නිරන්ජණි ශණ්මුගරාජා

විකිපීඩියා වෙතින්
නිරන්ජනී ශන්මුගරාජා
ගොනුව:78504321 10214854178204049 3461780169272852480 o.jpg
සුனாමි චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලදී
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාව
  • නිවේදිකාවක්
  • නිළියක්
සක්‍රීය වසර2012 - ව‍ර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේIni Avan
Komaali Kings
සම්මානHiru Golden Film Awards

නිරන්ජණී ශණ්මුගරාජා (දෙමළ: நிரஞ்ஜணி சண்முகராஜா), (ඉංග්‍රීසි: Niranjani Shanmugaraja) යනු ශ්‍රී ලංකාවේ සම්මානලාභී නිළියකි.[1][2] එමෙන් ම ඇය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් ලෙස ද කටයුතු කරයි.

වෘත්තීය[සංස්කරණය]

ප්‍රථමයෙන් ම 2009 වසරේ දී නිරන්ජනී ශන්මුගරාජා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් ලෙස තම ගමන ආරම්භ කරයි. ඒ අතරතුර ඇය Young Asiaහී සිංහල හා දමිළ භාෂාවලින් හඬකැවීම් ශිල්පිනියක් ලෙස ද කටයුතු කරයි. පසුව ඇය දකුණු පළාත් යොවුන් නාට්‍ය උළෙලේ වේදිකා නාට්‍යයක තම රංගන කුසලතා එළිදක්වා දකුණු පළාත් යොවුන් නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදාන උත්සවයේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තා ය.

ඇය සිනමා දිවියට පා තබන්නේ සම්මානලාභී චිත්‍රපටයක් වන දර්ශන් ධර්මරාජ් සහ සුබාශිනී බාලසුබ්‍රමනියම් රංගනයෙන් දායක වූ ඉනිඅවන් චිත්‍රපටයේ සහය නිළිය ලෙසයි.[3] ඇය එහි රංගනය වෙනුවෙන් 2014 වසරේ පැවතී Hiru Golden Film Award සම්මාන උළෙලේ දී හොඳම සහය නිළියට හිමි සම්මානය දිනාගත්තා ය.[4][5] පසුව ඇය විසින් Red Butterfly Dream චිත්‍රපටයේ රාජිණී චරිතයට පණ පොවන ලදි. අනතුරුව ඇය 2018 වසරේ තිරගත වූ කෝමාලි කිංග්ස් චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වූයේ ශ්‍රී ලංකා දමිළ සිනමාවේ නව සංධිස්ථානයකට හිමිකම් කියමිනි.[6] 2020 වසරේ දී සෝමරත්න දිසානායකයන් විසින් අධ්‍යක්ෂනය කරන ලද සුனாමි චිත්‍රපටය තුළ ඇය අති විශිෂ්ට රංගනයක යෙදුණා ය. එමෙන්ම ඇය විසින් රංගනයෙන් දායක වූ ගිරිවැසිපුර චිත්‍රපටය තිරගත වීමට නියමිත ය. එමෙන්ම ඇය විසින් රංගනයෙන් දායක වන සොප්න සුන්දරී චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙමින් පවතී.

චිත්‍රපට නාමාවලිය[සංස්කරණය]

වර්ශය චිත්‍රපටය චරිතය භාෂාව සටහන්
2012 ඉනිඅවන් දමිළ
2016 Red Butterfly Dream රාජිණි සිංහල
2018 කෝමාලි කිංග්ස් යෝගා දමිළ ප්‍රථමයෙන් ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වූ චිත්‍රපටය
2020 සුனாමි කල්‍යාණි සිංහල
TBD ගිරිවැසිපුර සිංහල
TBD සොප්න සුන්දරී දමිළ රූගත කිරීම් සිදුවෙමින් පවතී.

බාහිර සබැඳි[සංස්කරණය]

  1. AlloCine. "Niranjani Shanmugaraja". AlloCiné. සම්ප්‍රවේශය 2018-02-25.
  2. www.films.lk. "Niranjani Shanmugarajah - - films.lk - Sri Lanka Cinema". www.films.lk (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-02-25.
  3. Correspondent, VM Sathish with inputs from (2012-12-21). "Sri Lankan Tamil movie releases to rave reviews". Emirates 24|7 (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-02-25.
  4. 4.0 4.1 "Hiru golden film awards which took srilankan cinema to global stage concludes successfully massive response from public". Hiru News. 26 October 2014. සම්ප්‍රවේශය 26 February 2017.
  5. "'Ini-Avan' : To break barriers of cinema | The Sundaytimes Sri Lanka". www.sundaytimes.lk. සම්ප්‍රවේශය 2018-02-25.
  6. "Rebirth of Sri Lankan Tamil Cinema". The Sunday Times Sri Lanka. සම්ප්‍රවේශය 2018-02-25.
"https://si.wikipedia.org/w/index.php?title=නිරන්ජණි_ශණ්මුගරාජා&oldid=446583" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි