නැගෙනහිර වූ

විකිපීඩියා වෙතින්
වු
222–280[1]
වු දේශය (ලා කොළ පැහැයට හුරු අළු පැහැයෙන්), ක්‍රි.ව. 262 දී.
වු දේශය (ලා කොළ පැහැයට හුරු අළු පැහැයෙන්), ක්‍රි.ව. 262 දී.
තත්ත්වයඅධිරාජ්‍යය
අගනුවරවුචාං
(222–229, 265–266)
ජියාන්යේ
(229–265, 266–280)
පොදු භාෂා(ව)චීන
ආගම
තාඕ ආගම, කොන්ෆියුසියානුවාදය, චීන ජන ආගම
රජයරාජාණ්ඩුව
රජ (222–229)
අධිරාජ (229–280)
 
• 222–252
සුන් චුවාන්
• 252–258
සුන් ලියාං
• 258–264
සුන් ෂියු
• 264–280
සුන් හාඕ
Historical eraතුන් රාජධානි
• චාඕ වෙයි වෙතින් නිදහස ලබාගැනීම
222
• සුන් චුවාන් තමන් අධිරාජයා බව ප්‍රකාශයට පත්කිරීම
229
31 මැයි 280[1]
ජනගහණය
• 238[2]
2,567,000 (මතභේදාත්මක)
• 280[2]
2,535,000 (මතභේදාත්මක)
ව්‍යවහාර මුදලචීන කාසි, චීන මුදල්
Preceded by
Succeeded by
චාඕ වෙයි
බටහිර ජින් රාජවංශය
වර්තමානයේ මෙය අයත් වන්නේචීනය
වියට්නාමය
ටැනර් (2009) ඇස්තමේන්තු කරන්නේ වු ජනගහනය හන් ජනගහනයෙන් සයෙන් එකක් පමණ වූ බවයි.[3] මෙය 238 සහ 280 දී සඳහන් වන සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගත හැක. එයට පුරාතන චීනයේ භාවිතා වූ ජන සංගණන ක්‍රමයන් හි වෙනස්කම් හේතු වන්නට ඇත.[4]
නැගෙනහිර වූ
Traditional Chinese東吳
Simplified Chinese东吴
Hanyu PinyinDōng Wú
Sun Wu
Traditional Chinese孫吳
Simplified Chinese孙吴
Hanyu PinyinSūn Wú

වු (222–280), හෙවත් බහුලව දොං වු (නැගෙනහිර වු) නැතහොත් සුන් වු, යනුවෙන් හැඳින්වෙන්නේ තුන් රාජධානි යුගයේ (220-280) දී චීනය පුරා සිය අණසක පැතිරවූ ප්‍රධාන රාජ්‍ය ත්‍රිත්වයෙන් එකකි. මෙය 220-222 අතර කාලයේ දී එහි සතුරු රාජ්‍යය වූ චාඕ වෙයි හි නාමික යටත් රාජ්‍යයක් ලෙස පැවතිණි. නමුත් 222 දී එය ස්වෛරී රාජ්‍යයක් බවට පත් විය. එහි ආරම්භක පාලක සුන් චුවාන් 229 දී තමන් අධිරාජයා ලෙස ප්‍රකාශයට පත් කරගැනීමත් සමඟ මෙම රාජ්‍යය අධිරාජ්‍යයක් බවට පත් විය. මෙම රාජ්‍යයේ නාමය බිහි වී ඇත්තේ එයට පාදක වූ ජියාංනන් (යැංසි ගංගා ඩෙල්ටාව) ප්‍රදේශය, එකල "වු" යනුවෙන් හැඳින්වුණු නිසායි. මෙම ප්‍රදේශයම මූලික කරගනිමින් බිහිවූ වසන්ත සහ ශරත් කාලයෙහි පැවති වු රාජ්‍යය සහ පංච රාජවංශ සහ දස රාජධානි යුගයෙහි පැවති වුයුඒ රාජධානිය වැනි වෙනත් චීන ඓතිහාසික රාජ්‍යවලින් වෙන්කොට හඳුනාගැනීම පිණිස ඉතිහාසඥයන් විසින් මෙය "දොං වු" ("නැගෙනහිර වු") හෝ "සුන් වු" ලෙස හඳුන්වනු ලැබේ. මෙය "නැගෙනහිර වු" ලෙස හඳුන්වන්නේ එය තුන් රාජධානි යුගයේ දී නැගෙනහිර චීනයේ භූමියෙන් විශාල ප්‍රදේශයක් පාලනය කළ බැවිණි. මෙහි පාලකයන්ගේ පෙළපත් නාමය "සුන්" නම් වූ බැවින් මෙම රාජ්‍යය "සුන් වු" ලෙස ද හැඳින්විණි. මෙම රාජ්‍යයේ අගනුවර වූයේ ජිආන්යේ (වර්තමාන නැන්ජිං, ජියාංසු) ය. නමුත් ඇතැම් කාලවල දී වුචාං (武昌; වර්තමාන ඒචෞ, හුබෙයි) ද අගනගරය ලෙස භාවිතා වී තිබේ.[5]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Dardess, John W (10 September 2010). "The Three Kingdoms, 221-264". Governing China, 150-1850. Indianapolis: Hackett Pub. Co. p. 7. ISBN 978-1603844475. Weakened by internal strife, horrific palace murders, and major defections to the enemy, the last Wu emperor surrendered on 31 May 280, and his realm was annexed to the Jin.
  2. 2.0 2.1 Zou Jiwan (චීන: 鄒紀萬), Zhongguo Tongshi - Weijin Nanbeichao Shi 中國通史·魏晉南北朝史, (1992).
  3. Tanner, Harold M. (13 March 2009). "Chapter 5: The Age of Warriors and Buddhists". China: A History. Hackett Publishing. p. 142. When it was established, Wu had only one-sixth of the population of the Eastern Han Empire (Cao Wei held over two-thirds of the Han population).
  4. Bertrand Russell (1922). Problem of China. London: George Allen & Unwin.
  5. de Crespigny 1990, 3.

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

සැකිල්ල:People of Eastern Wu

"https://si.wikipedia.org/w/index.php?title=නැගෙනහිර_වූ&oldid=474153" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි