Jump to content

නැවත වන වගා සදහා අැති විවේචන

විකිපීඩියා වෙතින්


ස්වභාවික නැවත වගා වන වනාන්තරවලට සාපේක්ෂව වතු වගාව වයස් දර්ශීයව සම වයස්වල වගා වුණු ඒක ජීවී වගාවකි. මූලිකව දැව ලබා ගැනීම සඳහාය.

· වතු වගා සෑම විටම ඒක ජීවී වගාවන්ය. එනම් එකම විශේෂයකට අයත් ගස් තෝරා ගත් බිමක් පුරා සිටු වීමයි. නමුත් ස්වභාවික වනාන්තර සමන්විත වනුයේ බොහෝ විවිධ වූ පරාසයක පවතින ශාක විශේෂයන්ය.
· වතු වගාවල ගස් විශේෂ කීපයක් තිබිය හැකි නමුත් ඒවා එම බිමෙහි ස්වභාවිකව ඇති වු ඒවා නොවිය හැක. ඒවාට කෘත්‍රීම වර්ග එනම් දෙමුහුම් සහ ජානමය වශයෙන් වැඩි දියුණු කළ විශේෂ අයත් විය හැක. මක් නිසාද යත් මූලිකවම වතු වගාවල අරමුණ දැව හෝ කල්ක නිපදවා ගැනීමයි. වතු වගාවල හමුවන ගස් වර්ග කර්මාන්ත උපයෝගීතා සඳහා වඩාත් හොඳින් ගැලපේ. උදාහරණයක් ලෙස Pine, Spruce සහ eucalypts ඒවායේ ස්වභාවික පරාසයට වඩා බහුලව වගා කරනුයේ ඒවායේ සීග්‍ර වගා වේගය, දුර්වල නැත්නම් පහත වැටුණු කෘෂි බිමට ඔරොත්තු දිය හැකි සහ විශාල ධාරිතාවයකින් කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය නිපදවීමට ඇති හැකියාව නිසයි.
· පරිසර විද්‍යාත්මක වචනයෙන් සැලකූ විට වතු වගාවන් යොවුන් වනාන්තරයි. දර්ශීයව වතු වගාවල වගා කරන ලද ගස් වසර 10-60 අතර කාලයක දී නෙලා ගැනේ. කලාතුරකින් වසර 120ක් දක්වාය. එහි අරුත වතු වගාවලින් ඇති වූ වනාන්තරවල වර්ධන විලාසය, පස හෝ වන ජිවීන් දර්ශීය ස්වභාවික වනාන්තර පරිසර පද්ධතියක මෙන් නොමැත යන්නයි. දිරා පත් වෙමින් පවතින මැරුණු දැව, ස්වභාවික වනාන්තර පරිසර පද්ධතීන්වල අත්‍යාවශ්‍ය සංඝටක නොමැති වීම වඩාත් ප්‍රත්‍යක්ෂයි.

1970 වසරවල දී බ්‍රසීලය ඵලදාව වැඩි, පරිශ්‍රමයකින් පාලනය කෙටි භ්‍රමණයන් සහිත වන වගාවන් ආරම්භ කරන ලදී. මෙවැනි වතු වගාවන් ඇතැම්විට වේගවත්ව දැව ලැබෙන වතු හෝ fiber farms ලෙස හඳුන්වයි. නිතරම කෙටි භ්‍රමණයන් පදනම් කරගෙන පාලනය වේ. අවු - 5-10 ලෙස හැකි තරම් කුඩා කාලයකි. ඒවා දකුණු ඇමරිකාව, ආසියාව සහ අනෙකුත් ප්‍රදේශ පුළුල් ලෙස පැතිර යමින් පවතී. මෙම වතු වගාවලින් ඇති වන පාරිසරික හා සමාජමය බලපෑම් වාදය කළ හැකි තත්වයට පත්ව ඇත. උදාහරණයක් ලෙස ඉන්දුනීසියාවේ විශාල බහුජාතික කල්ක නිපදවවන සමාගම් ස්වභාවික වනාන්තරයකින් විශාල ප්‍රදේශයක් නැවත වගා වීම කෙරෙහි නොසලකා නෙලාගෙන තිබේ. 1980 සිට 2000 වන විට ඉන්දුනීසියාවේ කල්ක දැව වතු වගා හෙක්ටයාර මිලියන 1.4කින් 50%ක් පමණ ස්ථාපිත කර තිබෙනුයේ පෙර පැවති ස්වභාවික වන බිමක් ලෙසය. ස්වභාවික වනාන්තර වතු වගාවන්වලින් ආදේශ වීම සමාජීය ප්‍රශ්න ඇති වීමටත් හේතු වේ. ඇතැම් රටවල්වල විශේෂයෙන් ඉන්දුනීසියාවේ ස්වභාවික වනාන්තර වල මාරුවීම කරනුයේ දේශීය පුද්ගලයන් සඳහා සාධාරණකම් ගැන සුළු තැකීමකිනි. වතු වගාවන් හුදෙක්ම පිහිටුවා ඇත්තේ කෙඳි නිපදවීම සඳහා වන අතර ඒවායින් මූලික ස්වභාවික වනාන්තරවලින් දේශීය පුද්ගලයන්ට සැලසෙන සේවාවන්ට වඩා පටු පරාසයකින් සේවා සැලසේ. මෙම හානිය අවම කිරීම සඳහා ඉන්දියාව සොයාගෙන තිබෙන්නේ එක් පුද්ගලයෙකුට අයත් වන භූමි ප්‍රමාණය සීමා කිරීමෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා වතු වගාවන් හිමි දේශීය ගොවීන් දැව විශාල සමාගම්වලට විකුණති. ඇතැම් විශාල පරිසර සංවිධාන මෙම වැඩි අස්වැන්නක් ලැබෙන වතු වගා සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන අතර වතු වගා විරෝධී විරෝධතා දියත් කරයි. විශේෂයෙන් Rain forest Action Network වැසි වනාන්තර ක්‍රියාකාරී ජාලය සහ Greenpeace.




http://en.wikipedia.org/wiki/Plantation#Criticism_of_industrial_plantations