අංශු භෞතික විද්‍යාව
Jump to navigation
Jump to search
සාමාන්‍යයෙන් පදාර්ථය හෝ විකිරණය ලෙසින් හැඳින්වෙන දේවල්හී සංරචකයන් වන අංශූන්හී පැවැත්ම හා ඒවා අතර අන්තර්ක්‍රියාවන් පිළිබඳ අධ්‍යයනය සිදු කෙරෙන භෞතික විද්‍යාවේ ශාඛාව අංශු භෞතික විද්‍යාව ලෙසින් හැඳින්වේ. වර්තමාන අවබෝධය අනුව, අංශූන් යනු ක්වොන්ටම් ක්ෂේත්‍රයන්හී සැකෙබුම් වන අතර ඒවායේ ගතිකයන් ප්‍රකාර එකිනෙක අතර අන්තර්ක්‍රියා ඇති කර ගනිති. මෙම අධ්‍යයන සරියෙහි බෙහෙවින් අභිමත අධ්‍යයනරුචියන් වන්නේ මූලික ක්ෂේත්‍රයන් පිළිබඳව වන අතර, එයින් ගම්‍ය වන්නේ අනෙකුත් ක්ෂේත්‍රයන්ගේ පර්යන්ත අවස්ථා ලෙසින් විස්තර කළ නොහැකි බවෙකි.