දේශපාලන ඉතිහාසය

විකිපීඩියා වෙතින්

දේශපාලන සිදුවීම්, අදහස, ව්‍යාපාර හා නායකයන් පිළිබඳ විස්තර කිරීම හා විශ්ලේෂණය කිරීම දේශපාලන ඉතිහාසයට ඇතුළත් වේ. මෙය සාමාන්‍යයෙන් ජාතික රාජ්‍ය සංකල්පය වටා ව්‍යුහගත වී පවති. ඉතිහාසය පිළිබඳ අනෙකුත් ක්ෂේත‍්‍රයන් වන සමාජීය ඉතිහාසය, ආර්ථික ඉතිහාසය හා යුද ඉතිහාසය යන විෂයයන්ගෙන් මෙය වෙනස් වන නමුත්, ඒවා අතර සම සම්බන්ධතාවයක් ද පවතී.

සාමාන්‍යයෙන්, දේශපාලන ඉතිහාසය තුළ අධ්‍යයනය කරන්නේ ජාතික රාජ්‍ය හා විධිමත් දේශපාලන ක‍්‍රියාවලීන්ට අදාළ සිදුවීම් ය. හෙගල්ට අනුව, දේශපාලන ඉතිහාසය යනු, ‘භෞතික අවශ්‍යතාවයන්ට එහා ගිය සදාචාරාත්මක හා ආත්මීය බලවේග සහිත රාජ්‍යයක් පිළිබඳ ව වන සංකල්පයකි. ඉතිහාසය වෙනස් කිරීමේ ප‍්‍රධාන නියෝජිතයා රාජ්‍යය වේ.’ මෙය සමාජීය ඉතිහාසය (සාමාන්‍ය ජනතාවගේ ක‍්‍රියාකාරකම් සහ ජීවන විලාසයන් පිළිබඳ ව මූලිකවම අධ්‍යයනය කරන) හෝ ජනතා ඉතිහාසය (සාමාන්‍ය ජනතාවගේ දැක්ම තුළින් ඓතිහාසික ක‍්‍රියාකාරකම් අධ්‍යයනය කර) සමග සැසඳෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=දේශපාලන_ඉතිහාසය&oldid=472191" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි