නවගමුව පත්තිනි දේවාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
නවගමුව පත්තිනි දේවාලය
නවගමුව පත්තිනි දේවාලය is located in Sri Lanka
නවගමුව පත්තිනි දේවාලය
ශ්‍රී ලංකාව තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමNavagamuva
භූගෝලීය ඛණ්ඩාංක6°55′26.93″N 80°1′4.9″E / 6.9241472°N 80.018028°E / 6.9241472; 80.018028ඛණ්ඩාංක: 6°55′26.93″N 80°1′4.9″E / 6.9241472°N 80.018028°E / 6.9241472; 80.018028
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාGoddess Pattini
උත්සවAnnual Perahera (August)
දිස්ත්‍රික්කයColombo
රටSri Lanka
වෙබ්අඩවියhttp://www.nawagamuwadevalaya.org
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදය19th Century Architecture
නිර්මාපකGajabahu I of Anuradhapura
ස්ථාපිත දිනයA.D. 114 - 136 period
සම්පූර්ණ විස්තර
දේවස්ථාන(ය)Maha Pattini Devalaya

Dedimunda Devalaya Kataragama Devalaya

Vishnu Devalaya
Maha Pattini Devalaya
ස්වදේශික නාමය මහා පත්තිනි දේවාලය
ප්‍රභේදයPlace of Worship
පිහිටීමNawagamuwa
ආදිකර්තෘGajabahu I (A.D. 114 - 136)
ඉදි වූ දිනයAnuradhapura Period
බිඳහෙළූ දිනය14th century (1576)
ප්‍රතිනිර්මාණය වූයේLate 14th century
ප්‍රතිසංස්කරණය වූයේ2016
ප්‍රභේදයNational Historic Site of Sri Lanka
මෙහි කොටසකිSri Lankan Buddhist and Hindu Culture

නවගමුව පත්තිනි දේවාලය යනු ශ්‍රී ලංකාවේ නවගමුව ප්‍රදේශයේ සුගතබිම්බාරාම විහාරස්ථානයේ පිහිටා ඇති පත්තිනි දේවතාවියට පුද පූජා පවත්වන දේවාලයකි.

පිහිටීම[සංස්කරණය]

නවගමුව පත්තිනි දේවාලය අවිස්සාවේල්ල මාර්ගයේ අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටා ඇත.

බස්නහිර පළාතේ කොළඹ දිස්තික්කයේ කඩුවෙල මෑතිවරණ බල ප්‍රදේශයෙ පිහිටිනවගමුව ග්‍රමය අන්ක 475 දරණ .කඩුවෙල ප්‍රාදෙශිය ලේකම් කොට්ටාසයට මෙම ගම අයිති අතර කඩුවෙල මහ නගර සභාව අදාල පළාත් පලන ආයතනය වෙ.මෙම ගම හේවගම් කෝරළයේ බටහිර කලාපයේ පල්ලෙ පත්තුවට අයත්ය

නාමය[සංස්කරණය]

වර්තමානයේ නවගමුව දේවාලය ලෙස ව්‍යවහාර කෙරුනද එය"නවගමුව" නොව"නා ගොමුව"යයි විවිධ මත පවතියි.නා ගස් ගොමුවක පිහිටි නිසා නවගමුවයි.දේවාලය අසල දැනටත් දක්නට ඇති නා ගස් ගොඩ එයට හොඳ සාක්ෂියකි.නවගමුව ගම් නවයක් එක් විම මත එම නම ඇතිවු බවද,නාග ගෝත්‍රිකයන් ගොමුවක් වශයෙන් ජීවත් විම මත නවගමුව වි යැයි මත කිහිපයකි.

අතිතයේ සිට බෞද්ධ විහාරස්ථානයක් තිබුණද දේවාලය සමග එම විහාරස්ථානය විනාශවු බව පෘතුගිසි වාර්තාවල සඳහන්වේ.නැවත එම විහාරස්ථානය කටුවාවල සුමන තිස්ස හිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කර දේවාලයද යථා තත්වයට පත් කර ඇත.

නවගමුව පිළිබඳ ජනප්‍රවාද[සංස්කරණය]

"එක්තරා දුප්පත් මිනිසෙකු අං කොට මීමා සොරා ගැනිමේ අපරාධය ගැන සිංහල රජු පිළියම් නොකළ හෙයින් සොළි රටට ගොස් එරජු පොළඹවා මෙරට ආක්‍රමණය කොට ලක් වැසියන් 12000ක් සිරකරුවන් ලෙස ගෙන ගොස් කාවේරියේ වැඩට යෙදවිමත්,ලක් දිව ඊළගට රජපත් ගජබා රජ,නීල මහා යෝධයා සමඟ ගොස් යථොක්ත සිරකරුවන් හා තවත් එරටින් 12000ක්ද පත්තිනි දෙවියන්ගේ මිණි සළඹද........."1

දක්ෂිණ භාරතිය වන්දනාවට ලක්වු පත්තිනි දේවියගේ රන් සළඹත් සිවු දේවාලයේ ආයුධත්,වළගම්බා රජු සමයේ එරටට ගෙන ගිය පාත්‍රා ධාතුවත් ගෙන ඒම තුළ සංස්කෘතික වෙනස්කම් රුසක් සිදු විය.ජනප්‍රවාදයේ මේ පුවත ‍විස්තර වන්නේ මෙසේය.සොළි රට ජය ගෙන රුවල් නැවකින් ලංකාවට පැමිණෙන අතර දරුණු කුණාටුවකට හසුවන ගජබා රජු ඇතුළු පිරිස එයින් බේරි කැලණි ගඟ ඔස්සේ ඉදිරියට පැමිණ රාත්‍රි කාලය නවගමුවේ ගත කරයි.කැලණි ගඟ අසල නා ගස් ගොමුවක පුජාසනයක රන් සළඹ හා පාත්‍රා ධාතුව තැන්පත් කර ඇත.පසු දින අනුරාධපුරයට යාමට ඒ අසලට ගිය අවස්ථාවේ සුදු නාගයින් හත් දෙනෙකු සළඹ වට කර ගෙන සිටිනු දක්නට ලැබිම නිසා ගජබා රජතුමා ඒ පුජාසනය වට කොට නවගමුවේ දේවාලය තැනවු බව කියවේ.

නවගමුව දේවාලයේ ආරම්භය[සංස්කරණය]

නවගමුව දේවාලය ආරම්භ කිරිමේ ගෞරවය ගජබා රජුට ප්‍රධානය කළ හැකිය.මේ පිළිබඳ"පත්තිනි කෝල්මුර කවි"පොතේ මෙසේ සඳහන්ය.

"පින් ගජබා සඳ විපුල යසස් සුවීසා ලේ

ගන්න මහත් පඬුරු පුදා ඉට්ටන් කළ සෙන්වා ලේ

මින් මතු තොර නොවි නිතර පෙරහැර කර හැ වෙලේ

සින්හල පුරයට මුල් වන් නවගමුව දේවා ලේ"2


ගොඩගම සන්නස(රාජකිය ප්‍රධානයන්)[සංස්කරණය]

නවගමුව දේවාලයට දෙන ලද රාජකිය ප්‍රධානයන් පිළිබඳ හොඳින් විස්තර කර ඇත්තේ කොට්ටේ යුගයේ බුවනකබා රජතුමා විසින් පවරන ලද"ගොඩගම සන්නස"මගිනි.විශාල ගම්වරයක් නවගමුවේ පත්තිනි දේවාලයේ පෙරහැර පුජාවට පවරා දී ඇත.

පෘතුගිසි යුධ කඳවුරක්,[සංස්කරණය]

1576 පෘතුගිසින් විසින් නවගමුවේ දේවාලය විනාශ කර යුධ කඳවුරක් ලෙස ටික කලක් පවත්වාගෙන ගොස් ඇත.පෘතුගිසින් විනාශ කිරිමෙන් පසුව කපු මහතෙකු මෙහි පුංචි දේවාලයක් තනා ගෙන කටයුතු කල ආකාරය ජනප්‍රවාදයේ සඳහන්වේ.

උළුවස්සේ කොස් ගෙඩි කිහිපයක්,[සංස්කරණය]

එක් දිනක් සිහිනයෙන් දේවාලයට නුදුරින් කැලණි ගං තොටේ කොස් කොටයක් පාවෙමින් පවත්නා බවත් එය ගෙනවිත් දේවාලයට උළුවස්ස සකස් කර ගන්නා ලෙසට නියෝග කර ඇත.කපු මහතා ඒ කාර්යය ඒ ආකාරයෙන්ම ඉටු කළේය. "ටික කලකට පසු එම උළුවස්සේ කොස් ගෙඩි කිපයක් හට ගත්තේලු.කපු මහතා දෙවියන්ගේ හාස්කමින් සිදුවු ආශ්චර්යයක් හැටියට සලකා මෙය ඉතා හොඳින් ආරක්ෂා......"3

බඩගින්නේ පැමිණි ගැමියෙකු මෙයින් කොටසක් අනුභව කර පත්තිනි දෙවියන්ට පින් දී ඇත.බෞද්ධයෝ දෙවියන්ට පින් දිම චාරිත්‍රයක් වශයෙන් කරති.කපු මහතා මෙය කෑ අයට වරදක් නැති නිසා පලි ගසා යදින කපු මහත්මයාට දඩුවම් හිමි විය.මේ කථාව නවගමුව හා ඒ අවට පෙදෙස් වල පමණක් නොව මුළු රටේම ප්‍රසිද්ධ එකකි.

පත්තිනි දේවිය[සංස්කරණය]

පත්තිනි දේවිය ශ්‍රි ලංකාවේ සිංහල බෞද්ධයන් මෙන්ම ද්‍රවිඩ ජනතාවගේ පුද පෙත් ලබන ප්‍රධානතම කාන්තා දේවතාවියයි.පත්තිනි දේවිය සිංහල සම්ප්‍රදායට අනුව බෝධිසත්ව පාරමිතාව පුරන්නියකි.පත්තිනි දේවිය හින්දු සම්ප්‍රදායට අනුව පාර්වතියගේ අවතාරයයි. බුදු දහමේ බොහෝ සුත්‍ර වල දෙවියන් ගැන සඳහන්වේ.ලංකාවේ පවතින ජනශ්‍රැතියට අනුව පත්තිනිදේවිය බෞද්ධ වුවා පමණක් නොව පතිභක්තිය වැනි සාරධර්ම රැකගත් දේවතාවියද විය.පත්තිනි දෙවියන්ගේ ගුණ ගැයිම සිංහල ගැමියන් අතර මුල් බැස ගත් සිරිතකි."පත්තිනි හැල්ල"පොත නොකියවු,කො ඇසු සිංහලයෙක් නොවිය.

දළදා පෙරහැරට පත්තිනි දේවාල පෙරහැර[සංස්කරණය]

මහනුවර රාජධානිය අවසන් වන විට සිවු දේවාලයට පත්තිනි දේවාලයට අයත් අතර අද දක්වාම මහනුවර දළදා පෙරහැරේ පත්තිනි දේවාලයේ පෙරහැර ගමන් කරයි.

විවාහ මංගල්‍යයේදි පළදින මාල හත[සංස්කරණය]

උඩරට කාන්තාවන් විවාහ මංගල්‍යයේදි පළදින මාල හත පැළදිමේ සම්ප්‍රදාය පත්තිනි මාතාව ඇදහිල්ලෙන් පැමිනෙන්නට ඇතැයි සිතිය හැකිය.එතුමියද එවැනි මාල පැළද සිටියාය යන්න බෞද්ධයෝ විශ්වාස කරති.

කිරි අම්මාවරුන් පිළිබඳ විශ්වාසය,[සංස්කරණය]

සිංහල ජනයාගේ කිරි අම්මාවරුන් පිළිබඳ විශ්වාසය පත්තිනි දේවිය හා සම්බන්ධවේ.අදත් කිරි අම්මාවරුන්ට දන් දෙන විට පත්තිනි දේවිය සිහි කරයි. ග්‍රාමිය සමාජයේ අභිචාර විධි අතර පත්තිනි වන්දනාවට හිමි වනුයේ ප්‍රමුඛ ස්ථානයකි.බැතිමතුන් තම අභිමතාර්ථ සහ අපේක්ෂාවන් සාධනය කර ගැනිමට වැඩි විශ්වාසය පත්තිනි දෙවියන් වෙත තබා ඇත.

වර්තමාන දේවාල භූමිය[සංස්කරණය]

දේවාල භූමියේ සැලැස්මට අනුව කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.එනම් පන්සල,පත්තිනි දෙවියන් වෙනුවෙන් තැනු දේවාල හා අනෙකුත් දේවාල ලෙසයි.ලංකාවේ පන්සලක් තුළ දැකිය හැකි සැම අංගයක්ම නවගමුව දේවාල සංකිර්ණයේ දැකිය හැකිය.නවගමුව සුගතබිම්බාරාමය ලෙස නොව නවගමුව පත්තිනි දේවාලය ලෙස ලංකාව පුරාම ප්‍රසිද්ධය.

චෛත්‍ය
This file is a candidate for speedy deletion. It may be deleted after බදාදා, 1 ඔක්තොම්බර් 2014.
බුදු ගෙය
This file is a candidate for speedy deletion. It may be deleted after බදාදා, 1 ඔක්තොම්බර් 2014.
දේවාල_සංකිර්ණය
This file is a candidate for speedy deletion. It may be deleted after බදාදා, 1 ඔක්තොම්බර් 2014.

පත්තිනි දේවාල[සංස්කරණය]

පැරණි පත්තිනි දේවාලය තිබු තැන නිර්මාණය කරන ලද ඓතිහාසික පුරාණ පත්තිනි මහා පත්තිනි දේවාලයද,අලුතින් නිර්මාණය කර ඇති ශ්‍රි පත්තිනි දේවාලයද දේවාල සංකිර්ණයේ පත්තිනි දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද දේවාලවේ.

දේවාල සංකිර්ණය[සංස්කරණය]

පත්තිනි දේවාලයට අමතරව දේවාල සංකිර්ණයේ බැතිමතුන් වන්දනා කරන දේව ධුරාවලියේ ප්‍රධාන තැනක සිටින දෙවිවරුන් වෙනුවෙන් තනන ලද කුඩා දේවාල කුටි ගණනාවක්වේ.එම දේවාල නම් ශ්‍රි විෂ්ණු දේවාලය,කතරගම දේවාලය,අළුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය,සමන් දේවාලය,ඊශ්වර දේවාලය,ගණ දේවාලය,ගම්බාර සුනියම් දේවාලය,මොරටුව දුනුමාන කඩවර කම්බිලි දේවාලය,ශ්‍රි ලක්ෂ්මි දේවාලය,කාලි කෝවිලයි.

විවිධ පුජා[සංස්කරණය]

පෝය දින හැරුණු විට සතියේ අනෙකුත් සෑම දිනකම පුජා වට්ටි පිදිම සිදු කරයි. පුජා වට්ටි පිදිම පත්තිනි දෙවියන්ට බැතිමතුන් විසින් කරනු ලබන උසස්ම පුජාවයි.කෙම්මුර දිනවලට දේවාලයට බැතිමතුන් විශාල ලෙස පැමිණෙයි. නවගමුව දේවාලයේ දිනපතා තේවාව පෙරවරු 10ට පමණ ඓතිහාසික පුරාණ මහා පත්තිනි දේවාලයේ සිදු කරයි.පත්තිනි වන්දනාව තුළ අතීතයේ පැවති පොදු සාමුහික වන්දනා ක්‍රමයට අයත්වු ගම්මඩු,දෙවොල් මඩු පත්තිනි දේවාලය තුළ පමණක් සිදු කරන අංග බවට ඇත.

නවගමුව පත්තිනි දේවාලයේ වර්ෂිකව ගම්මඩු පුජාව හා ඇසළ පෙරහැර මංගල්‍යය කප් සිටුවීමෙන් ආරම්භ කොට පිළිවෙළින් කුඹල් පෙරහැර,මල් පෙරහැර,පාවඩ පිට පෙරහැර,ගොන් පිට පෙරහැර, රන් දෝලි හා අලි පිට පෙරහැර සත් දිනක් නවගමුව ග්‍රාමයේ සංචාරය කරයි. ගොන් පිට පෙරහැර නවගමුව දේවාලයටම විශේෂ වුවකි.පෙරහැර අවසානයේ දිය කැපිමේ චාරිත්‍රයක් ඊට සත්දිනකට පසු ඇසළ උළෙලේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස ගිනි මඩු මංගල්‍යය පවත්වයි.පසු දින වස් දොස් දුරු කිරිම සඳහා ගරායක් නැටුමක් පවත්වයි. නවගමුව පත්තිනි දේවාලය එම ප්‍රදේශයේ පමණක් නොව මුළු ලංකාව පුරාම පත්තිනි වන්දනාව සිදු කරන ජනප්‍රිය දේවාලයක් බවට පත්වි ඇත.

පුජා වට්ටිය

පත්තිනි දේව පුජා[සංස්කරණය]

පත්තිනි දේව පූජා

පිංතූර ගැලරිය[සංස්කරණය]

පත්තිනි ‍පිංතූර එකතුව[සංස්කරණය]

වර්තමාන නවගමුව පත්තිනි දේවාලය[සංස්කරණය]

ආශ්‍රිත ශාස්ත්‍රිය ලිපි හා ග්‍රන්ථ[සංස්කරණය]

1) ධර්මදාස,කේ.ඒ.ඕ.තුන්දෙණිය,එච්.එම්.එස්,සිංහල දේව පුරාණය,රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව,කොළඹ,1994,පිටු 287

2) සද්ධාජීව හිමි,පරවාහැර,හේවාවසම්,ප.බ.ජී.,"පන්තිස් කෝල්මුර කවි,ප්‍රදිප ප්‍රකාශකයෝ,කොළඹ,1974,පිටු 481

3) ප්‍රඥාශේඛර හිමි,කලුකොඳයාවේ,"ශ්‍රි ප්‍රඥාශේඛර චරිතාපදානය",ප්‍රකාශකයෝ මුදුණාලය,කොළොන්නාව,1970,පිටු 81

4) පෙරේරා,ජී.එච්ම්,හෙළ දිවු පුවත,ඇම්.ඩී.ගුණසේන සහ සමාගම,කොළඹ,1961,පිටු 93.

මේවාද බලන්න[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නවගමුව_පත්තිනි_දේවාලය&oldid=423214" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි