (පෙනීලොපෙ කෲස්) යන චරිත එළිදක්වන අතර, පස්වන චිත්‍රපටය විසින් අමාන්ඩෝ සලසාර් (හවියර් බර්ඩෙම්), හෙන්රි ටර්නර් (බ්‍රෙන්ටන් ත්වයිට්ස්) සහ කරීනා ස්මිත් (කායා ස්කෝඩලෑරියෝ) යන චරිත එළිදක්වයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගම (තථ්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මත පදනම්වූ) සහ ස්පාඤ්ඤ අධිරාජ්‍යය විසින් පාලනය කෙරෙන සහ පාලක බලවතුන්ගෙන් නිදහස නිරූපණය කෙරෙන මුහුදු මංකොල්ලකරුවන්ගෙන් සමන්විත ප්‍රබන්ධාත්මක ඓතිහාසික රංගභූමි පසුතලයක මෙම චිත්‍රපට දිග හැරෙයි.

මෙම චිත්‍රපට මාලාව 2003 වසරෙහිදී ඇරඹුනේ පයිරට්ස් ඔෆ් ද කැරිබියන්: ද කර්ස් ඔෆ් ද බ්ලැක් පර්ල් වෙතින් වන අතර, විවේචකයන් වෙතින් ධනාත්මක විවේචනයන් ලබමින් ලොව පුරා තිරගත කිරීම් තුලින් US$ 654 මිලියන ප්‍රමාණයක දළ ආදායමක් උපැයීමට එය සමත් විය.[1] පළමුවන චිත්‍රපටයෙහි සාර්ථකත්වයෙන් පසුව, වෝල්ට් ඩිස්නි පික්චර්ස් විසින් හෙළිදරවු කෙරුණේ චිත්‍රපට ත්‍රිකයක් සඳහා කටයුතු සම්පාදනය වෙමින් පවතින බවයි. ඉන් වසර තුනකට පසුව 2006 වසරෙහිදී නිකුත් කෙරුණු ඩෙඩ් මෑන්ස් චෙස්ට් ලෙසින් උපනාම යෙදුනු, සමුච්චයෙහි දෙවන චිත්‍රපටය, එහි මංගල දර්ශන දිනයෙහිදීම ලොව පුරා මූල්‍ය වාර්තා බිඳ හෙලමින් අනුගාමී කෘතියක් ලෙසින් සාර්ථක බව පෙන්වීය. ලොව පුරා ආදායම් වාර්තා ලෙසින් $1.1 බිලියන පමණ උපයමින් වසරෙහි අංක එක චිත්‍රපටය බවට පත්වීමට ඩෙඩ් මෑන්ස් චෙස්ට් සමත් විය. සමුච්චයෙහි තෙවන චිත්‍රපටය වූ, ඇට් වර්ල්ඩ්ස් එන්ඩ් නම් ලද්ද, 2007 වසරෙහිදී කරලියට පැමිණියේ මිලියන $960 ප්‍රමාණයක ආදායම් ලබමින් වන අතර, ඩිස්නි සමාගම විසින් ඔන් ස්ට්‍රේන්ජර් ටයිඩ්ස් නම් ලද සතරවන චිත්‍රපටය, 2011 වසරෙහිදී සාම්ප්‍රදායික 2ඩී, ඩිජිටල් 3-ඩී සහ අයිමැක්ස් 3ඩී යන ක්‍රමයන් භාවිතයෙන් නිකුත් කෙරිණි. ඔන් ස්ට්‍රේන්ජර් ටයිඩ්ස් විසින් $1 බිලියන ප්‍රමාණයක් ඉක්මවූ දළ ආදායමක් උපැයීමට සමත්වූ අතර,[1] සමුච්චය තුල මෙසේ කිරීමට හැකිවූ දෙවන චිත්‍රපටය සහ ඉතිහාසය තුල සෙසේ කිරීමට හැකිවූ අටවන චිත්‍රපටය බවට පත් විය.

සමුච්චය විසින් ලොව පුරා තිරගතකිරීම් තුලින් $4.5 බිලියන ප්‍රමාණයකට වඩා උපයාගැනීමට සමත්වූ අතර, [1] සමස්ත වශයෙන් සැලකූ විට අධිකතම ආදායම් උපැයූ චිත්‍රපට මාලා අතුරින් දසවැන්න වූ අතර එහි චිත්‍රපට එකකට වැඩි ගණනක් ලොවපුරා $1 බිලියනයක ආදායම් උපැයූ පළමුවන සමුච්චය එය විය.

චිත්‍රපට[සංස්කරණය]

චිත්‍රපට මංගල දර්ශනයකදී ජොනී ඩෙප්.
උත්සවයකදී රෂ්.
උත්සවයකදී බ්ලූම්.
උත්සවයකදී නයිට්ලි.
ඉහළ සිට පහළට: ප්‍රධාන චරිත රඟපෑ ජොනී ඩෙප්, ජෙෆ්රි රෂ්, ඔලැන්ඩෝ බ්ලූම් සහ කියරා නයිට්ලි. සෑම චිත්‍රපටයකදීම ඔවුන්ගේ භූමිකාව යළි රඟපෑවේ ඩෙප් සහ රෂ් පමණි. බ්ලූම් සහ නයිට්ලි විසින් සතරවැනි චිත්‍රපටයෙහි රඟපෑමට පෙරළා නොපැමිණි අතර, පස්වන චිත්‍රපටයෙහි කෙටි පෙනීසිටීම් වලට දායක වූහ.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "ජොනී ඩෙප් මූවීස් ලිස්ට් බයි බොක්ස් ඔෆිස් සේල්ස්". JohnnyDeppMoviesList.org. සම්ප්‍රවේශය 2015-01-22.

බාහිර සබැඳි[සංස්කරණය]