Jump to content

නියුට්‍රීනෝ දෝලනය

විකිපීඩියා වෙතින්

නියුට්‍රීනෝ දෝලනය යනු, විශේෂිත ලෙප්ටෝන වාසනයක් සහිතව තැනෙන නියුට්‍රීනෝවක් (ඉලෙක්ට්‍රෝනය, මියෝනය, හෝ ටෝ) පසුව මැන බැලූවිට, වෙනස් වාසනයක් සහිතව සිටීමේ ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාත්මක සංසිද්ධියකි. නියුට්‍රීනෝවක් සඳහා, කිසියම් විශේෂිත වාසනයක් මැන දැන ගැනීමට ඇති සම්භාව්‍යතාවය, එය අවකාශය ඔස්සේ ප්‍රචාරණය කෙරෙන විට, ආර්තවිකව විචලනය වෙයි.[1]

1957 වසරෙහිදී, බෲනෝ පොන්ටෙකෝර්වො විසින් පළමුව පුරෝකථනය කෙරුණු,[2] නියුට්‍රීනෝ දෝලන, එවක් පටන් විවිධ සන්දර්භයන් ඔස්සේ පැවති පරීක්ෂණ සමූහයක විෂය පාත්‍ර විය. දිගු-කලක්-පැවති සූර්ය නියුට්‍රීනෝ ගැටළුවට විසඳුමක් වශයෙන්ද එය ඉදිරිපත් කෙරිණි.

නියුට්‍රීනෝ දෝලනය මහත්වූ සෛද්ධාන්තික සහ පරීක්ෂණාත්මක සැලකිල්ලකට ලක් වූවක් වන්නේ, අංශු භෞතික විද්‍යාවෙහි මුල් සම්මත මාදිළියෙහි කොටසක් ලෙසින් ඇතුළත් නොවුනු, නියුට්‍රීනෝව සතුව ශුන්‍ය-නොවන ස්කන්ධයක් පවතින බව, මෙම සංසිද්ධිය නිරීක්ෂණයෙන් ව්‍යංගනය කරන බැවිනි.[1] සුපර්-කමියොකන්දේ නිරික්ෂණාගාරය තුලදී තකාකි කජිතා විසින් සහ සඩ්බරි නියුට්‍රීනෝ නිරීක්ෂණාගාරය තුලදී ආතර් මැක්ඩොනල්ඩ් විසින්, නියුට්‍රීනෝදෝලනය සොයාගැනීමත් එනයින් නියුට්‍රීනෝ සතුව ස්කන්ධයක් පවතින බව සොයාගැනීමත් වෙනුවෙන් 2015 භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ඔවුනට පිරිනැමිණි.[3]


මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b බාල්ගර්, වර්නන්; මාෆාටියා, ඩැනී; විස්නන්ට්, කෙරී ලුවිස් (2012). ද ෆිසික්ස් ඔෆ් නියුට්‍රීනෝස්. ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 0-691-12853-7.
  2. ^ බී. පොන්ටෙකෝර්වො (1957). "මෙසෝනියම් ඇන්ඩ් ඇන්ටි-මෙසෝනියම්". Zh. Eksp. Teor. Fiz. 33: 549–551. සහ Sov. Phys. JETP. 6: 429. 1957. {{cite journal}}: Missing or empty |title= (help) යන්නෙහි පිටපත් කොට පරිවර්තනය කෙරුනු සහ බී. පොන්ටෙකෝර්වො (1967). "නියුට්‍රීනෝ එක්ස්පෙරිමන්ට්ස් ඇන්ඩ් ද ප්‍රොබ්ලම් ඔෆ් කන්සර්වේෂන් ඔෆ් ලෙප්ටනික් චාජ්". Zh. Eksp. Teor. Fiz. 53: 1717. යන්නෙහි පිටපත් කොට පරිවර්තනය කෙරුනු පොන්ටෙකෝර්වො, බී. (1968). "නියුට්‍රීනෝ එක්ස්පෙරිමන්ට්ස් ඇන්ඩ් ද ප්‍රොබ්ලම් ඔෆ් කන්සර්වේෂන් ඔෆ් ලෙප්ටනික් චාජ්". Sov. Phys. JETP. 26: 984. Bibcode:1968JETP...26..984P.
  3. ^ වෙබ්, ජොනතන් (6 ඔක්තොම්බර් 2015). "නියුට්‍රීනෝ 'ෆ්ලිප්' වින්ස් ෆිසික්ස් නොබෙල් ප්‍රයිස්". බීබීසී නිවුස්. සම්ප්‍රවේශය 6 ඔක්තොම්බර් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=නියුට්‍රීනෝ_දෝලනය&oldid=346501" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි