දෙවන අග්බෝ රජතුමා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

දෙවන අග්බෝ රජතුමා, ක්‍රි.ව. 608-618 අතර කාලය ශ්‍රී ලංකාව පාලනය කල රජතුමෙකු වේ.

                     දස වසරක් පමණක් මේ රට පාලනය කල මෙම දෙවන අග්බෝ රජු.එම කාලය තුල ලාංකීය වාරීවංශ කතාව තුල නව පරිච්ඡේදයක් ලියන්න තරම් කරණා එකතු කල රජකෙනෙක්.මෙම කෙටි කාලය තුල  කන්තලේ වැව, ගිරිතලා වැව, බලාහස්ස වැව වැනි ඉතා විශාල වාරී නිර්මාණ ඉදි කර ඇත.මේ අතරින් කන්තලේ වැව ලංකාවේ ගැඹුරැතම වාරි කර්මාන්තය ලෙස සැලකේ.එහි වැව් බැම්මේ ඇතැම් ස්ථානයක උස අඩි 52.5ක් පමණ වේ.පළමුවන අග්බෝ රජුගෙන් පසු ලංකාවේ සිහසුන හිමි කර ගත් දෙවන අග්බෝ රජු.පළමු වන අග්බෝ රජතුමා නතර කල තැන පටන් ඉදිරියට ඊටත් වඩා ඉහළින්. ක්‍රි.ව.609 දී රජ පැමිණි ඔහුගේ රාජ්‍ය කාලයද පළමුවන අග්බෝ රජුගේ කාලයේ මෙන්ම වැසියාට වැඩදායක සමයක් විය මෙම දෙවන අග්බෝ පළමුවන අග්බෝ රජුගේ සොහොයුරෙකුගේ පුත්‍රයාය.මෙතුමා තවත් කාලයක් රජ්‍යය පාලනය කලා නම් මහසෙන් වසභ ධාතුසේන  වැනි රජවරුන් මෙන් අද මෙන්ම හෙටත් නිරන්තරයෙන් කතා බහට ලක් වන විශිෂ්ඨ වාරී නිර්මාණයන් බිහිවනු ඇත.
                     දිවයිනේ බොහෝ වෙහෙර විහාර කරවා ඒවාට ගම්බිම් පැවරීම කළ මේ රජ තෙමේ සසුන බැබළවූ ධාර්මික රජ කෙනෙකු වශයෙන් චූල වංශයේ විස්තර දැක්වේමේ රජුගේ උදාර පිංකම් අතරින් එකක් වන්නේ බුදු සමය හදුන්වා දීමෙන් පසු නිර්මාණය කළ පළමු චෛත්‍ය රාජයා වූ ථූපාරාම දාගැබ සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කරවීමය බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව මෙහි නිධන් කර තිබූ අතර දාගැබ ප්‍රතිසංස්කරණයේදී නිධන් කර තිබූ දකුණු අකු ධාතූන් වහන්සේ ලෝවා මහා ප්‍රාසාදයෙහි සුරක්ෂිතව තැන්පත් කොට චෛත්‍යයේ සියලු ප්‍රතිසංස්කරණ වැඩ නිම වූ පසු යළි නිධන් කරනු ලැබූ බව කියවේමහාවංශයේ කතා පුවතට අනුව දෙවන අග්බෝ රජතුමා දළදා මන්දිරයක්‌ ඉදිකර ඇත. දෙවැනි අග්බෝ රජතුමා සාදවන ලද දළදා මන්දිරය රනින් හා රුවනින් සරසන ලද බව කියෑවේ. එසේම අලංකාර කරඬුවක්‌ද ඉදිකළ බව පැවසේ. ඊට "ධ ම්ම ච ක්‌ක ඝර" යන නම ව්‍යවහාර විය.
                            අනුරාධපුර නගරයේ ඉදිකළ මුල්ම දළදා මන්දිරය මෙය බවට විශ්වාස කෙරේ. දෙවැනි අග්බෝ රජතුමා ධාතු මන්දිරයක්‌ද කළ බවට තොරතුරු මහාවංශයේ සඳහන් වේ,.අවාසනාවන්ත කාරණය නම් මෙතුමා විසින් නිර්මාණය කරන ලද කන්තලය වැව වර්තමානයේ දමිළ රජකෙනෙක් විසින් නිර්මාණය කල නිර්මාණයක් ලෙස හුවාදක්වමින් සිතුවම් ඇද කොනෙශ්වරම් හී මිනිස්සු හට වැරදි වැටහිමක් ලබා දිමයි.එය නිවැරදි කිරිම මෙරට වගකිව යුත්තන්ගෙ යුතුකමක් හා වගකිමක් බවයි.වියමනේ අපේ හැගිම...නැත්නම් මේ වැනි අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණයන් අපට අහිමි වන දිනයද වැඩි ඇතක නොවුණු ඇත......

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දෙවන_අග්බෝ_රජතුමා&oldid=453873" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි