Jump to content

දිනුර ප්‍රදීප් බාලසූරිය

විකිපීඩියා වෙතින්
දිනුර ප්‍රදීප් බාලසූරිය
Bornපෙබරවාරි 2, 1981(1981-02-02)
Educationනාලන්දා (පිරිමි) මාධ්‍ය මහා විද්‍යාලය, මිනුවන්ගොඩ
Occupationsගිටාර් වාදක, සංගීත ලේබල කළමණාකරු
Years active1981-වර්තමානය

දිනුර ප්‍රදීප් බාලසූරිය (ඉංග්‍රීසි: Dinura Pradeep Balasooriya) ගිටාර් වාදකයෙක් මෙන්ම සංගීත ලේබල කළමණාකරුවෙකි. වර්ෂ 2008 පෙබරවාරි 02 දින DinuraCreations යාජීවගත සංගීත ලේබලය ආරම්භ කළේය.[1]

වෘතිය

[සංස්කරණය]

සිංහල සංගීතය ජාත්‍යන්තරයට ගෙනයෑමේ අභිලාශය ඇතිව යාජීවගත සංගීත ලේබලය ඇරඹු ඔහු ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සංගීත ලේබල ගණනාවක් ඇමෙරිකාවේ WFMU ප්‍රජා ගුවන්විදුලිය මගින් පවත්වාගෙන යනු ලබන Free Music archive ව්‍යාපෘතිය හරහා අන්තර්ජාතිකව ප්‍රචලිත කර ඇත.[2] එසේ පළකර ඇති ඇල්බම කීපයක් නම්;

  • වසන්ත ගීතය - පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව
  • දඹකොළ පටුනේ - මාලනී බුලත්සිංහල
  • සඳ කුමාරියක් - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
  • සාරි පොඩිත්තක් - ආචාර්ය නන්දා මාලිනි

මුලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Dinura Pradeep Balasooriya".
  2. ^ "DinuraCreations".