නීතියේ සමාජ විද්‍යාව
මැක්ස් වෙබර් 1917 දී- නීතිඥයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ වෙබර් සමාජ විද්‍යාවේ සහ නීතියේ සමාජ විද්‍යාවේ ආරම්භකයකු ලෙස සැලකේ.
නීතියේ සමාජ විද්‍යාව වූ කලි නීතිය සහ සමාජය අතර ගණුදෙනුව පිලිබඳව විමර්ෂනය කරන්නකි. නීතියේ සමාජ විද්‍යාව නීති විද්‍යාව, නීතියේ ආර්ථික විද්‍යාත්මක විශ්ලේෂණය, නීතියේ ආයතන සහ නෛතික ප‍්‍රයුක්තීන් සහ ක‍්‍රමයන්හි සමාජීය ගොඩනැංවීම විමර්ෂනය සඳහා විෂය වන්නාවූ ක්ෂේත‍්‍රයක් වෙයි. ආරම්භයේදී නෛතික න්‍යායවේදීහු මෙම ගුරුකුලය පිලිබඳව සැක පහළ කළහ. මෙහි සමාරම්භකයකු වූ නීතීඥයින් ඉගෙනගන්නා සහ අදාල කරන්නාවූ ධනාත්මක නීතිය සහ එදිනෙදා සාමාන්‍ය ජීවිතය පාලනය කරන වෙනත් ආකාරයන්ගේ නීති හෝ සමාජ සම්මතයන් අතර වෙනස පිලිබඳව අවධාරනය කළ ඉයුජින් එචර්ලිච්, තෙල්සන්ගේ උග‍්‍ර විවේචනයන්ට බඳුන්විය. 1900 දී පමණ මැක්ස් වෙබර් නීතිය වෙත වූ සිය විද්‍යාත්මක ප‍්‍රවේශය වන ‘නෛතික තාර්කික රූපාකාරය’ ආධිපත්‍යධාරී සම්මත නීතීන්ට මිස ජනතාවට ආරෝපනය කළ නොහැකි එකක් බව හඳුනාගන්නා ලදී. ධනවාදයේ වර්ධනයට සමාන්තරව වර්ධනය වූ නූතන දේශපාලන සංවර්ධනයන් හා නූතන නිලධාරිවාදී රාජ්‍යය සඳහා පූර්ව කොන්දේසියක් බවට පත්වූ සංගත, ගණනය කළහැකි නීතිය සඳහා ඔහු යොදාගත් යෙදුම වූයේ ‘නෛතික තාර්කිකත්වය’ යන්නයි. තවත් සමාජ විද්‍යාඥයකුවූ එමිල් ඩර්කයිම් සිය The Division of Labour in Society කෘතියේ දක්වන ලද්දේ සමාජය සංකීර්ණ බවට පත්වීමේදී අපරාධ නීතීන් හෝ දණ්ඩන තහනම් අභිබවමින් වරද නිවැරදි කිරීම සහ වන්දි ලබාදීම සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමුකළ සිවිල් නීතිය වර්ධනය වන බවයි. තවත් කැපීපෙනෙන මුල් කාලීන නීතිෙය් සමාජ විද්‍යාඥයින් අතර යුරෝපයේ හියුගෝ සින්ෂ්හයිමර්, තියඩෝර් ගයිගර්, ජෝර්ජ් ගර්විච් සහ ලියොන් පෙට‍්‍රාස්කි මෙන්ම එක්සත් ජනපදයේ විලියම් ග‍්‍රැහැම් සම්නර්ද වෙති.