දිය යට පවතින වස්තූන් සම්බන්ධ පුරා විද්‍යාව‍

විකිපීඩියා වෙතින්

මෙම පුරා විද්‍යා ක්ෂේත්‍රය තුළ දී කරදියේ, මිරිදියේ හෝ ජලය සමඟ තැන්පත් වූ අවසාදනයන්ගේ අඩංගු භෞතික වස්තූන්/ නටඹුන් ඇසුරින් ආදි මානව ජීවිතය ඔවුන්ගේ හැසිරීම් සහ ඔවුන්ගේ සංස්කෘතීන් පිළිබඳ අධ්‍යයනය කෙරේ. මෙය බොහෝ විට සමුද්‍ර පුරා විද්‍යාවට අයත් ක්‍ෂේත්‍රයක් ලෙස සැලකේ. දිය යට පිහිටි පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන ළඟා වීමට තිබූ අපහසුතාවය හේතුවෙන් මෙම ක්ෂේත්‍රයට අදාල ආරම්භක ශක්‍යතාවයන් සහ උපකරණ, දියේ ගිලුණු වස්තූන් ‍ගොඩ ගැනීම සම්බන්ධ ආයතන සහ පුද්ගලයන් ආශ්‍රිතව භාවිතයට පැමිණියේය. ආරම්භයේ දී මෙම ක්ෂේත්‍රය නියමාකාර පුරා විද්‍යාත්මක ක්ෂේත්‍රයක් ලෙස පිළිගැනීමේ දී මත ගැටුම් පැවතුණි.

මෙම ක්ෂේත්‍රයට අයත් පුරා විද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන සහ පිහිටුම් අතරට ගිලී ගිය නැව් හා ගුවන් යානා, පාලම්, වරාය සහ ක්‍රැනොග් ආදී ජලාශ්‍රිත ඉදි කිරීම්වල නටඹුන් හෝ පසුකාලීනව ඉහල ගිය මුහුදු මට්ටම හෝ වෙනත් හේතු නිසා ජලයට යට වූ මානව වාසස්ථාන ආදිය අයත් වේ.

ජලය යට පිහිටි වැඩ බිම්වලදී මතු වන අභියෝග[සංස්කරණය]

ජලය යට පිහිටි වැඩ බිම් ගොඩබිමෙහි පිහිටන වැඩ බිම් හා සැසදීමේදී ප්‍රවේශයට වඩා අපහසුවන අතර වඩා අනතුරුදායක වේ. වැඩ බිමට සෘජුවම ප්‍රවේශ වීම සඳහා කිමිදීම උපකරණ හා කිමිදීමේ හැකියාව අත්‍යවශ්‍ය වේ. කිමිදුම්කරුවන්ට යා හැකි ගැඹුර හා ඒ ඒ ගැඹුරවල්වලදී ගත කළ හැකි කාල පරාසය සීමා සහිත වේ. කිමිදුම්කරුවන්ට යාමට නොහැකි ගැඹුරු වැඩ බිම් සඳහා සබ්මැරීන හෝ දුරස්ථ සංවේදන උපකරණ අවශ්‍ය වේ.

සමුද්‍රාශ්‍රිත වැඩ බිමක් සඳහා යම් ආකාරයක වැඩ කිරීමේ වේදිකාවක් (සාමාන්‍යයෙන් බෝට්ටුවක් හෝ නෞකාවක්) අවශ්‍ය වේ. මෙය ප්‍රවර්ධන ගැටළු මතු කරයි. ජලය යට පිහිටි පුරා විද්‍යා සඳහා වූ වැඩ කිරීමේ වේදිකාවකට විශේෂිත දුරස්ථ සංවේදන උපකරණ සැපයීමට, පුරා විද්‍යාත්මක ප්‍රතිඵල විශ්ලේෂණයට, ජලය තුළදී සිදුවන කටයුතුවලට සහාය දැක්වීමට, අවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කර තැබීමට, ජලයෙන් සොයා ගත් අයිතම සංරක්ෂණය කිරීමට මෙන්ම සේවකයන් සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් සැලසීමට හැකි විය යුතුය. ජල ඉසින හා වායු සෝපාන ඇතුළුව පුරා විද්‍යාත්මක පර්යේෂණ සඳහා යොදා ගන්නා උපකරණ ද අතිරේක අනතුරු හා ප්‍රවර්ධන ගැටළු මතු කරයි. තවදුරටත් සමුද්‍රාශ්‍රිත වැඩ බිම් බලවත් රළ පහරවල්වලට හෝ දුර්වල කාළගුණික තත්වයන්ට භාජනය විය හැක. එනම් වැඩ බිමට ප්‍රවේශ විය හැක්කේ සීමා සහිත කාල ප්‍රමාණයකට පමණි.

ජලය යට පිහිටි වැඩ බිම් සාමාන්‍යයෙන් ගතික වේ. එනම් ‍ඒවා ධාරා, සුළි, කුණාටු හෝ උදම් ප්‍රවාහ මඟින් චලනය විය හැකිය. අදාල ව්‍යුහ නොසිතූ පරිදි අනාවරණය වීම හෝ මුහුදු පත්ලේ සැඟවී යාම සිදු විය හැක. අධික කාලයක් තිස්සේ අනාවරණය වූ ව්‍යුහ මල කා කෑලිවලට කැඩී විසිරී යා හැකිය. අවට පරිස‍රයේ ඇති ගතික ස්වභාවය මඟින් සමහරක් විට සවාස්ථික සංරක්ෂණය අවලංගු කළ හැකිය. විශේෂයෙන් මුහුදු බත් වූ නැවක ලී වැනි අනාවරණය වූ කාබනික ද්‍රව්‍ය පිඩොක් වැනි මුහුදු ජීවීන් විසින් පරිභෝජනය කිරීමට ඉඩ ඇත. මීට අමතරව ජලය යට පිහිටි වැඩ බිම් රසායනිකව ක්‍රියාකාරී විය හැකි අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝහ ව්‍යුහවල ඇති යකඩ පිඩු ඇති වීම සඳහා ක්ෂය වීම සිදු විය හැක. ඉන්පසු මුල් ලෝහය භංගුර තත්වයේ තිබෙනු ඇත. ජලය යට පිහිටි වැඩ බිම්වලින් සොයා ගන්නා ලද මානව කෘති සඳහා විශේෂ සැලකිල්ලක් අවශ්‍ය වේ. ‍

මන්ඩි හෝ ඇල්ගී හා අඩු ආලෝක විනිවිද යාම නිසා දර්ශනය දුර්වල විය හැක. එනම් භූමිය මත දී හොඳින් ක්‍රියාත්මක වන සමීක්ෂණ තාක්ෂණික ක්‍රම (ත්‍රිකෝණකරණය වැනි) සාමාන්‍යයෙන් ජලය යට දී කාර්යක්ෂමව යොදා ගත නොහැකි බවයි.

ඊට අමතරව පුරා විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵල සඳහා ප්‍රවේශයක් සැපයීම පහසු විය හැක. එයට හේතුව ජලය යට පිහිටි වැඩ බිම් හොඳ ප්‍රවේශ වීමේ හැකියා හෝ සාමාන්‍ය ජනතාව සඳහා ප්‍රවේශ සපයන්නේ නැති නිසාය.

තාක්ෂණික ක්‍රම[සංස්කරණය]

දියයට වැඩ කිරීමේ දී ඇති වන බාධක මැඩ පැවැත්වීම සදහා විශේෂිත තාක්ෂණික ක්‍රම හා මෙවලම් දියුණුකර තිබුණත් පුරාවිද්‍යාත්මක අරමුණු හා ක්‍රියා වලි අනෙක් ඕනෑම සන්දර්භයක් මෙන්ම සමාන වෙයි. කෙසේ නමුත් දිය යට පිහිටි ප්‍රදේශයක් සමීක්ෂණය කිරීම ඒහා සමාන භූමි ප්‍රදේශයක් සමීක්ෂණයට වඩා වැඩි කාලයක් ගන්නා අතර වඩා වියදම් අධික වෙයි.

ව්‍යාපෘති සැලසුම් කරනයේ වැදගත් අංගයක් වන්නේ බො‍්ට්ටුවෙන් සිදුවන මෙහෙයුම් ප්‍රවර්ධනය කළමනා කරණය හා කිමිදුම් ක්‍රියාවලි කළමණාකරණයයි. ප්‍රදේශයේ පිහිටි ජලයෙහි ගැඹුර හා ප්‍රවේශය, රළ, වර්ථමාන හා ඉදිරියට පැමිණෙන කාලගුණික තත්ත්ව වැනි බාධක මගින් අවහිරවී ඇත්දැයි යන්න භාවිතා කෙරෙන තාක්ෂණික ක්‍රම මත බලපෑම් ඇති කිරීම හෝ දී ඇති වියදමක දී හෝ කාල ප්‍රාන්තරයකදී සිදු කළ හැකි ගවේෂණ ප්‍රමාණය මත බලපෑම් ඇති කිරීම සිදු කරයි. ඉතා සුපරික්ෂාකාරීව ගවේෂණය සිදු කරන ප්‍රදේශ බොහෝමයක් (මේරි රෝස් ඇතුළත්ව) වෘත්තීය පුරා විදයාඥයින් සැලකිය යුතු කාලාන්තරයක් පුරා සේවයෙහි යොදවා ඇත.

ගොඩබිමෙහි වු පුරාවිද්‍යාව මෙන් සමහරක් තාක්ෂණික ක්‍රම සරළ උපකරණ යොදා ගනිමින් අතින් සිදු කරන ඒවා (සාමාන්‍යයෙන් කිමිදුම් කරුවන් ඒක අයෙකුගේ හෝ කිහිපයකගේ මහන්සිය මත රදා පවතියි.) වන අතර අනෙක්වා උසස් තාක්ෂනික ක්‍රම හා වඩා සංකිර්ණ ප්‍රවර්ධන යොදා ගනිමින් (උදාහරණ ලෙස උපකරණ හැසිරවීමේ දොඹකර අඩංගු විශාල සහය නෞකා, දියයට සන්නිවේදනය හා පරිගණක දෘෂ්‍ය කරණය)

ආශ්‍රිත[සංස්කරණය]

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Underwater_archaeology