Jump to content

දීඝගාමිණී

විකිපීඩියා වෙතින්
(දීඝගාමිණී කුමරු වෙතින් යළි-යොමු කරන ලදි)
දීඝගාමිණී
රාජ්‍ය සමයක්‍රි.පූ. 5 වන ශතවර්ශය
වල්ලභයාඋන්මාද චිත්‍රා
දරුවන්පණ්ඩුකාභය රජ
වංශයපණ්ඩක වංශය
පියාදීඝායු
මවදිසාලා

දීඝගාමිණී යනු ප්‍රාදේශීය පාලකයෙකි. මෙතුමා පණ්ඩුකාභය රජතුමාගේ පියා ය.

දීඝගාමිණී යනු භද්දකච්චායනා දේවියගේ සහෝදරයෙකුවන දීඝායු කුමාරයාගේ පුත්‍රයා ය. ‌

ඉතිහාස කතාව

[සංස්කරණය]

මහාවංශයට අනුව නම් දීඝගාමිණී කුමරු ශක්‍ය වංශිකයෙකි. නමුත් ඉන්දියාවේ ශක්‍ය වංශයේ ඉතිහාසය ගැන් පරික්ෂා කරල, පර්යේෂණ කරලා ලියවුණු කිසිම පර්යේෂණ කෘතියක, දීඝගාමිණී හා දීඝායු යන නම් ශක්‍ය වංශයට සම්බන්ධ වෙලා තිබිච්ච පුද්ගලයෙක් හෝ සම්ප්‍රදායක් හෝ ස්ථාන නාමයක් හෝ දක්නට ලැබෙන්නෙ නෑ.

නමුත් මේ දීඝ කියන වචනය ලංකාවේ පුරාණම සෙල්ලිපි වල දක්නට ලැබෙනවා. මේ දීඝලා ඉන්න සෙල්ලිපි හුගක් නැගෙනහිර පළාතට සම්බන්ධයි. පුරාණ කාලයේ නැගෙනහිර පළාතට කිව්වේ දීඝ මණ්ඩලය කියලා. එසේ නම් මේ දීඝ පරම්පරාව නියත වශයෙන්ම ස්වදේශිකයි.

දීඝ නාමය ප්‍රාකෘත මූලයක් ඇති වචනයකි/නාමයකි. ප්‍රාකෘත භාෂා සියල්ල ආර්ය භාෂා වේ. දීඝ නාමය අදටත් අතීත වංගය ලෙස හැඳින්වෙන වර්තමාන බටහිර බෙන්ගාල ප්‍රාන්තය තුල භාවිතා වේ. දීඝ නමැති ප්‍රදේශ පවා බටහිර බෙංගාලය තුල වර්තමානයදී පවා ඇත. දීඝ නමැති අනෙක් ප්‍රදේශද උතුරු ඉන්දීය ප්‍රදේශ තුල හමු වේ. විශේෂ කරුණ වන්නේ මෙම දීඝ නම ඇති ප්‍රදේශ උතුරු ඉන්දියාව පුරාවට හමුවුවත් එම නම ද්‍රවිඩ දකුණු ඉන්දීය ප්‍රදේශ වල හමු වන්නේ නැත. මහාවංශ ආඛ්‍යානයට අනුව දීඝ ගාමණී කුමරුට උතුරු භාරතීය සම්භවයක් තිබුන හෙයින් ඔහුගේ මුල් නම ඇති ප්‍රදේශ උතුරු ඉන්දියාවේ නොයෙකුත් ස්ථාන වලින් හමුවීම අරුමයට  කරුණක් නොවේ. කරුණක් නොවේ.

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

[1] [2] [3] [4] [5]

  1. ^ දීපවංශය
  2. ^ මහාවංශය – නවවෙනි පරිච්ඡේදය, අභය රජ්ජුරුවන්ගේ අභිෂේකය
  3. ^ ලංකා ඉතිහාසය
  4. ^ මහමෙව්නාව වෙබ් අඩවිය
  5. ^ https://mahamevnawa.lk/mahawanshaya-cp-09
"https://si.wikipedia.org/w/index.php?title=දීඝගාමිණී&oldid=743309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි