Jump to content

ධම්මහදය සේනාසනය

විකිපීඩියා වෙතින්
ධම්මහදය සේනාසනය
Monastery information
Other namesධම්මහදය ආරණ්‍ය සේනාසනය
Establishedමැයි 3, 2017; වසර 7 කට පෙර (2017-05-03)
Mother houseමිහිඳු ආරණ්‍යය, අනුරාධපුරය
People
Important associated figuresපූජ්‍ය පලුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ (සේනාසනාධිපති)
Architecture
Functional statusආරාමයක්
Site
Locationරත්නපුර, සබරගමු පළාත
Countryශ්‍රී ලංකාව
Coordinatesඛණ්ඩාංක: 6°38′05″N 80°47′41″W / 6.6347°N 80.7948°W / 6.6347; -80.7948
Other informationසියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ වනවාස සංඝසභාවේ මිහිදු අරණ්‍ය සේනාසනයේ ශාඛාවක්
Websitehttps://dhammahadaya.net/

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බළංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බළංගොඩ කල්තොට ප්‍රධාන මාර්ගයේ පැමිණෙන විට රජවක හන්දියෙන් වමට හැරි කිලෝමීටර් පහක් පමණ ගිය විට සමනළ වැව රක්ෂිත කලාපය තුල දිවි නැගුම පුහුණු මධ්‍යස්ථානය අසල ධම්මහදය සේනාසනය පිහිටා ඇත.

සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ වනවාස සංඝසභාවේ මිහිදු අරණ්‍ය සේනාසනයේ ශාඛාවක් ලෙස සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ වනවාස සංඝසභාවේ මිහිදු අරණ්‍ය සේනාසනයේ අතිපූජ්‍ය ගල්පාත සුමන අනු නායක මාහිපාණන් වහන්සේ හා ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රීමත් මහා සංඝරත්නයේ ගෞරවණිය වැඩම කිරීමෙන් වෛද්‍ය ශ්‍රියානි අබේසූරිය මහත්මිය සහ නිර්මා ජයවීර මහත්මිය ඇතුළු දායක පිරිසගේ මුළිකත්වයෙන් 2017 මැයි මස 03 වන දින ආරම්භ කරන ලදි. මෙම සේනාසනයේ සේනාසනාධිපති වශයෙන් පූජ්‍ය පලුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ කටයුතු කරයි.

සම්බුදු සසුනෙ උන්නතිය වෙනුවෙන් හා සාංසාරික විමුක්තිය උදෙසා ධර්ම මාර්ගයෙහි හැසිරෙන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට පහසුවෙන් හා නිදහසේ, සිල්වත් ව හා ගුණවත් ව කටයුතු කිරීමට සහ ත්‍රිපිටක අට්ඨකථා ගුරු කරමින් ධර්ම දේශනා සහ භාවනා වැඩ සටහන් සිදු කරමින් සාසනික මෙහෙවර අඛණ්ඩව පවත්වා ගෙන යන්නෙමු.

අප සේනාසනය ගමෙන් දුරස්ව පවතින අතර පොහෝ දිනයන් හිදි ආසන්න විහාරස්ථාන වල ආරාධිත ධර්ම දේශනා සිදු කරනු ලබයි. සේනාසනයට දහවල් දානය පමණක් රැගෙන එන අතර බුද්ධ පූජාව හා දානය සාංඝික කිරීමේ කටයුතු වලට අනතුරුව දානය වැළඳීමෙන් පසු පැයක් පමණ පැමිණි පිරිසට ධර්ම දේශනාවක් හෝ ධර්ම සාකච්ඡාවක් සිදු කරයි. ඉතිරි කාලය ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටක ධර්මය ඉගෙන ගැනීම, භාවනා කිරීම, ධර්ම දේශනා පැවැත්වීම, ධර්ම සාකච්ඡා කිරීම, ධර්ම දේශනා ශ්‍රවණය කිරීම, වත් පිළිවෙත් කිරීම ආදිය සඳහා කාලය යොදවනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=ධම්මහදය_සේනාසනය&oldid=704830" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි