දෙවන එලිසබෙත් රැජින - ලංකාව
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
IIවන එලිසබෙත් | |||||
---|---|---|---|---|---|
ලංකාවෙහි රජ ( සහ United Kingdom, Canada, ඕස්ට්‍රේලියාව and the other Commonwealth realms හි රජ) | |||||
ගොනුව:ලංකා රැජිණ 1954.jpg | |||||
රාජ්‍ය සමය | 6 පෙබරවාරි 1952 සිට 1972 මැයි 22 දක්වා | ||||
අභිෂේකය | 2 ජූනි 1953 | ||||
පූර්වප්‍රාප්තිකයා | හයවන ජෝර්ජ් රජ - ලංකාව | ||||
Heir apparent | රාජධානිය අහෝසි කරනලදී. ජනාධිපති විලියම් ගොපල්ලව රාජ්‍ය නායකයා විය | ||||
වල්ලභයා | ෆිලිප් කුමරු, Duke of Edinburgh | ||||
දරුවන් Detail | Charles, Prince of Wales Anne, Princess Royal Prince Andrew, Duke of York Prince Edward, Earl of Wessex | ||||
| |||||
වංශය | විනඩ්සර් රාජ වංශය - (1954/04/12 දින දක්වා) සිංහල රාජ වංශය - (1954/04/12 දින සිට) | ||||
පියා | හයවන ජෝර්ජ් රජ - ලංකාව | ||||
මව | Elizabeth Bowes-Lyon | ||||
ආගම | එංගලන්ත සභාව | ||||
අත්සන |
IIවන එලිසබෙත් රැජිණ (එලිසබෙත් ඇලෙක්ක්සැන්ඩ්‍රා මේරි; උපත 1926 අප්‍රේල් 21 ) ශ්‍රී ලංකා භූමියේ රජ තනතුර දැරූ අවසාන පුද්ගලයාය.
එතුමිය 1952 පෙබරවාරි 6 දින සිට 1972 මැයි 22 දක්වා නිදහස් ලංකාවේ රජ ලෙස රාජ්‍ය නායක පදවිය දැරීය.
IIවන එලිසබෙත් රැජින මානව ඉතිහාසය තුල වැඩිම රටවල් සංඛ්‍යාවක රාජ්‍ය නායක පදවිය ඉසිලූ / උසුලන පුද්ගලයා වන අතර එම රටවල් සංඛ්‍යාව 32කි.
තම පියාගේ මරණයෙන් සිදුවූ 1952 පෙබරවාරි 6 දින මෙතුමිය එක්සත් රාජධානිය, ලංකාව , කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය යන රටවල් 7හි රජ පදවියට පත්විය.
දැනට (වසර 2010) ස්වාධීන රාජ්‍යයන් 16ක කිරුළු වෙන් වෙන්ව (separately) සමානව (equally)දරයි. සෛද්ධාන්තිකව දැනට ලොව සිටින වඩාත්ම බලතල සහිත පුද්ගලයා වන නමුදු ඇය සිය බලතල භාවිතාකිරීම ඉතා දුර්ලභය.
ලංකාවේ රැජින ලෙස
[සංස්කරණය]
1952 පෙබරවාරි 6 දින VIවන ජෝජ් රජගේ මරණනින් පසු එංගලන්තයේ රජවූ IIවන එලිසබෙත් රැජින ලංකාවේද ((එවකට රජයේ එකම නිල බසින් මෙය සිලෝන් නම් විය)රජ ලෙස පත්විය.
එම රජ තනතුර නාම මාත්‍රික රජතනතුරක් විය.
සිංහල රාජවංශික තත්‍වය ලබාදීම
[සංස්කරණය]1954 වසරේ සිංහල අළුත් අවුරුදු දින (අප්‍රේල් 12) ලංකා පාර්ලිමේනතුව විශේෂ ස්ථානයක විශේෂ අයුරකින් රැස්විය. ස්ථානය කොළඹ නිදහස් චතුරස්‍රය චූ අතර සිංහල බෞද්ධ රාජසභාවක අකාරයට සකසා තිබුනි. ඔටුනු පලඳා රාජෝත්මිය සිංහාසනාරූඩ ගතවූ අතර රටේ නායිකාව ලෙස පාර්ලිම්න්තු සැසිවාරය විවෘත කිරීමේ කිරීටක දේශනය පවත්වන ලදී. අනතුරුව ස' ඔලිව' ගුණතිලක මහතා ජනතාව වෙනුවෙන් ප්‍රකාශක් කරමින් IIවන එලිසzබෙත් රැජින මෙවක් පටන් සිංහල රාජාවලියට ඇතුලත් කරගන්නා බවත් අපේම ස්වෛරීය සිංහල රැජිනක් සේ පිලිගන්නා බවත් රාජිණයට දන්වා සිටින ලදී. අනතුරුව සභානායක ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ස්තූති කතාව පවත්වා සභාව අවසන් කරන ලදී.
රාජ්‍යත්‍වය අහෝසි කිරීම
[සංස්කරණය]1971 කැරැල්ල
[සංස්කරණය]1971 දී ජනතා විමුක්ති පෙරමුණ පවතින රාජාණ්ඩුව පෙරලා ජනරජයක් පිහිටුවීම සඳහා සන්නද්ධ කුමන්ත්‍රනයක් දියත්කලද එය අසාර්ථක විය. එහිදී දහස් ගණනක් ජීවිත විනාශ විය. මහා රාජණියගෙ රාජාණ්ඩව පෙරලීමට කුමන්ත්‍රණයකිරීම චෝදනාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ නායක රෝහණ විජේවීර ඇතුළු 13දෙනෙකුට නඩු පවරා වැරදිකරු වූයෙන් සිරගතකරන ලදී.
1972 අණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
[සංස්කරණය]1972 මැයි 21 දින දක්වා එතුමිය ලංකා රාජධානියේ රජකම හෙබැවීය. 1972 මැයි 22 දින විප්ලවයක් සිදුකරමින් ජනරජ වයවස්ථාව ක්‍රියාත්මක කල අතර ජනරජයේ නාමමාත්‍රික නායකත්වය ජනාධිපති නමින් අළුතින් ඇතිකල තනතුරද පවරන ලදී. එම තනතුරට පත්කරන ලද්දේද එතෙක් රැජින නියෝජනය කල අගුණ්ඩුකාර පදවිය දැරූ පුද්ගලයාම වීම විශේෂත්වයකි.
ආගම
[සංස්කරණය]ලංකාවේදී ඇයගේ ආගම ලංකා සභාව විය.
Issue
[සංස්කරණය]Name | Birth | Marriage | Issue | Divorce | |
---|---|---|---|---|---|
චාල්ස් කුමාරයා | 14 November 1948 | 29 July 1981 | Lady Diana Spencer | Prince William of Wales Prince Henry of Wales |
28 August 1996 |
9 April 2005 | Camilla Parker-Bowles | ||||
Princess Anne, Princess Royal | 15 August 1950 | 14 November 1973 | Mark Phillips | Peter Phillips Zara Phillips |
28 April 1992 |
12 December 1992 | Timothy Laurence | ||||
Prince Andrew, Duke of York | 19 February 1960 | 23 July 1986 | Sarah Ferguson | Princess Beatrice of York Princess Eugenie of York |
30 May 1996 |
Prince Edward, Earl of Wessex | 10 March 1964 | 19 June 1999 | Sophie Rhys-Jones | Lady Louise Windsor Viscount Severn |
Ancestry
[සංස්කරණය]ආශ්‍රිත ලිපි
[සංස්කරණය]References
[සංස්කරණය]Further reading
[සංස්කරණය]- Allison, Ronald; The Queen: 50 Years - A Celebration; HarperCollins UK (October 1, 2001) (ISBN 0004140788)
- Bond, Jennie (2006). Elizabeth: Eighty Glorious Years. London: Carlton Publishing Group. ISBN 10-1-8442-360-7; 13-978-1-8442-360-9
- Bousfield, Arthur; Toffoli, Gary (2002). Fifty Years the Queen - A Tribute to Elizabeth II on Her Golden Jubilee. Hamilton: Dundurn Press. ISBN 9781550023602.
- Brandreth, Gyles (2004). Philip and Elizabeth: Portrait of a Marriage. London: Century. ISBN 0-7126-6103-4
- Erickson, Carolly; Lillibet: An Intimate Portrait of Elizabeth II; St. Martin's Press; 1st edition (January 26, 2004) (ISBN 0312287348)
- Lacey, Robert (2002). Royal: Her Majesty Queen Elizabeth II. London: Little, Brown. ISBN 0748104097.
- Lacey, Robert; Monarch: The Life and Reign of Elizabeth II; Free Press (May 6, 2003) (ISBN 0743236696)
- Noakes, Michael & Noakes, Vivien; The Daily Life of the Queen: An Artist's Diary; Trafalgar Square (2001) (ISBN 009186982X)
- Pimlott, Ben; The Queen: Elizabeth II and the Monarchy; Harper Collins;revised edition (2007) (ISBN 0-007-11436-2)
- Roberts, Andrew (2000) The House of Windsor. (Edited by Antonia Fraser) London: Cassell & Co. ISBN 0304354066
- Waller, Maureen; Sovereign Ladies: Sex, Sacrifice, and Power. The Six Reigning Queens of England; New York, St. Martin's Press (2006) (ISBN 0-312-33801-5)
- Jubilee A Celebration of 50 Years of the Reign of Her Majesty Queen Elizabeth II; Cassell & Co (2002) (ASIN B000BMS0UE)
External links
[සංස්කරණය]- Official website
- සැකිල්ල:Genealogics name
- Elizabeth II: Modern Monarch
- The official YouTube channel
- A short video of Elizabeth's coronation සංරක්ෂණය කළ පිටපත 2007-08-27 at the Wayback Machine from Encarta encyclopedia.
- BBC Coverage of The Queens Golden Jubilee (2002)
- CBC Digital Archives - Canada's New Queen
- CBC Digital Archives - Coronation of Queen Elizabeth II
දෙවන එලිසබෙත් රැජින - ලංකාව උපත: 1926 අප්‍රේල් මරණය: ? ?
| ||
රාජ පදවි නාම | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා හයවන ජෝර්ජ් රජ |
ලංකාවේ රජ 1952–1972 |
අනුප්‍රාප්තික රාජධානිය අහෝසි කරනලදී |