දෑස් බැඳගෙන ඇල්ලීම

විකිපීඩියා වෙතින්
දෑස් බැඳගෙන ඇල්ලීමේ ක්‍රීඩාගේ යෙදෙන කාන්තාවන් දැක්වෙන 1803 දී ඇඳි සිතුවමක්

දෑස් බැඳගෙන ඇල්ලීම [1] ලුහුඹැඳ අල්ලාගැනීමේ ක්‍රීඩාවකි. එය ටැග් ප්‍රභේදයකි ප්‍රභේදයකි. එය ටැග් ක්‍රීඩාවෙන් වෙනස් වන්නේ අල්ලන ක්‍රීඩකයාගේ දෑස් බැඳ ඇති බැවිනි. මෙම ක්‍රීඩාවේ සාම්ප්‍රදායික ඉංග්‍රීසි නම "Blind man's buff" වේ. එහිදී බෆ් (buff) යන වචනය කුඩා තල්ලුවක් යන පැරණි අර්ථයෙන් භාවිතා වේ.

ක්‍රීඩා කරන ආකාරය[සංස්කරණය]

දෑස් බැඳගෙන ඇල්ලීම එළිමහනේ හෝ විශාල කාමරයක වැනි ඉඩකඩ සහිත ප්‍රදේශයක හෝ ක්‍රීඩා කරනු ලැබේ. එහිදී එක් ක්‍රීඩකයෙක් අනෙක් ක්‍රීඩකයන් දැකීමට නොහැකිවන සේ දෑස් බැඳගෙන, ඔවුන්ව ස්පර්ශ කිරීමට උත්සාහ කරයි. අනෙකුත් ක්‍රීඩකයෝ විසිරී ගොස් අල්ලන්න ක්‍රීඩකයාව මග හැරීමට උත්සාහ කරති. ඔවුහු අල්ලන්නා ඉදිරියේ හෝ දෙපස සිටින අතර සමහර විට ඔවුන්ට උසුළු විසුළු කරමින් අල්ලන්නා ගමන් කරන දිශාව වෙනස් කිරීමට බලපෑම් කරති. [2]

දෑස් බැඳි ක්‍රීඩකයා යමෙකු අල්ලා ගත් විට, අල්ලා ගත් ක්‍රීඩකයාගේ නව අල්ලන්නා බවට පත් බවේ. එවිට අල්ලා ගන්නා තැනැත්තා ඔවුන්ගෙන් පලා යයි.

අනුවාද[සංස්කරණය]

1912 චීන ප්‍රාථමික සිසුන්ගේ පාසල් පොතක හැංගි මුත්තම් (捉迷藏) ක්‍රීඩා කිරීමේ උපදෙස් දැක්වෙන සිතුවමක්
දෑස් බැඳගෙන ඇල්ලීම ( Bịt mắt bắt dê</link> ) දැක්වෙන වියට්නාම Hàng Trống සිතුවමක්

මෙම ක්‍රීඩාවේ අනුවාද කිහිපයක් තිබේ:

  • එක් ආකාරයක, අල්ලන්නා විසින් අල්ලාගත් පළමු ක්‍රීඩකයා පසුව අල්ලන්න බවට පත්වීමට පෙර තවත් වටයක් එක් ක්‍රීඩා කෙරේ. චීන අනුවාදයේ එය එලෙස ප්‍රථමයෙන් අල්ලා ගත් තැනත්තා lìng dài ලෙස හැඳින්වේ</link> (令代</link>. එය වචනාර්ථයෙන් "ස්ථානය ගැනීමට ලංසු තැබීම" වේ).
  • වෙනත් ආකාරයක, දෑස් බැඳගත් ක්‍රීඩකයා වෙන යම් ක්‍රීඩකයෙකු අල්ලාගත් විට, අසුවූ ක්‍රීඩකයා ක්‍රීඩාවෙන් ඉවත් වේ. එලෙස සියලුම ක්‍රීඩකයින් ක්‍රීඩාවෙන් ඉවත් වන තෙක් ක්‍රීඩාව ක්‍රියාත්මක වේ. ඉන්පසු ක්‍රීඩාවේ තවත් වටයක් ආරම්භ වන අතර, ඉහත වටයේදී අල්ලාගත් පළමු හෝ අවසන් ක්‍රීඩකයා මෙම වටයේ අල්ලන්නා බවට පත්වේ.
  • තවත් ආකාරයක, දෑස් බැඳගත් ක්‍රීඩකයා යමෙක් අල්ලාගත් විට, හසුවූ පුද්ගලයාගේ මුහුණ ස්පර්ශ කර ඔවුන් කවුදැයි හඳුනා ගැනීමට උත්සාහ කරයි. හසුවූ පුද්ගලයා නිවැරදිව හඳුනාගත හොත් පමණක් එම පුද්ගලයා ඊළඟ අල්ලන්නා බවට පත්වේ.
  • එක් විශේෂිත ජපන් අනුවාදයක, ක්‍රීඩා කරණ තරුණ ගැහැණු ළමයින් ඔවුන්ගේ කිමෝනාවෙන් සැරසී සිටින අතර, ඇසවැස්ම පැළඳි ගැහැණු ළමයා ඇස් බැඳගෙන සිටින අතරම පිරුණු තේ කෝප්පයක් එක් අතක රැගෙන යමින් අනෙක් ගැහැණු ළමයින් අල්ලා ගැනීමට හෝ ස්පර්ශ කිරීමට උත්සාහ කරයි. මෙය Shuntei Miyagawa</link> ගේ ලී කුට්ටි මුද්‍රණයක Kodomo-no-Asobi</link> (Children at Play), හි නිරූපණය වේ. 1899 දී Matsuki Heikichi විසින් ටෝකියෝවේ ප්‍රකාශයට පත් කරන ලදී</link>. [තහවුරු කර නොමැත]</link>[ උපුටා ගැනීමක් අවශ්‍යයි ]
  • අයර්ලන්තයේ ලූත් ප්‍රාන්තයේ ක්‍රීඩා කරන මෙහි අනුවාදයකදී, මෙය ඉඩකඩ අඩු, අඳුරු නිදන කාමරයක ක්‍රීඩා කරනු ලබයි. එහිදී, අඩු ආලෝකයේදී වුවත්, ඉතිරිව ඇති ආලෝකය අවහිර කිරීම සඳහා අල්ලන පුද්ගලයා දෑස් බඳිනු ලැබේ. සඳහා අඩු ඉඩකඩ සහ අඩ අඳුරේදී දෘශ්‍යතාව අඩු වීම ඉතිරි ක්‍රීඩකයින් ඇඩ්‍රිනලින් ක්‍රියාකාරිත්වය වැඩි කරයි. දෑස් බැඳි ක්‍රීඩකයාට හුදෙක් ස්පර්ශ කිරීමෙන් අන් ක්‍රීඩකයන් අල්ලා ගත නොහැකි අතර ඔවුන් යමෙකු ස්පර්ශ කර ඇති බවට සහතිකව දැනගත යුතුය. මෙහිදී අන් ක්‍රීඩකයන් සැඟවීමට වැඩි අවධානයක් යොමු කරන අතර ඔවුහු කාමරයේ ඇති ගෘහභාණ්ඩ වැනි වස්තූන් ලෙස් වෙස්වලාගෙන හසු නොවී සිටීමට උත්සාහ කරති.
Petit Livre d'Amour, Pierre Sala Partie විසිනි

ඉතිහාසය[සංස්කරණය]

"Blind-Man's Buff", ඩේවිඩ් විල්කි, Paul Jarrard & Sons, London, 1820s වලින් පසුව

මෙම ක්‍රීඩාවේ අනුවාදයක් පුරාණ ග්‍රීසියේ ක්‍රීඩා කරන ලද අතර එය "තඹ මදුරුවා" ලෙස හැඳින්වේ. [3] [4]

මෙම ක්‍රීඩාව බංග්ලාදේශයේ ළමුන් විසින් ක්‍රීඩා කරනු ලබන අතර එය අන්ධ මැස්සිය යන අර්ථය ඇති කනමාචි ලෙස හැඳින්වේ. මෙහිදී "කණ මැස්සිය වේගෙන් පියඹනවා! ඔබට හැකි ඕන කෙනෙක් අල්ලා ගන්න!" යනුවෙන් පුනරුච්චාරණය කරමින් දුවන ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු අල්ලා ගැනීමට හෝ ස්පර්ශ කිරීමට එක් දෑස් බැඳගත් ක්‍රීඩකයෙක් උත්සාහ කරයි.

ටියුඩර් යුගයේ දී දෑස් බැඳගෙන ඇල්ලීම ක්‍රීඩාකර ඇති බව සඳන් වෙන අතර, හෙන්රි VIII ගේ රාජ සභිකයන් විසින් එහි විනෝදාස්වාදය සඳහා ක්‍රීඩා කල බවද පැවසේ. එය වික්ටෝරියානු යුගයේ ජනප්‍රිය ශාලා ක්‍රීඩාවක් ද විය. කවියෙකු වන රොබට් හෙරික් ඔහුගේ 1624දී රචනා කල "A New Yeares Gift Sent to Sir Simeon Steward" යන කාව්‍යයේ විවිධ විනෝද ක්‍රීඩා අතර දෑස් බැඳගෙන ඇල්ලීම ද සඳහන් වේ: [5]

That tells of Winters Tales and Mirth,
That Milk-Maids make about the hearth,
Of Christmas sports, the Wassell-boule,
That tost up, after Fox-i' th' hole:
Of Blind-man-buffe, and of the care
That young men have to shooe the Mare

දෑස් බැඳගෙන ඇල්ලීම ඇෆ්ගනිස්ථානය ඇතුළු ආසියාවේ බොහෝ ප්‍රදේශවලත සහ යුරෝපය පුරාත් ක්‍රීඩා කරණු ලබයි.

සමාන ක්‍රීඩා[සංස්කරණය]

ඝානාවේ ළමුන් දෑස් බැඳගෙන ඇල්ලීමේ ක්‍රීඩාවේ යෙදෙන අයුරු

දෑස් බැඳගෙන ඇල්ලීමට සමාන ළමා ක්‍රීඩාවක් වන්නේ මාර්කෝ පෝලෝ ය. මාර්කෝ පෝලෝ සාමාන්‍යයෙන් පිහිනුම් තටාකයක ක්‍රීඩා කරනු ලැබේ; එහිදී දෑස් බැඳ ඇති අල්ලන ක්‍රීඩකයා "මාකෝ" යැයි හඬගසන අතර අනෙක් ක්‍රීඩකයින් "පෝලෝ" ලෙස පිළිතුරු දිය යුතුය. එමඟින් ඔවුන් සිටින ස්ථාන ශබ්දය ආධාරයෙන් අඳුනාගෙන ඔවුන්ව ලුහුබැඳීම සිදු කරයි.

මීට සමාන තවත් ළමා ක්‍රීඩාවක් වන්නේ ඩෙඩ් මෑන් ය. එහිදී අල්ලන ක්‍රීඩකයා ඇස්වැස්මක් පැළඳීම වෙනුවට ඇස් වසාගෙන අන් ක්‍රීඩකයන් ලුහුබැඳ යයි.

මේවාත් බලන්න[සංස්කරණය]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Ten Weird Children's Games from the Victoria Era and Before". Listverse (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2022-09-25. සම්ප්‍රවේශය 2022-11-18.
  2. "Körebe Nedir | Nasıl Oynanır | Kuralları?". OyunBilim (තුර්කි බසින්). 2020-04-29. 2020-05-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2020-06-06.
  3. A Greek-English Lexicon. Oxford: Oxford University Press 1889. p. 1151.
  4. “blindman’s buff,” Encyclopædia Britannica. 15th edition. 2. Chicago: Encyclopædia Britannica, Inc. 2010. p. 283.
  5. . London, Leicester Square. 1902. pp. 123–4. {{cite book}}: Missing or empty |title= (help)CS1 maint: location missing publisher (link)
"https://si.wikipedia.org/w/index.php?title=දෑස්_බැඳගෙන_ඇල්ලීම&oldid=627162" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි