නැදුන්ගමුව රාජා

විකිපීඩියා වෙතින්
නැදුන්ගමුව රාජා හස්තියා
Speciesඉන්දියානු ඇතා
Sexපුරුෂ
Born1953 පමණ
මයිසූර් ප්‍රාන්තය, ඉන්දියාව
Died2022 මාර්තු 7
Years active2005-2022
Notable roleඇසළ මංගල්‍යයෙහි ප්‍රධාන කරඬුව වැඩමවා යන්නා
Ownerහර්ෂ ධර්මවිජය
Heightඅඩි 11.5

නැදුන්ගමුව රාජා යනු ශ්‍රි ලංකාවෙහි මහනුවර පැවැත්වෙන ඇසල මංගල්‍යයෝත්සවයෙහිදී ප්‍රධාන කරඬුව වර්තමානයෙහිදී වැඩමවාගෙන යන්නාවූ සහ 1953 වසරෙහිදී පමණ මයිසූරයෙහි උපන් ඉන්දියානු දළ ඇතෙකි. රාජා යනු, ඔහුගේ ඥාතියෙකුගේ නිදන්ගත ව්‍යාධියක් සුව කිරීම වෙනුවෙන් ප්‍රතිගුණ සැලකීමක් ලෙසින් , පිළියන්දල නීලම්මහර පන්සලෙහි වාසීව සිටි දේශීය වෙදැදුරු ස්වාමීන්වහන්සේට මයිසූර් මහරාජා විසින් ත්‍යාග කොට පූජා කෙරුණු ඇත් පැටවුන් දෙදෙනාගෙන් එක් පැටවෙකු වන අතර, අනෙකා වන්නේ දැනට මියැදී ඇති ගංගාරාමයෙහි නවම් රාජා වෙයි. 1978 වසරෙහිදී, එකල පසිඳු ආයුර්වේද වෙදැදුරෙකු වූ නැදුන්ගමුව ප්‍රදේශයෙහි ධර්මවිජය වෙද රාළහාමි (වර්තමාන හිමිකරු හර්ෂ ධර්මවිජය මහතාගේ පියා) විසින්, දෙවන හිමිකරු (හොරණ ප්‍රදේශයෙහි පුද්ගලයෙකු) වෙතින් ඇතා මිලදී ගන්නා ලද අතර එතැන් පටන් ජීවත්වූ ගමවූ නැදුන්ගමුව අනුව යමින් ඌ නම් කෙරිණි.2022/3/7 දින නැදුන්ගමුව රාජා  මියගියේය.තවද මිය යන විට 12 වතාවක් කරඬුව වඩමවා ඇති මෙම හස්තිරාජයා වසර 17ක් පුරාවට මහනුවර ඇසල පෙරහැරටසම්බන්ධ වී ඇත.

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නැදුන්ගමුව_රාජා&oldid=583884" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි