දෙවිනුවර උපුල්වන් දේවාලය

විකිපීඩියා වෙතින්
දෙවිනුවර උපුල්වන් දේවාලය

ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර දෙවිනුවර (දෙවුන්දර) පිහිටි ශ්‍රී විෂ්ණු මහා දේවාලය මෙරට ඉදිවූ පැරණි දේවාල අතුරින් එකක් සේ සැළකේ. මෙරට බුදු දහම සුරක්ෂා කරන්නේ යැයි විශ්වාස කෙරෙන උපුල්වන් දෙවි උදෙසා මෙම දේවාලය ඉදිකොට තිබේ.

ඉතිහාසය[සංස්කරණය]

අතීත ලේඛනගත මූලාශ්‍ර වලට අනූව දෙවිනුවර රජ මහා විහාරය හා දේවාලය, 7වන සියවසේදී පළමු දප්පුල රජතුමා විසින් ඉදිකොට තිබේ.[1] පසුව 16වන සියවසේදී (1587)[2] පෘතුගීසීන් විසින් මෙම විහාරය හා පැරණි දෙවුන්දර නගරය විනාශ කොට දමා තිබෙන අතර, මහනුවර රාජධානියේ දෙවන රාජසිංහ රජු (1635 – 1687) විසින් නැවතත් මෙම විහාරය පිළිසකර කිරීමට කටයුතු සිදු කොට තිබේ.[3] පෘතුගීසීන් විසින් විනාශකරණයට ලක්වූ පැරණි විහාර නටඹුන් වර්ථමානයේ දේවාල භූමිය ආශ්‍රිතව දැකගත හැකිවේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ශ්‍රී විෂ්ණු මහා දේවාලය, දෙවිනුවර". දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලය. සම්ප්‍රවේශය 14 ජනවාරි 2016.
  2. "දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල, මාතර". hunasfalls.com. සම්ප්‍රවේශය 14 ජනවාරි 2016.
  3. "දෙවිනුවර උපුල්වන් දේවාලය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 14 ජනවාරි 2016.