Jump to content

නිකලස් ඩයස් අබේසිංහ

විකිපීඩියා වෙතින්
නිකලස් ඩයස් අබේසිංහ අමරසේකර
උපත8 මැයි 1719
මරණය10 මැයි 1794
අධ්‍යාපනයලන්දේසි රෙපරමාදු සභාව
වෘත්තියයටත්විජිත පරිපාලක
Titleමහා මුදලි
Spouse(s)දෝන ක්ලාරා ගුණරත්න ආර්යාව
ආඩ්රියානා ගර්ටෲඩා ඉලංගකෝන් ආර්යාව
දරුවන්දොන් බැල්තසාර් ඩයස් අබේසිංහ අමරසේකර
ජොහැන්නස් වෙල්හෙල්මුස් ඩයස් අබේසිංහ අමරසේකර
ඒබ්‍රහම් ඩයස් අබේසිංහ අමරසේකර
දෝන ඇනා හර්ට්‍රොයිඩා ඩයස් අමරසේකර


මහා මුදලි නිකලස් ඩයස් අබේසිංහ අමරසේකර (8 මැයි 1719 - 10 මැයි 1794) යනු ලාංකික ලන්දේසි යටත්විජිත පරිපාලකවරයෙකි. [1] ලන්දේසි ලංකාවේ මහා මුදලි ලෙසින් ඔහු පත් කෙරුණු අතර එබැවින් රටෙහි මහත් බලවත් පුද්ගලයන් අතරින් එක් අයෙකු විය. [2]

ආණ්ඩුකාර යං ෂෲඩර් වෙතින් 1768 වසරෙහිදී ඔහු මුදලි පදක්කම ලැබූ අතර ඉන්පසුව 1785 මැයි 31 දිනදී ආණ්ඩුකාර වොන් ඩි ග්‍රාෆ් වෙතින් මහා මුදලි රන් පදක්කම ලැබුවේ,[3] ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගම වෙත ඔහුගේ ලැදියාව පිළිගැනුමක් සහ එයට ත්‍යාගයක් වශයෙනි. එම යුගයෙහි උඩරට රජ විසින් ඔහු වෙත මාල පදක්කමක් ද පිරිනැමුණු බව කියති.

පවුල සහ නිවහන්

[සංස්කරණය]

1719 වසරෙහිදී නිකලස් ඩයස් අබේසිංහ උපන්නේ, ගාල්ලෙහි මුහන්දිරම් දොන් ජොආන් ඩයස් අබේසිංහ සහ දෝන ගිමාරා ද සිල්වා ට දාවය.

ආශ්‍රිත

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=නිකලස්_ඩයස්_අබේසිංහ&oldid=592415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි