Jump to content

නුසන්තරා (නගරය)

විකිපීඩියා වෙතින්
නුසන්තරා
Planned capital city
Capital City of Nusantara
Ibu Kota Nusantara
Zero Point
Zero point of the City
උද්යෝග පාඨය(න්): "Kota Dunia untuk Semua"
("A Global City for All")
නුසන්තරා is located in Kalimantan
නුසන්තරා
නුසන්තරා
නුසන්තරා is located in Indonesia
නුසන්තරා
නුසන්තරා
ඛණ්ඩාංක: 0°58′23″S 116°42′31″E / 0.97306°S 116.70861°E / -0.97306; 116.70861ඛණ්ඩාංක: 0°58′23″S 116°42′31″E / 0.97306°S 116.70861°E / -0.97306; 116.70861
Country Indonesia
RegionKalimantan
Established (Law on State Capital)15 February 2022
ආණ්ඩුව / පරිපාලනය
 • ඉහළම අධිකරණයCapital City Authority
 • HeadBasuki Hadimuljono (acting)
 • Deputy HeadRaja Juli Antoni (acting)
සරිය[1]
 • මුළු2,561.42 කිමී2 (988.97 සතරැස් සැත)
 • Capital city area561.8 කිමී2 (216.9 සතරැස් සැත)
 • Main governmental zone68.56 කිමී2 (26.47 සතරැස් සැත)
උන්නතාංශය33 මී (108 අඩි)
වේලා කලාපIndonesia Central Time (UTC+08:00)
Area code(+62) 542
වෙබ් අඩවියikn.go.id

නුසන්තරා යනු ඉන්දුනීසියාවේ අනාගත අගනුවරයි. එය බෝර්නියෝ දූපතේ නැගෙනහිර වෙරළේ පිහිටා ඇති අතර නැගෙනහිර කලිමන්තාන් පලාතට අයත් වේ. මෙම නව නගරය එරට නිදහස් දිනයට සමගාමීව, 2024 අගෝස්තු 17 දින නිල වශයෙන් ඉන්දුනීසියාවේ අගනුවර බවට පත් වීමට නියමිතව තිබූ නමුත්, ඉදිකිරීම් කටයුතු වල ප්‍රමාදය නිසා එය සිදු නොවීය. ඉන්දුනීසියාව නිදහස ලැබූ 1945 වසරේ සිට මේ දක්වාම එරට අගනුවර වන්නේ ජකාර්තා නගරයයි.

ඉන්දුනීසියාවේ අගනුවර ජකාර්තා නගරයෙන් වෙනත් ස්ථානයකට ගෙන යාමේ කලක සිට පැවති අවශ්‍යතාව 2017 වසරේදී ජනාධිපති ජොකෝ විඩෝදෝ ගේ රජය විසින් නැවත ඉදිරිපත් කරන ලදී. ජකාර්තා නගරයේ අධික ජනාකීර්ණත්වය සහ ගිලා බැසීම මීට ප්‍රමුඛ හේතු විය. නුසන්තරා නගරය නිර්මාණය කිරීම 2022 ජූලි මස ආරම්භ විය. නව අගනගර ව්‍යාපෘතිය අදියර පහකින් ඉදිකෙරෙන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 35 ක් ඇස්තමේන්තු කර ඇත.

2024 අගෝස්තු 12 දින පළමු වරට රජයේ කැබිනට් රැස්වීමක් නුසන්තරා නගරයේදී පැවැත්වුණි. අගෝස්තු 17 දින පළමු වරට රාජ්‍ය නිදහස් උත්සවයද එහිදී පැවැත්වුණි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Maharani, Aisyah Sekar Ayu (19 January 2022). Alexander, Hilda B (ed.). "Berapa Luas Cakupan Wilayah IKN Nusantara?". KOMPAS.com (ඉන්දුනීසියානු බසින්). 19 January 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-01-31.
"https://si.wikipedia.org/w/index.php?title=නුසන්තරා_(නගරය)&oldid=698379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි