ධර්මකාය

විකිපීඩියා වෙතින්

ධර්මකාය (සංස්කෘත: धर्म काय) යනු මහායාන බුදු ධහමේ එන ත්‍රිකාය සංකල්පයේ එන බුදුන්ගේ එක් කායකි. ධර්මකාය යනු බුදුන් වහන්සේලාගේ ප්‍රකාශිත නොවූ, අචින්ත්‍ය අංගයක් වන අතර එයින් සියලු බුදුවරුන් හටගන්නා අතර උන්වහන්සේලාගේ පරිනිර්වාණයෙන් පසු නැවත ඒ තුළට පැමිණේ. ධර්මකාය තුළින් පැමිණෙන බුදුවරුන් දරා ගන්න බෞතික ශරීරය. නිර්මාණකාය ලෙසින් හැඳින්වේ. තායිලන්තයේ ධම්මකාය සම්ප්‍රදාය සහ පුරාණ භාරතීය සම්ප්‍රදායේ තථාගතගර්භ සූත්‍රය තුළ ධර්මකාය සලකන්නේ සියලු සත්වයන් තුළ පවතින පරමාත්මය ලෙසයි.[1] ධර්මකාය යනු බ්‍රහ්මන් ගේ පශ්චාත් වෛදික සංකල්පයට සමීපව අනුරූප වන විශ්වයේ වඩාත්ම උතුම් හෝ සත්‍ය යථාර්ථය ලෙස සැලකිය හැකිය.

ත්‍රිකාය ධර්මය[සංස්කරණය]

ත්‍රිකාය ධර්මය (සංස්කෘත, වචනාර්ථයෙන් "ශරීර තුනක්" හෝ "පෞරුෂයන් තුනක්") යනු යථාර්ථයේ ස්වභාවය සහ බුදුවරයෙකුගේ ස්වරූපය යන දෙකම පිළිබඳ බෞද්ධ ඉගැන්වීමකි.

ධර්මකාය පිළිබඳව ප්‍රථමයෙන් ප්‍රකාශ කර ඇත්තේ ක්‍රි.පූ. 1 සියවසෙහි සම්පාදනය කරන ලද අෂ්ටසාහස්‍රිකා ප්‍රඥාපාරමිතා සූත්‍රය තුළයි. ක්‍රිස්තු වර්ෂ 300 දී පමණ, යෝගාචාර සම්ප්‍රදාය විසින් විසින් ත්‍රිකාය "ත්‍රි-ශරීර" ධර්මයෙහි බුදුන් වහන්සේගේ ස්වභාවය පිළිබඳ ප්‍රචලිත අදහස් ක්‍රමවත් කරන ලදී. මෙම ධර්මයට අනුව බුද්ධත්වයට අංශ තුනක් ඇත.[2]

  1. නිර්මාණකාය (පරිවර්තන ශරීරය)
  2. සම්භොගකාය (අනුභූතික ශරීරය)
  3. ධර්මකාය (ධර්ම ශරීරය)

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Thrangu Rinpoche (2003). Pointing Out the Dharmakaya: Teachings on the Ninth Karmapa's Text. Shambhala. ISBN 978-1-55939-857-2.
  2. Snelling 1987, පිටු අංකය: 126.
"https://si.wikipedia.org/w/index.php?title=ධර්මකාය&oldid=513557" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි