උන්මාද චිත්‍රා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
උන්මාද චිත්‍රා
වල්ලභයා දීඝගාමිණි කුමාරයා
දරුවන් පණ්ඩුකාභය රජ
පියා පණ්ඩුවාසුදේව රජු
මව භද්දකච්චායනා දේවිය

උම්මාද චිත්‍රා සිංහල රාජවලියේ එන සුවිශේෂ චරිතයකි. චිත්‍රා කුමරියගේ දෙමාපියන් ඉන්දීය ජාතිකයන් වූ අතර චිත්‍රා කුමරිය සිංහලද්වීපයේ උපත ලැබීය. ඇගේ පියා පඩුවස්දෙවු රජු වූ අතර මව භද්‍රකච්චායනා බිසවයි. චිත්‍රා කමරියගේ මව වූ භද්ද්‍රකච්චායනා බිසව සිදුහත් කුමරුගේ පියාගේ පරපුරට අයත්විය. සිදුහත් කුමරුගේ පියා වූ සුද්ධෝදන රජුගේ සොයුරු අමිතෝධන රජුගේ පුත්‍රයා වූ පණ්ඩු කුමරුට දාව සුසීමා කුමරියගේ කුසින් බිහිවූ එකම දූ කුමරිය භද්‍රකච්චායනා විය. භද්‍රකච්චායනා කුමරියට වැඩිමල් සහෝදරයන් හත් දෙනකුවිය.එනම් චිත්‍රා කුමරියට මාමාවරු හද් දෙනකුවිය.

භද්‍රකච්චායනා කුමරිය ලංකාවට පැමිණීම[සංස්කරණය]

තරුණවියට එළැඹි භද්දකච්චායනා කුමරියගේ අසමාන රූපසෝභාව නිසා ඇයට වශි වූ රජ කුමාරවරු ඇයව විවාහ කරගැනීමට පණ්ඩු කුමරුවෙත හසුන්පත් එවූහ. මෙම කුමාරවරු ඇය නොලැබුන හොත් සටන්කර හෝ ඇය ලබාගන්නා බවට තර්ජනය කළෝ ය. මෙයින් බියට පත් භද්‍රකච්චායනා කුමරියගේ පියා පණ්ඩු කුමරු නැකැත්කරුවන් ගෙන්වා කරුණු විමසී ය. නැකැත්කරුවන් විසින් රජු හට පැවසූයේ වහාම කුමරිය ගංගානම් ගඟේ පා කර හැරිය යුතු බවයි. වෙනත් කරන්නට කිසිවක් නොවූ තැන පණ්ඩු කුමරුන් ඇයව නෞකාවක නංවා ඇගේ පරිවාර ස්ත්‍රීන් 32 ක් සමඟ පා කර හැරියේ ය. සති කිහිපයකට පසු කුමරිය රැගත් ඹරුව ශ්‍රී ලංකාවේ තම්මමැන්නා වෙරළට ගොඩබැසී ය. පසුව ඇය එවක රජ කළ පඬුවස්දෙවු රජුගේ අගමෙහෙසිය විය.

පඬුවස්දෙවු රජුගේ ලංකාගමනය[සංස්කරණය]

තම්මැන්නාව අගනුවර කරගෙන රජකළ විජය රජු කුවේණියගේ ශාපය නිසා දිවිදෝෂය සෑදී මිය ගියහ. පසුව විජය රජුගේ ඇමතිවරයෙකුව සිටි උත්තිය කුමරු තාවකාලිකව සිහසුන හෙබ වීය. විජය රජුගේ මරණයෙන් පසු රජකම සදහා රාජවංශිකයෙකු සිටිය යුතු බව ලක්දිව ජනයාගේ අදහස විය. විජය කුමරුගේ සහෝදරයෙකුගේ පුතකු වූ පඩුවස්දෙවු කුමරු ලංකා රජ්‍ය සදහා හසුන්පත් යවා ගෙන්වා ගත්හ. ක්‍රි.පූ. 504 ලංකා රජ්‍යෙය් කිරුළ පැළදී ය. භද්‍රකචිචායනා කුමරිය පැමිණිමත් සමඟ ඇයව අග බිසව කර ගෙන රාජ්‍ය විචාලී ය. මොවුන් දෙදෙනාට පිරිමි දරුවන් දස දෙනකු හා චිත්‍රා කමරිය ලැබිණ.

චිත්‍රා කුමරියගේ උපත හා එක්ටැම්ගෙයි සිරවීම[සංස්කරණය]

පඩුවාසුදෙවු රජුටත් භද්‍රකච්චායනා කුමරියටත් කුමාරවරු දසදෙනකු ලැබිණි. මෙම රාජකීය පවුලේ එකළොස්වන සාමාජිකාව ලෙස චිත්‍රා කුමරිය ලොවට බිහිවී ය. ඇය උපන් මොහොතේ චේලාපත්කඩ පරික්ෂාකර බැලූ නැකැත්කරුවෝ අැයට පුතකු බිහි වුව හොත් ඔහු තම මාමාවරු මරා රජ්‍යත්වයට පත්වන බවට අනාවැකි පැවසූහ. මෙය දැනගත් චිත්‍රා කමරියගේ සොහොයුරන් ඇය තිඹිරිගෙය තුලම මරා දැමියයුතු බවට යෝජනා කළහ. එහෙත් වැඩිමල් සොයුරු අභය කුමරු එයට විරුද්ධ විය. ඔහුගේ අදහස වූයේ ඇයව පුරුෂයකුගේ ඇසුර නොලැබෙන ලෙස එක්ටැම් ගෙයක සිර කර තබන ලෙසයි.

දීඝ ගාමිණී කුමරැ හමුවීම හා පණ්ඩුකාභය කුමරු බිහිවීම[සංස්කරණය]

භද්‍රකච්චායනා බිසවගේ සොයුරකු වූ දීඝායු කුමාරයාට දීඝගාමිණී නමින් පුතකු සිටියේය.ඔහු චිත්‍රා කුමරියගේ රූප ශ්‍රීය අසා ඇයව විවාහකර ගැනීමේ කැමැත්තේ පසුවිය.දීඝ ගාමිණී කුමරු තම මාමා වූ පඩුවස්දෙවු රජුහමුවී රජවාසලේ සේවය කිරීමට කැමැත්ත ප්‍රකාශ කළේය.රජුද එයට කැමැත්ත පළතළ අතර ඔහු රජවාසළ සේවයට අනුයුක්තකර ගත්තේය.මෙසේ සිටින අතරතුර චිත්‍රා කුමරිය දැකගැනීමේ ආසාවෙන් සිටි ඔහුට එක්ටැම්ගෙයි සිටි කුමරිය දැක ගැනීමට හැකිවිය.ඇය කෙසේ හෝ හමුවිය යුතුයි සිතූ ඔහු මුරකරුවන් දෙදෙනකුවූ චිත්තරාජ හා කාලවේල හා එකතුව ඇය සිටි එක්ටැම් ගෙට අතුළු වීමට හැකිවිය.ජනප්‍රවාදයන්හි එන පරිදි ඔහු කුරුමිණියකු ගේ ඉදිරි අඩුවල මීපැණි තවරා ග්‍රාවල නූලක් අමුනා මීපැණි සුවද ඔස්සේ ඉදිරියට ගමන්කළ කුරුමිණියා එක්ටැම් ගෙට ගියබවත් පසුව කඹයක ආධාරයෙන් එක්ටැම් ගෙට පිවිසි ගාමිණි කුමරු චිත්‍රා කමරිය අතර ඇතිවූ සම්භන්ධය නිසා කුමරිය ගැබ්ගත්තාය.

මෙය දැනගක් චිත්‍රා කුමරියගේ සහෝදරයන් චිත්තරාජ හා කාලවේල යන මුරකරුවන් මරා දැමීය.පසුව ඔවුන් යක්ෂයන් ලෙස උපතලබා පණ්ඩුකාභය කුමරු ආරක්ෂා කිරීමට පෙළඹුනහ.චිත්‍රා කුමරියගේ සොයුරන්ගේ අදහසවූයේ කුමරියට පිරිමි දරුවකු ලැබුනහොත් තිඹිරි ගෙයිම මරා දැමීමටත් කුමරියක උපත ලැබුවොත් ඇය හදාවඩා ගැනීමටත්ය.එහෙත් චිත්‍රා කුමරියට ලැබුනේ පිරිමි දරුවෙකි.ඇය වහාම තමාට උපන් කුමරු එදිනම උපන් ගැහැණු දරුවකුට රහසින් මාරු කළේය.මෙම කුමරු පසුව පණ්ඩුකාභය රජ නමින් සිංහල දීපයේ රජ්‍යත්වය ලැබීය.සිංහල රාජාවලියේ වැඩිම කාලයක් වූ වසර 70 අනුරධපුර රාජධානිය කරගෙන රජ්‍ය විචාළේය.

බාහිර සබැදුම්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • මිහිර(2006)එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම(44 වන කාණ්ඩය)ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම කාන්තාවෝ ඒ.ඩී ප්‍රියංගිකා
"https://si.wikipedia.org/w/index.php?title=උන්මාද_චිත්‍රා&oldid=424595" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි