දේශපාලන විද්‍යාවේ ඉතිහාසය

විකිපීඩියා වෙතින්

දේශපාලනය විද්‍්‍යාවේ ඉතිහාසය - History of political science

දේශපාලන විද්‍යාව අධයනයේ මූලික අවස්ථා පැරණි ග්‍රීසියේ හා ඉන්දියාවේ දක්නට ලැබුණත්, දේශපාලන විද්‍්‍යාව සමාජ විද්‍්‍යාවන් අතර නවකයෙකි. කෙසේ වෙතත් මෙම විෂය ක්ෂේත්‍රය සතුව පැහැදිලි පූර්වගතයන් පද්ධතියක් පවති. සදාචාරාත්මක දර්ශනය , දේශපාලන දර්ශනය, දේශපාලන ආර්ථිකය, ඉතිහාසය ආදී විෂයන් සහ ප්‍රතිමානක ලක්ෂණ සහිත අනිකුත් විෂයන් මෙම විෂය තුල සංකලනය වී ඇති අතර එමගින් පරමාදර්ශි රාජ්‍යයක ලක්ෂණ විග්‍රහ කෙරේ. සෑම ඉතිහාස වකවානුවකම සහ සෑම භූගෝලිය ප්‍රදේශයකම දේශපාලන විද්‍යාව හධාරන සහ දේශපාලන දැනුම වර්ධනය කර ගන්නා පුද්ගලයෝ වෙසෙති.