ගෝර් බර්බින්ස්කි

විකිපීඩියා වෙතින්
ගෝර් බර්බින්ස්කි
2004 වසරෙහිදී බර්බින්ස්කි
උපත
ග්‍රෙගර් බර්බින්ස්කි

මාර්තු 16, 1964 (1964-03-16) (වයස 60)
උගත් ශාස්ත්‍රාලයයූසීඑල්ඒ චිත්‍රපට පාසැල
රැකියාවචිත්‍රපට අධ්‍යක්ෂක, තිරරචක, නිෂ්පාදක, සංගීතඥ
සක්‍රීය වසර1989-වර්තමානය

ග්‍රෙගර් "ගෝර්" බර්බින්ස්කි (උපත මාර්තු 16, 1964) යනු, ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයෙකු, නිෂ්පාදකවරයෙකු සහ සංගීතඥයෙකි. ඔහු වඩාත් පසිඳු වන්නේ පයිරට්ස් ඔෆ් ද කැරිබියන් චිත්‍රපට ආඛ්‍යානයෙහි පළමුවන චිත්‍රපට තුන, ද රිං, සහ රැංගෝ යන්නන් අධ්‍යක්ෂණය කිරීම වෙනුවෙනි. බර්බින්ස්කි, රංගකලාව, චිත්‍රපට සහ රූපවාහිනිය පිළිබඳ යූසීඑල්ඒ ශාස්ත්‍රාලයෙහි උපාධිධරයෙකි. ඔහුගේ වඩාත් මෑත චිත්‍රපටය වන්නේ, 2017 වසරෙහිදී නිකුත් කෙරුණු අ කියෝ ෆො වෙල්නස් වෙයි.

ඔහුගේ සජීවිකෘත ක‍්‍රියාදර්ශක-ප්‍රහසන බටහිර ප්‍රභේදයෙහි රැංගෝ චිත්‍රපටය වෙනුවෙන්, බර්බින්ස්කි 2012 වසරෙහිදී හොඳම සජීවීකෘත වෘත්තාන්ත චිත්‍රපටය වෙනුවෙන් ඇකඩමි සම්මානය දිනාගති. ඔහුගේ චිත්‍රපට විසින් ලොවපුරා $3.72 බිලියන ප්‍රමාණයක දළ ආදායමක් උපයා ඇති අතර, මේ නිසා බර්බින්ස්කි ලෝකයේ ඉහළම ආදායම උපයන චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් අතරින් එක් අයෙකු බවට පත්කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ගෝර්_බර්බින්ස්කි&oldid=417650" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි