නාථ දෙවියෝ

විකිපීඩියා වෙතින්
(නාථ (බෞද්ධ දේවතාවා) වෙතින් යළි-යොමු කරන ලදි)

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ යනු නාථ නම් දෙවියන්ම බවටද මෙරට ජනයා අතර ප්‍රකට අදහසක් පවතී. එනමුත් ඇතැම් පොත පතක සඳහන් වන්නේ නාථ දෙවියන් අවලෝකිතේශ්වර නම් වූ මතු බුදුවන වෙනත් බෝධිසත්වයන් වහන්සේ නමක් බවයි. ඒ කෙසේ වුවත් බහුතර අදහස නම් ශක්‍ර දෙවියන්ද ඇතුළුව බොහොමයක් දෙවි වරුන්ගේ තනතුරු සෑම කලකම එකම පුද්ගලයෙක්(දෙවියෙක්) විසින්ම හොබවන්නේ නොමැති බවයි. බෞද්ධ ක්‍රමයට අනුව සදෙව් ලොවටම අධිපති වන ශක්‍ර දේව යනු දෙව් ලොව ප්‍රධාන තනතුරයි. එය තනතුරක් බැවින් කාලයෙන් කාලයට ශක්‍ර දේව තනතුර හොබවන්නාද වෙනස් වේ. ගෞතම බුදුරජාණන්වහන්සේද පෙර කලක බෝධිසත්වයෙක් ලෙස පාරමිතා පුරද්දී ශක්‍ර දෙවියන් බවට ආත්ම භාවයන් ලබා ඇත. උන්වහන්සේ එක් අවස්ථාවකදී ශක්‍ර දේවෙන්ද්‍රව සිටිදී නියත විවරණ පවා ලබා ගෙන ඇත. මේ නිසා ශක්‍ර දේව තනතුර අයුරින්ම, නාථ දේව තනතුරද පෙර කලෙක අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් විසින් හොබවන ලදුව මෙකලදී එම තනතුර මෛත්‍රි බෝධිසත්වයන්වහන්සේ විසින් හොබවනවා වීමටද ඉඩ ඇත. තවද මෛත්‍රී බෝධිසත්වයන්වහන්සේ තුසිත දෙව්ලොව වැඩ වාසය කරන බව සීහලවත්ථුව නම් බණ කතා අඩංගු ග්‍රන්ථයක ඇති මෛත්‍රී බෝසත් කතාවකද සඳහන් වේ.ලඟ සම්මා සම්බුදුන් වහන්සේ (මෛත්‍රී බුදුන් වහන්සේ) ගේ වර්තමාන බෝධිසත්ත්‍ව භවය නාථ දෙවියෝවේ.

නාථ දෙවියන් වදින ගාථා

"නාථ ශ්‍රී සර්ව මංගල්‍යම්

යථා දේවේන සංයුතං

සුගන්ධ දීප ධූතේන

නාථස්‌වාමි නමෝ වරං"

ආරාධනා කිරීමෙන් පසු හැකිතාක්‌ වාර ගණනක්‌ නාථ දෙවියන්ගේ ගුණ කියෑවෙන මෙම ගාථා ගායනා කරන්න.

නාථ දෙවි සුරින්දා - බුදු බව පතා එන්දා

ඔබගෙ ගූණ කන්දා - මෙන්න මම ඔබෙ දෙපා වැන්දා

නාථ දෙවියනි පෙර - භූත යක්‌සෙන් දුරු කර

පාත කැලණියෙ සරණා - නාථ දෙවියනි දෙන්න අවසර

සලා සළු යහනේ - හෙළා පියවි යහනේ

වලා ගැබ මැදිනේ - බලාගෙන මල්යහන වඩිමිනේ

කුංග මිණි ඔටුණු -ලංක දිව එසිරි විඳිනු

භංග කර හරිනු සඟ මඬලට දිස්‌ටි ලා එනු

ගී තෙද පුවතට - පාන කැලණියෙ වැඩ සිට

දොaත මුදුනත් කොට - නාථ සුරපති වඳිමි මුල්කොට

ගන්ට මට අවසර - එන්ට යක්‌සෙන් දුරුකොට

එන්ට දිව පුරයට - දෙන්ට දළු මුර නාථ සුරිඳුට

තුසිත පුර භවනෙලා - වැඩලා දෙවිඳු සැණෙකින්

දුන්නු පුද පිළිගනිමින් - දෙනු මැනවි සෙත නාථ සුරිඳුන්

මෙම ගාථාව කියා දෙවියන්ට පිං අනුමෝදන් කරන්න

පාත තොටගමුව වෙහෙරේ වැඩ ඉන්න

දොaත නගාලා දෙවිඳුට පිං දෙන්න

මෑත කපට මතු බුදුබව ලැබ ගන්න

නාථ සුරිඳු පිං අනුමෝදන් වෙන්න

පූජාව සිදු කළ දිනට සවස්‌ කාලයේ විහාරස්‌ථානයට ගොස්‌ බෝධි පූජා පවත්වා පවුලේ සියලුදෙනා වෙත පැමිණ ඇති දුක්‌ කරදර පීඩා දුරුකර දෙනමෙන් ඉල්ලා පහත දැක්‌වෙන කන්නලව්ව දෙවියන් වෙත ඉදිරිපත් කර පොල්ගෙඩිය බිඳ සෙත ප්‍රාර්ථනා කරගන්න. හැකි සෑම බ්‍රහස්‌පතින්දා දිනකම මෙම නාථ දේව පූජාව සිදු කිරීමෙන් ඔබ සැමට නිශ්චිත සුබදායී ප්‍රතිඵල ලබාගත හැකි වනු ඇත.

කන්නලව්ව

කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම සතර බුදුවරුන්ගේ ආඥවට ආනුභාවයට මතු මෛත්‍රී බුදු පදවියට පෙරුම් පුරාගෙන දස බෝධි සම්භාරයකින් පළමුවැන්නා වූ දස පාරමිතා ධර්මය පුරන්නා වූ උතුම් වූ බුද්ධාලම්පුර නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස ශාසනශී්‍රීෙයන් දස දිග ඒකාලෝක කරමින් ත්‍රිලෝක තලය සත්ත්වයන්ගේ දුක්‌ඛ කම්කටොලු දිව්‍යමය නෙතින් බලා ගනිමින් මෛත්‍රී කරුණාවෙන් විසන්දනය කරවා අනේදවිධ විලාසයෙන් තුසිත පුර ඒකාලෝක කරමින් වැඩ සිටින නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේට පළමුව අප අමා මෑණි බුදු පියාණන් නමැද ඒ පින්පෙත් ඔබ වහන්සේට මෛත්‍රි බුද්ධත්වය ප්‍රාර්ථනා කොට පින් අනුමෝදන් කරමින් ඔබ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට මේ පහන්, මල්, කපුරු, සුවඳ දුම් ආදී සමස්‌ත පූජාවන් ඔප්පු කොට ඉල්ලා සිටින ඔබ දෙවියන් වහන්සේගේ ඇල්මෙන් බැල්මෙන් මට, අපට පැමිණ තිබෙන්නා වූ කරදර (කරදරය නාමිකව සඳහන් කරන්න) අනවින බාධා දුරු කොට අප සැමදෙනාට සැපවත් ජීවිතයක්‌ ගත කිරීමට සුදුසු යහපත් වාතාවරණය උදාකරන දෙන සේක්‌වා."

ජ්‍යෙdතිෂවේදී රංජන් සිසිර කුමාර

සටහන - ධම්මික හේවාවසම්

දිවයින පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරෙණි

"https://si.wikipedia.org/w/index.php?title=නාථ_දෙවියෝ&oldid=445745" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි