නිට්‌ටෑවෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ලංකා දූපතහි අතීතයේ ජීවත්ව වඳවීගිය මානව වරිගයකි.[1][2][3]

නිට්ටෑවන් හෙවත් නිත්තෑවන් නමින් හදුන්වනු ලබන්නේ අතීතයේ ශ්‍රී ලංකාවේ වාසය කළ ගෝත්‍රික කණ්ඩායමකි.ඔවුන් මේ වනවිට සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් සමුගෙන හමාරය.ඔවුන් 19 වන සියවස දක්වා ලංකාවේ වාසය කර ඇතිබව ජනප්‍රවාදයන්ට අනුව අපට නිගමනය කල හැක.ඔවුන් මුල් කාලයේ වැද්දන් සමග ජීවත් වී ඇතැයි සැළකේ.කෙසේ නමුත් මොවුන් ගේ විනාශයට වග කිව යුත්තේ ද වැද්දන් බව මූලාශ මගින් පැහැදිළිවෙයි මෙයට හේතුව මොවුන් මිනීමස් කෑමට ගිජුකමක් දැක්වීමයි මොවුන් ගේ ග්‍රහනයට ලක් වූයේ ඔවුන් සමග වනාන්තරයේ එකට දිවි ගෙවූ වැද්දන්ය.වැද්දකු තනිව සිටිනු දුටු විගසින් මොවුන් ඔහු මතට කඩා පැන ඔවුන්ගේ තියුනු නිය මගින් අතුරු බහන් ඇද දමා මරා මස් කෑහ.තවද නිට්ටෑවන් විසින් වැද්දන් දඩයම් කර වේලන්නට දමා ඇති දඩමස් ආදී ආහාරද සොරා ගත්හ.මේ ආකාරයට වැද්දන්ට මොවුන්ගෙන් වූ අපමණ කෙනෙහිලි කම් හමුවේ වැද්දන් හා නිට්ටෑවන් අතර වෙෙරයක් ඇතිවීම පුදුමයට කරුණක් නොවේ.මෙම නිසා වැද්දන් විසින් නිට්ටෑවන් ගල් ගුහාවකට පන්නා දමා ගිනීලෑ බව මූලාශ්‍රවල දැක්වේ.නිත්තෑවෙල නිට්ටඹුව ආදී මේහා බැඳුනු ග්‍රාම නාමයන් මගින් නිට්ටටෑවන් පිළිබද පුරාවෘත්ත වලට වාග් විද්‍යාත්මක සාක්ෂි ගෙනහැර දක්වයි.බොහෝ දෙනා නිට්ටෑවන් පිළිබද සංකල්පය හුදු මිත්‍යාවක් ලෙස ගෙනහැර දැක්වුවද මෙම අදහස එකහෙලා බැහැර කල නොහැකි කරුනක් බව ඇතමුන් තර්ක කරයි.

නිරුක්තිය[සංස්කරණය]

නිට්ටැවන්ට මෙම නම භාවිතා කිරීමට හේතුව ද නිට්ටෑවන් සතු තියුණු නියපොතු බව විස්වාස කල හැක නිය+ඈයෝ නිට්ටෑවෝ වූ බව සඳහන් වෙයි.තවත් මතයක් අනුව ඉන්දියාවේ වාසය කරන නිෂාධ නමින් හඳුන්වන ඉතා වනචාරී කෘෘර හා මේච්ඡ ගෝත්‍රිකයන් මොවුන්ට නෑකම් කියන බවයි.මානව විද්‍යාඥ හියූ නෙවිල් නිට්ටෑවන් ගේ හා නිෂාධ ගෝත්‍රිකයන්ගේ සමානකම් පෙන්වාදී ඇත.

බාහිර පෙනුම[සංස්කරණය]

නිට්ටෑවන්ගේ ස්වරූපය මානව ස්වරූපයට වඩා අර්ධ මානව ස්වරූපයක් ගන්නා ලදබව සදහන් කෙරේ.ඇතැම් මූලාශ්‍ර අනුව මොවුන් මානව ස්වරූපයට වඩා වානර ලක්ෂණ පෙන්නුම් කරන අතීත පාෂාණ යුගයට අයත් වානර මානවයන් සිහිගන්වයි.ඇතැම් විට මානව ස්වරූපයට වඩා වානර යෙකුද එසේත් නැතිනම් වලස් පවුලට අයත් සත්ව විශේෂයක්ද යන්න පැහැදිළි නැත.කෙසේ වෙතත් පොදුවේ මේ සියල්ල සළකා බැලූ කළ නිට්ටෑවන් ගේ ශාරීරික ලක්ෂණ මෙසේ ගෙනහැර දැක්විය හැක.මොවුන් ගේ හිස මානව ස්වරූපයට වඩා අතීත අර්ධ මානවයෙකුග් ස්වරූපය ගත්හ.ශරීරය පුරා ඝණව වැඩුණු ලොම් පිහිටියහ.මොවුන් මිනිසුන් මෙන් ඍජුකාය විලාසය දැරූ අතර කොන්ද කෙලින් තබාගෙන ඍජුව ගමන් කළහ.මොවුන් අඩි 3 පමණ උසකින් යුක්තවූ අතර පිරිමි නිට්ටෑවන්ට වඩා ගැහුණු නිට්ටෑවන් උසින් අඩුවිය.

හැසිරීම[සංස්කරණය]

නිට්කටෑවන් කුඩා කණ්ඩායම් වශයෙයන් ගැවසුන අතර සෑම කණ්ඩායමකම නායකයෙකු බැගින් සිට ඇත.වැඩිහිටි නිට්ටෑවන් කුඩාවුන් උරයේ හෝ උකුලේ රදවාගෙන ගමන් කළහ.මොවුන්ගේ බස සිංහල දෙමළ හෝ වැදි බසට නොව තෙළිගු බසට සමාන වූහ.මොවුන් ආයුධ භාවිතයක් හෝ නොදත් අතර තම තියුණු නිය දඩයම් සදහා එකම ආයුධය කර ගත්හ ගල්ගුහා ගස්බෙන ආදිය මොවුන්ගේ වාසස්තාක විය.ඇතැම් විට මොවුන් ගස්උඩ මැසි තනා කොල අතුවලින් සෙවිලි කරගත් පැලක විසීය.මීමින්නන් හාවුන් තලගොයින් ඉබ්බන් ආදිය මොවුන් ප්‍රධාන වශයෙන් දඩයම් කළහ කිඹුලන් ඉබ්බන් හා කකුළුවන්ද ආහාරයට ගෙන ඇත.මීට අමතරව මිනීමස් බුදීමට නිත්තෑවන් වැඩි කැමැත්තක් දක්වා ඇත.මිනිසකු තනිව සිටිනු දුටු විගසින් සැගවීසිට එකවර මිනිසා මතට කඩාපැන තියුනු නියවලින් ඇන උදරය පලා අතුරුබහන් ඇද අමුවෙන්ම මස් ආහාරයට ගෙන ඇත.මොවුන් මස් අමුවෙන් ආහාරයට ගෙන ඇති අතර ගින්දර නිපදවීමට පවා නොදත්බව පැවසේ.මොවුන් වාසය කර ඇති භූමි ප්‍රදේශ ලෙස ලේනම තමන්කඩුව පොම්පරිප්පු තන්තිරිමලේ ආදිය දැක්විය හැකිය.

ඇඳුම්[සංස්කරණය]

නිට්ටෑවන් කිසිම අැඳුම් භාවිතයක් සිදුකර නොමැති අතර සම්පූර්ණයෙන්ම නග්නව විසීය.

මානව විද්‍යාත්මක ගවේෂණ[සංස්කරණය]

නිට්ටෑවන් පිළිබද ගවේශනය කර අදහස් දක්වූ විද්වතුන් කිහිපයක් වෙයි ඒ අතර බ්‍රිතාන්‍ය ජාතික ගවේශක හියූ නවෙිල් මානව විද්‍යාඥ මහාචාර්‍ය විලියම් චාල්ස් ඕස්මාන් හිල්ස් කපිතාන් ඒ ටී රඹුක්වැල්ල ආචාර්‍ය ආර් එල් ස්පිට්ල් මානව විද්‍යාඥ නන්දදේව විජේසේකර ආදී වියතුන් ප්‍රධානය.


බ්‍රිතාන්‍ය ජාතික හියූ නෙවිල්ට අනුව නිට්ටෑවන් ඉන්දියාවේ කොචින් ප්‍රදේශයේ වසන "නියාදි"(නිෂාධ) ලෙසින් හඳුන්වන වනචාරී ගති ඇති, ඉතා අපිරිසිදු, වානරයින් මෙන් පෙනෙන මිනිස් කොට්ටාසයට නැදෑකම් දක්වයි. මානව විද්‍යාඥ විලියම් චාල්ස් ඔස්මන්-හිල්ස්ට අනුව නිට්ටෑවන් පිතෙකැන්ත්‍රොපස් ඉරෙක්ටස් මානවයා ලෙස හැඳින්වුනු, අද හෝමෝ ඉරෙක්ටස් ලෙස නම් තබා ඇති මානවයා ගෙන් පැවතුනු ප්‍රාග්-ආදි මානව කොටසක් විය යුතුය.මහාවාර්‍ය ඔස්මාන් හිල් ප්‍රකාශකර ඇති ආකාරයට නිට්ටෑවන් සමූල ඝාතනය කර ඇත්තේ 1675 දීය.කපිතාන් ඒ.ටී රඹුක්වැල්ල‍ මහතාට අනුව නිට්ටෑවන් ඔස්ට්‍රලෝපිතකස් නම් අතිශය පෞරාණික දෙපයින් ඇවිදින මානවරූපී වානර ගෝත්‍රවලින් වඳ නොවී ලංකාවේ ශේෂවූ මානව ගෝත්‍රයකි.ඔස්ට්‍රලෝපිතකස් නම් අර්ධ මානවයා පශ්චාත් ප්ලයිටොසීන යුගයේ ජීවත්වී ඇත.මොවුන් අප්‍රිකාව හා අාසියාව පුරා ව්‍යාප්තව පැවති අතර පසුව ලංකාව හා ඉන්දියාව වෙන්වීමත් සමග ඔවුන් ලංකාද්වීපයේ කොටුවිය.මහ ලේනම නිට්ටෑවන් විසුවේ යැයි සැලකෙන ප්‍රදේශයක සිදුකල කැනීමකදී 1963 දී රඹුක්වැල්ල මහතාට එහි තිබී ඇටසැකිල්ලක් ගොළුබෙලි කටු ඉබිකටු හමුවී ඇත.ජනප්‍රවාද අනුව නිට්ටෑවන් ගොළුබෙල්ලන් හා ඉබ්බන් ආහාරයට ගෙන ඇත. නන්දදේව විජේසේකරයින් පවසන්නේ නිට්ටෑවුන් යනු ජාවා, සුමාත්‍රා, අන්දමන් දූපත්, පැපුවා නිව්ගිනියා ආදී ආසියාතික දූපත් රටවල්වල තවමත් ජීවත්වන, පුරාතන ලංකාවේද ජීවත්වන්නට ඇති අප්‍රිකානූ නීග්‍රෝ මිනිසුන් ගෝත්‍රයක් බවයි.ආර්.එල් ස්පිට්ල් මහතාගේ wild ceylonˌfor of thing යන ග්‍රන්තවල නිට්ටටෑවන් පිළිබද විස්තර කරයි.ඔහු පවසන පරිදි නිට්ටෑවන් යනු මානව ගෝත්‍රයක් හෝ අර්ධ මානවයෙකු හෝ නොව අසියාවේ වාසයකර ඇතැයි සැළකෙන රාහු වළසා නමින් හදුන්වන වලස් විශේෂයක් බවයි.මෙම වලසාට දෙපයින් යාමේ හැකියාව තිබී ඇත.මිනිසුන් මෙම වලසාට රැවටී ඇතැයි ස්පිට්ල් පවසයි.

මේ අතර මෑතකදී සිදුකල කැනීම් වලින් ශාන්තිකර සාගර ආශ්‍රිත දූපත් වලින් හා පිලිපීනයෙන් හමුවූ අස්ථි කොටස්වලට අනුව අඩි 3 පමණ උසින් යුතු ශරීර ස්කන්ධයෙන් කිලෝ ග්‍රෑම් 32-40 අතරවූ මානව අස්ථි හමුවී ඇත.මොවුන් මීට වසර 900 කට පමණ පෙර මිහිමත ජීවත්ව ඇතිබව සනාථවී ඇත.ඒ අනුව නිට්ටෑවන් පිළිබද ජනප්‍රවාද හුදු මිත්‍යාවක් ලෙස සිතා ඉවත්කර දැමිය නොහැකිබව මානව විද්‍යාඥයන්ගේ අදහසයි.

නිට්ටෑවන් වදකල පුවත


ඔබත් මමත් උපන් මේ හෙළබිම මානව විද්‍යා කෞතුකාගාරයක්.ඒ පාරාදීසයේ ඉදලා, ඒ අද අපි අතර නැති අපූරු මානව විශේෂයක් තමයි නිත්තෑවෝ.නිට්ටඹුව, නැට්ටෑවල, වගේ ගම්වලට මේ නම ලැබුනේ නිට්ටෑවෝ නිසයි කියලයි පැරැන්නන්ගේ මතය.1887 හියු නෙවිල් නැමැත්තා මේ නිට්ටෑවෝ ගැන විස්තරයක් කරනවා. මේ නිත්තෑවෝ කියන්නේ මානව පරිනාමයේ එක් පුරුකක් කියලයි ඔහුගේ මතය. නියැන්ඩතාල් මානවයාගේ ඉතිරිවුණ ශේෂයක් කියලයි සැක කරන්නේ.මේ නිත්තෑවන් ශාක ආහාර වගේම මාංසමය ආහාර වලටත් දක්වලා තියෙන්නේ දැඩි කැමැත්තක්. මොවුන් වැද්දන් විසින් වේලෙන්නට දමා තිබු දඩ මස් සොරාගෙන යන බවයි කියැවෙන්නේ. ඒ විතරක් නොවෙයි. නිත්තෑවන්ගේ මණ්ඩියට වැරදීමකින් හෝ ඇතුල්වන වැද්දෙක්ව රංචු පිටින් කඩාවදින නිට්ටෑයන් විසින් දිගු නිය වලින් පහරදි මරා දමන බවයි කියවෙන්නේ. මේ නිසා වැද්දන් නිත්තෑවන් කෙරෙහි මහත් වෛරයකින් පසුව ඇත.

ඉංග්‍රීසි අධිරාජ්‍යය යුගයේදී ‘ෆඩ්රික් ලුවී‘ නැමැත්තා විසින්  නැගෙනහිර පළාතේ සිඹලාණ්ඩුවට මන්දන්ගල ආශ්‍රිත ‘‘ලේනව ලෙන් ආසුරේ විසූ නිත්තෑවන් වැද්දන් විසින් විනාස කිරීමේ පුවතක් වාර්තා කරයි. මෙහිදී ඔහු හා කතාවට වන් කයිරා හා දිස්නේ හාමි නම් වැද්දන් දෙදෙනා විසින් නිට්ටෑවන් ලේනව ප්‍රෙද්ශයෙන් තුරන් කල පුවත සදහන් කරනවා.

වැහි කාලයට නිත්තෑවන් ගල්ගුහාවකට රැස්වීමේ පුරුද්දක් පැවතියේලු. මෙහිදී වැද්දන් විසින් ලේනව ගල්ගුහාවට කොටුකරගත් නිතතෑවන්ව නැවත පිටතට එන්නට ඉඩක් නොමැති පරිදි දාහක ද්‍රව්‍ය වලින් අහුරා ගිනිතබා ඇත. මෙයින් ලේනව නිත්තෑවන් විනාශවිය.

කොළොම්තොට ජාතික කෞතුකාගාරයේ නිත්තෑවන් විසින් පාවිච්චි කල සිගිනි ප්‍රාථමික ගල් ආයුද ප්‍රධර්ශනයට තබා තිබෙනවා. අපි අපේ ජාතික වානාන්තර ටික වත් රැකගත යුත්තේ මිනිස් ඇසට නොගැටී, මෙවැනි මානව කොට්ඨාස මේ හෙළ මානව පාරාදීසයේ තවමත් විසිය හැකි බැවින.

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ආදි මිනිසාගේ සෙල් කලාව ලිහිණියාගල ලෙන". සිළුමිණ 2009/09/15. Archived from the original on 2019-01-28. Retrieved 2019-01-28.
  2. "නිට්ටෑවෝ - ලංකාවේ ජීවත්ව සිට 17වැනි සියවසේ වඳවී ගිය අර්ධමානව ගෝත්‍රය ගැන දන්නවාද?". Retrieved 2019-01-28.
  3. "නිත්තෑවෝ කවරහු ද?". Retrieved 2019-01-28.

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නිට්‌ටෑවෝ&oldid=439216" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි