නීල් ඩිග්‍රාස් ටයිසන්

විකිපීඩියා වෙතින්
නීල් ඩිග්‍රාස් ටයිසන්
Neil deGrasse Tyson in June 2017 (cropped).jpg
ටයිසන් 2017 දී
උපතඔක්තෝබර් 5, 1958 (1958-10-05) (වයස 64)
නිව් යෝක් නගරය, එක්සත් ජනපදය
උගත් ශාස්ත්‍රාලයහාර්වර්ඩ් විශ්වවිද්‍යාලය (BA)
ටෙක්සාස් විශ්වවිද්‍යාලය (MA)
කොලුම්බියා විශ්වවිද්‍යාලය (MPhil, PhD)
කලත්‍රයා(යන්)ඇලීස් යන්ග් (වි. 1988)
දරුවන්2
සම්මානNASA Distinguished Public Service Medal (2004)
Klopsteg Memorial Award (2007)
Public Welfare Medal (2015)
Scientific career
ක්ෂේත්‍රය
ආයතනමේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලය, කොලේජ් පාක්
ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය
ඇමරිකානු ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය
අත්සන
Neil deGrasse Tyson signature.svg

නීල් ඩිග්‍රාස් ටයිසන් (ඉපදුනේ 1958 ඔක්තෝබර් 5) යනු ඇමරිකානු තාරකා භෞතික විද්‍යාඥයෙක්, ග්‍රහ විද්‍යාඥයෙක්, කතුවරයෙක් සහ විද්‍යා ප්‍රචාරකයෙකි. ටයිසන් හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයෙන්, ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙන් සහ කොලුම්බියා විශ්වවිද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇත. 1991 සිට 1994 දක්වා ඔහු ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් ආචාර්ය පර්යේෂණ සහායකයෙකු ලෙස ක්‍රියා කළේය. 1994 දී ඔහු හේඩන් ග්‍රහලෝකාගාරයට එක්වූ අතර, ප්‍රින්ස්ටන් අධ්‍යාපන පීඨයේ පර්යේෂණ විද්යාඥයෙකු සහ කථිකාචාර්‍යවරයෙකු ලෙස සේවය කළේය. 1996 දී එම ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ තනතුරට පත්වූ ඔහු විසින් ඩොලර් මිලියන 210 ක ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවන ලදී.

1995 සිට 2005 දක්වා ටයිසන් නැචුරල් හිස්ට්‍රි (ස්වභාවික ඉතිහාසය) සඟරාවේ යුනිවර්ස් (විශ්වය) නම් තීරුවට මාසිකව රචනා ලිව්වේය. එවායින් සමහරක් ඔහු පසුව ඔහුගේ "ඩෙත් බයි බ්ලැක් හෝල් (2007)" සහ "ඇස්ට්‍රොෆිසික්ස් ෆෝ පීපල් ඉන් අ හරී (2017)" නම් පොත්වල පළ කළේය. එම කාල සීමාවෙදීම ඔහු ස්ටාර්ඩේට් සඟරාවේ මාසික තීරුවක 'මර්ලින්' යන අන්වර්ථ නාමයෙන් විශ්වය පිළිබඳ ප්‍රශ්න වලට පිළිතුරු සැපයූවේය. 2001 දී ටයිසන්ට නාසා ආයතනයේ මහජන සේවා ගෞරව පදක්කම හිමි විය. 2006 සිට 2011 දක්වා පීබීඑස් නාළිකාවේ නෝවා සයන්ස් නව් නම් වැඩසටහනේ ඉදිරිපත් කරන්නා ලෙස ක්‍රියා කළේ ටයිසන් ය. 2014 දී ඔහු කොස්මොස්: අ ස්පේස් ටයිම් ඔඩිසි නම් රූපවාහිනි වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කළේය. ඒ කාල් සේගන් ගේ 1980 විකාශය වූ කොස්මොස්: අ පර්සනල් වොයේජ් නම් වැඩසටහන ඉදිරියට ගෙනයාමක් ලෙසයි. 2015 දී එක්සත් ජනපද විද්‍යා ඇකඩමිය ටයිසන් හට මහජන ශුභ සාධක පදක්කම ප්‍රදානය කරන ලදි. ඒ විද්‍යාව පිළිබඳ මහජනයාගේ උනන්දුව ඇති කිරීම සඳහා ඔහු කළ සේවය අගය කිරීමට ය.

"https://si.wikipedia.org/w/index.php?title=නීල්_ඩිග්‍රාස්_ටයිසන්&oldid=489001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි