පංච තථාගතයන්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
පංච තථාගතය මූර්තින්. ජින් රාජවංශය (1115–1234) චීනය.

මහායාන හා වජ්‍රයාන බුදු දහම, තුළ පංච තථාගත ( සංස්කෘත (pañcatathāgata: චීන: 五方佛) හෝ මහා බුදුවරුන් පස්නම, ධ්‍යානි බුදුවරු යනු බොහෝ විට එකට ගෞරවයට පාත්‍ර වන බුදුන් පස්දෙනෙකි. උන්වහන්සේලා වන්නේ අක්ෂෝභ්‍ය, රත්නසම්භව, වෛරෝචන, අමිතාභ සහ අමොඝසිද්ධි යන බුදුන් වහන්සේලායි.

උන්වහසේලා ඇතැම් විට ධර්මකායට සම්බන්ධ “ආදි බුදුන්ගේ” හෙවත් “පළමු බුදුන්ගේ” ගුණාංග පහේ නිරූපණයන් ලෙස දැකිය හැකිය.[1] ඇතැම් මුලාශ්‍ර වලට අනුව ආදි බුදුන් සයවන තථාගතයාණන් වහන්සේ ලෙසින්ද සඳහන්ව ඇත.

මෙම බුදුන් පස්නම වජ්‍රයාන මණ්ඩලවල පොදු විෂයයක් වන අතර උන්වහන්සේලා විවිධ බෞද්ධ තන්ත්‍රවල කැපී පෙනේ. වජ්‍රයාන බුදු දහමෙහි උප ප්‍රභේදයක් වන ශිංගොං බුදු දහම තුළ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ සහ භාවනා කිරීමේ මූලික වස්තුවයි.

මූලාරම්භය[සංස්කරණය]

ගර්භකෝෂධාතු මණ්ඩලයේ ආදි බුද්ධ වෛරෝචන නිරූපණය කරන අතර උන්වහන්සේ වටා බුදුන් වහන්සේලා (රන් පැහැයෙන්) සිව්නමක් සහ බෝධිසත්වයන් (සුදු පැහැයෙන්) සිව් නමක් වැඩ සිටී. ඉහළ සිට දක්ෂිණාවර්තව: රත්නසම්භව, සමන්තභද්‍ර, සංකුසුමිතරාජ, මංජුශ්‍රී, අමිතාභ, අවලෝකිතේශ්වර, අමොඝසිද්ධි සහ මෛත්‍රෙය.

පංච මහා බුදුවරු යනු බෞද්ධ තන්ත්‍රයන්ගේ වර්ධනයක් වන අතර පසුව එය ත්‍රිකාය නම් බුද්ධත්වයේ න්‍යාය සමඟ සම්බන්ධ විය. තත්ත්වසංගෘහ තන්ත්‍රයේ සඳහන්ව ඇත්තේ බුදුන් වහන්සේලා සිව්නමක් වූවද, වජ්‍රශේකර සූත්‍රය තුළ පංච මහා බුදුවරු සමඟ වජ්‍ර (දියමන්ති) රාජධානි මණ්ඩලය පිළිබඳව සඳහන් වේ.[2]

එමෙන්ම වජ්‍රශේකර සූත්‍රය තුළ පංච බුදුවරුන්ගේ මූලය වන වජ්‍රධර නම් සයවෙනි බුදුන් වහන්සේ පිළිබඳව දක්වා ඇත."[3]

පංච තථාගතයාණන් වහන්සේලා බුද්ධ ධර්මයේ සම්බෝධිය පිළිබඳ මූලධර්මය මූර්තිමත් කරන ධර්ම කායෙහි අංගයන් වේ.

මෙම බුදුවරුන් මණ්ඩල ඔස්සේ නිරූපණය කරන විට, උන්වහන්සේලා සෑම විටම එකම වර්ණයක් හෝ එකම දිශාවන්ට සම්බන්ධ වී නොතිබිය හැකිය. විශේෂයෙන්, අක්ෂෝභ්‍ය සහ වෛරෝචන යන බුදුවරුන් දෙදෙනා මාරු විය හැකිය. වෛරෝචන මණ්ඩලය තුළ බුදුවරු පස් දෙනා මේ අකාරයට සකස් වේ.

අමොඝසිද්ධි (උතුර)
අමිතාභ (බටහිර) වෛරෝචන (ප්‍රධානියා) අක්ෂෝභ්‍ය (නැගෙනහිර)
රත්නසම්භව (දකුණ

අංශ පහ සහ ඒවායේ ගුණාංග[සංස්කරණය]

පංච තථාගතයාණන් වහන්සේලා එක් එක් මූලද්‍රව්‍යය සමඟ පුළුල් පරාසයක ආශ්‍රයන් ඇති අතර එමඟින් මණ්ඩලය සමස්ථ ධර්මය අවබෝධ කරගැනීමේ කේතාංකයක් (රහස් ලිපියක්) හා සිහිවටන දෘශ්‍ය චින්තන මෙවලමක් සහ සංකල්ප සිතියමක් බවට පත්වේ. සෑම බුද්ධ කුලයකටම සංකේත ගණනාවක්, ද්විතියික රූප ගණනාවක් (බෝධිසත්වයන්, ආරක්ෂකයන් වැනි), ශක්තීන් හා අංශ ගණනාවක් ඇත.

කුලය බුදුන් වහන්සේ වර්ණය ← මූලධාතුව→ සංකේත ප්‍රධානත්වය → ප්‍රඥාව → සම්බන්ධය → අභිනයන් අර්ථයන් → ආතතියට හේතුවන මූලයන් ඍතු ප්‍රඥාව
බුද්ධ කුලය වෛරෝචන සුදු ← ආකාශ → චක්‍රය මැද→ සියලු අවස්ථානුරූප වූ → රූප → ධර්මය ඉගැන්වීම ධර්ම චක්‍රය ගමන් කරවීම → අවිද්‍යාව, මෝහය n/a 法界体性智: ධර්මයේ ප්‍රඥාව සහ සාරය. [4]
කර්ම

කුලය

අමොඝසුද්ධි කොළ ← වායෝ → විශ්ව වජ්‍රය උතුර → සියල්ල ඉටු කිරීම→ මානසික ගොඩනැගීම → නිර්භීතකම ආරක්ෂා කිරීම, සංහාරය කිරීම → ඊර්ෂ්‍යාව ගිම්හානය 成所作智: පරිපූර්ණ අභ්‍යාසයන්ගේ ප්‍රඥාව.
පද්ම කුලය අමිතාභ රතු ← තේජෝ → පද්මය බටහිර → ගවේෂණාත්මක → ප්‍රත්‍යක්ෂය → භාවනාව පාලනය කිරීම → ආත්මාර්ථය, ඇල්ම වසන්ත 妙観察智: නිරීක්ෂණත්වයේ ප්‍රඥාව.
රත්න (මැණික) කුලය රත්නසම්භව රන්/කහ ← පඨවි → මැණික දකුණ → උපේක්ෂාව → දයාව→ ලබාදීම සාරවත් බව, වර්ධනය→ අහංකාරය, ලෝභය සිසිර 平等性智: සමානාත්මතාවේ ප්‍රඥාව
වජ්‍ර කුලය අක්ෂෝභ්‍ය නිල්← ආපෝ → සෙංකෝලය, වජ්‍රය නැගෙනහිර → ද්විත්ව නොවන → විඥානය → නිහතමානිකම සමනය කිරීම → චණ්ඩභාවය ශිශිර 大円鏡智: මනස්කාරයේ ප්‍රඥාව

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Williams, Wynne, Tribe; Buddhist Thought: A Complete Introduction to the Indian Tradition, page 210.
  2. Williams, Wynne, Tribe; Buddhist Thought: A Complete Introduction to the Indian Tradition, page 210.
  3. Williams, Wynne, Tribe; Buddhist Thought: A Complete Introduction to the Indian Tradition, page 210.
  4. Japanese Architecture and Art Net Users System. (2004). JAANUS / hokkai jouin 法界定印. Available: http://www.aisf.or.jp/~jaanus/deta/h/hokkaijouin.htm. Last accessed 27 Nov 2013.
"https://si.wikipedia.org/w/index.php?title=පංච_තථාගතයන්&oldid=486652" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි