Jump to content

නිදහස් දිනය (පකිස්තානය)

විකිපීඩියා වෙතින්
(නිදහස් දිනය (පාකිස්ථානය) වෙතින් යළි-යොමු කරන ලදි)
පකිස්තානයේ නිදහස් දිනය
ඉස්ලමබාදයේ පකිස්තාන ස්මාරකය මුදුනෙහි පකිස්තානයේ ධජය ඔසවා ඇති අයුරු.
නිල නාමයපකිස්තානයේ නිදහස් දිනය
වෙනත් නම්යෝම්-ඊ-අසාඩී
සමරනු ලබන්නේ පකිස්තානය
වර්ගයජාතික නිවාඩු දිනය
සැමරුම්ධජය එසවීම්, ආචාර පෙළපාලි, ත්‍යාග ප්‍රදාන උත්සව, දේශානුරාගී ගී සහ සහ ජාතික ගීය ගැයීම , ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් කතා පැවැත්වීම, විනෝදාංශ සහ සංස්කෘතික වැඩසටහන්
දිනයඅගෝස්තු 14

වාර්ෂිකව අගෝස්තු 14 දින පැවැත්වෙන නිදහස් දිනය (උර්දු: یوم آزادی‎; යෝම්-ඊ-අසාඩී) යනු, පකිස්තානයෙහි ජාතික නිවාඩු දිනයකි. 1947 දී බ්‍රිතාන්‍ය රාජ් පාලන තන්ත්‍රයෙහි අවසානයත් සමගම, පකිස්තානය නිදහස අත්පත් කරගෙන ස්වෛරී රාජ්‍යයක් ලෙසින් ප්‍රකාශයට පත්කිරීම මෙදින සමරනු ලැබේ. බෙදා වෙන් කිරීම තුලින් දකුණු ආසියාවෙහි වයඹ ප්‍රදේශයන්හී නිදහස් මුස්ලිම් රාජ්‍යයක් ස්ථාපිත කිරීමෙහි අරමුණ සහිතව පැන නැගුණු පකිස්තානු නිදහස් ව්‍යාපාරය හේතුවෙන් පකිස්තානය බිහි විය. මෙම ව්‍යපාරයට නායකත්වය සැපයුවේ මොහොමඩ් අලි ජින්නාගේ මෙහෙයවීම යටතේ වූ සමස්ත-ඉන්දියා මුස්ලිම් ලීගය විසිනි. ඉන්දියානු නිදහස් පණත 1947 ක්‍රියාත්මක වූ විට, බටහිර පකිස්තානය (වර්තමාන පකිස්තානය) සහ නැගෙනහිර පකිස්තානය (වර්තමාන බංග්ලාදේශය) වෙතින් සමන්විතවූ පකිස්තානු ඩොමීනියන් රාජ්‍යය වෙත බ්‍රිතාන්‍ය රාජ් පාලනය විසින් නිදහස ප්‍රදානය කෙරිණි. 1947 වර්ෂයෙහි ඉස්ලාමීය දින දර්ශනයෙහි නිදහස ලැබුණු දිනය, රාමදාන් මාසයෙහි 27 දිනය වූ අතර, මුස්ලිම්වරුන් විසින් ශුද්ධවූ ලෙසින් සැලකෙන ලෙයිලට් උල්-කඩ්ර් ඇරඹීම එදින සිදු විය.