නයිගල රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
නයිගල රජ මහා විහාරය
විහාරයේ වූ ස්ථූපය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

නයිගල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය රන්න මංසන්ධියේ සිට කිලෝ මීටර් එකහමාරක් පමණ දුරින් පිහිටා තිබේ .

ඉතිහාසය[සංස්කරණය]

නයිගල රජමහා විහාරය ක්‍රි. පූ. 307-267 දේවානම්පියතිස්ස රජ සමයේ නිමවන ලද්දක් වන අතර දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග යුව රජ විසින් ඉදිකරවන ලදී. මෙම විහාරය අතීතයේදී කාල පබ්බත විහාරය ලෙසින්ද හඳුන්වා තිබේ.[1]

පුරාවිද්‍යා නටඹුන්[සංස්කරණය]

අනුරාධපුර සමයට අයත් පිළිම ගෙය

පිළිමගේ[සංස්කරණය]

අනුරාධපුර යුගයට අයත් ගන්ධකුටි සම්ප්‍රදායේ පිළිමගෙයක් 2013 වර්ෂයේ සිදුකරන ලද පුරාවිද්‍යා කැණීම් වලදී මෙම විහාරයෙන් සොයාගන්නා ලදී.[2] ඇතුළු මාලකය හා පිටත මාලකය ලෙස මාලක දෙකකින් යුක්තව ඉදිකර ඇති චතුරස්‍රාකාර ගොඩනැගිල්ලක් වන එහි මධ්‍යයේ බුදු පිළිමය තිබූ බව විශ්වාස කෙරේ.

ගිරි ලිපිය[සංස්කරණය]

නයිගල රජමහා විහාර ගිරි ලිපිය ක්‍රි. ව. 4-5 සියවසට අයත් වේ. එය පුරාණ සිංහල භාෂාවෙන් සහ අපර බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් නිර්මිත වේ.

පොකුණ[සංස්කරණය]

වෘත්තාකාර ශිලා නිර්මාණය

විහාරයේ දැකගත හැකි පොකුණ නාග පොකුණ ලෙස ජනප්‍රවාදයේ විස්තර වේ. විහාරයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලාගේ ජල වුවමනා වෙනුවෙන් පොකුණ භාවිත කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. දිග අඩි 62ක් වන පොකුණ අඩි 9 ක් පළලැති වේ. ගැඹුර නිශ්චිතව පැහැදිලි නැත.

වෘත්තාකාර ශිලා නිර්මාණය[සංස්කරණය]

මහාවංශයට අනූව පොලොන්නරු රාජධානි සමයේ සුගලා දේවිය විසින් රුහුණේ ස්ථාන කිහිපයක ශ්‍රී දළඳා වහන්සේ තැන්පත් කර තිබූ බව පැවසෙයි. නයිගල විහාරයේ දක්නට ලැබෙන වෘත්තාකාර ශිලා නිර්මාණය තුල, දළඳා වහන්සේ තැම්පත් කර තිබූ බවට විශ්වාස කෙරේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ආකියෝලොජි මැනේජ්මන්ට් ප්ලෑන් ෆෝර් නයිගල විහාර". ඩේලි නිව්ස්. 2013-03-11. සම්ප්‍රවේශය 2015-06-28.
  2. "ටූ ස්ටෝරීඩ් අනුරාධපුර පීරියඩ් ඉමේජ් හවුස් ෆවුන්ඩ් ඉන් සවුත්". දි අයිලන්ඩ්. 2013-05-21. සම්ප්‍රවේශය 2015-06-28.
"https://si.wikipedia.org/w/index.php?title=නයිගල_රජ_මහා_විහාරය&oldid=399709" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි