ද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රියාවලිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රමය සම්පාදනය කර ඇත්තේ 15 වන ශතවර්ෂයේදී වන අතර මුල්‍ය ගිණුම්කරණ ක්‍රමයේදී මුල්‍ය තොරතුරු සැටහිමේදී නීති සමුදායක් සදහන් කර ඇත. සෑම ගනුදෙනුවක හෝ සිද්ධියක වෙනස අවම වශයෙන් වෙනස් ගිණුම් දෙකකවත් සදහන් විය යුතුය. නූතන ගිණුම්කරණයේදී ගිණුම්කරණ සමීකරණය තුලින් හර සහ බැර ලෙස මෙය කරනු ලැබේ. හිමිකම = වත්කම් - වගකීම්. මෙම ගිණුම් කරන සමීකරණය යම් ආකාරයක දෝෂ අනාවරණය කිරීමේ ක්‍රමයක් ලෙසද ක්‍රියා කරයි. හර එකතුවට අනුරුපීව බැර එකතුව සම නොවන සෑම විටම දෝෂයක් සිදුවී ඇත. හර සහ බැර එකතූන් සමාන කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විවිධ වර්ගයේ දෝෂ ඇති වීම නිසා ද්විත්ව සටහන් ගිණුම්කරණය දෝෂ ඇති නොවේය යන්නට සහතිකයක් නොවේ

වැදගත්කම[සංස්කරණය]

වනර් සොම්බාර්ට් සහ මැක්ස් වෙබර් වැනි චින්තකයින් විසින් ද්විත්ව සටහන් ක්‍රමය ධනපති ක්‍රමයේ මූලික සොයා ගැනීමක් සහ මුල්ගලක් ලෙස සලකනු ලැබ ඇත. සොම්බාර්ට් ලියූ මධ්‍ය කාලීන සහ නුතන වාණිජ වෙළදාම “යම් දෙයක් දෙස බලන ආකාරය මූලික ප්‍රාග්ධන සංකල්පයෙන් ව්‍යුත්පන්න වේ. යමෙකුට ප්‍රාග්ධනය ද්විත්ව සටහන් පොත් තැබීම ඇති වීමට පෙර නොතිබුනා යැයි කිව හැකිය. ලාභ ලැබීමට උපකාරී වුන සහ ගිණුම් වලට ඇතුලත් කරනු ලැබු යම් ප්‍රමාණයක ධනය ප්‍රාග්ධනය ලෙස හැදින්වීමටපුළුවන “


ගිණුම්[සංස්කරණය]

මුලික ලිපිය: ගිණුම (ගිණුම්කරණය)

මුල්‍ය තොරතුරු වලට අදාල වන මුල්‍ය ගනුදෙනු ප්‍රවාහ සහ මුල්‍ය තත්වය ගිණුම්කරණ ක්‍රම වාර්තා මගින් රදවා ගැනීම සහ පිටපත් කිරීම සිදු කරයි. මුල්‍ය ගනුදෙනු ප්‍රවාහයන් වල මුලිකවම අදායම් ගිණුමක ඇතුලට ගලා ඒම් සහ වියදම් ගිණුමක පිටතට ගලා යාම් ඇතුලත් වී ඇත. දේපල, මුදල් ලැබීම් හෝ මුදල් ගෙවීම් ඇතුළුව මුල්‍ය තත්ව උපාංග මුලික වර්ග වලින් එකකට ඇතුලත් වී ඇත. එනම් වත්කම්, වගකීම් සහ හිමිකම්ය. මෙම මුලික වර්ග තුලින් සෑම විශේෂ වත්කම්, වගකීම්, අදායම් සහ වියදමක්ම අදාල "ගිණුම" මගින් නිරුපනය කර ඇත. ගිණුමක් යනු හුදෙක්ම වත්කම්, වගකීම්, අදායම්, වියදම් වලට අදාල මුදල් ගලා ඒම් සහ ගලා යාම් සම්බන්ධ වාර්තාවකි. අදාල කාල කාලපරිචේදය අවසානයේදී මුල්‍ය තත්ව උපාංග තුලින් උකහා ගත් අදායම් සහ වියදම් ගිණුම් වල ගලා ඒම් සහ ගලා යාම් පමණක් පෙන්නුම් කිරීම හේතුවෙන් ඒවා තාවකාලික ගිණුම් ලෙස හදුන්වනුලැබේ.

ගිණුම් වර්ග (ස්භාවය)[සංස්කරණය]

වර්ගය ඉදිරිපත් කිරීම උදාහරණ
තාත්වික සැබෑ ලෝකයේ භෞතික ස්පෘශ්‍ය දෑ සහ භෞතික පැවැත්මක් නොමැති අස්පෘශ්‍ය දෑ ස්පෘශ්‍ය - යන්ත්‍ර, ලී බඩු සහ සවිකිරීම්, පරිගණක සහ තොරතුරු සැකසීමේ උපකරණ ආදී . අස්පෘශ්‍ය - කීර්ති නාමය , පේටන්ට් බලපත්‍රය සහ කතෘ භාග ]
පුද්ගල ව්‍යාපාර සහ නෛතික ඒකක තනි පුද්ගල, හවුල් ව්‍යාපා සංස්ථාපිත ඒකක, ලාභ නොලබන සංවිධාන , ඕනෑම දේශීය හෝ ව්‍යවස්ථානුකුල සමාගම්
නාමමාත්‍ර ගිණුම් අවසානයේදී සෑම ගිණුම් වර්ෂයක් අවසානයේදීම තාවකාලික ආදායම් සහ වියදම් ගිණුම් හදුනා ගැනීම විකුණුම්, මිලදී ගැනුම්, විදුලිය

උදාහරණය: භාණ්ඩ හෝ සේවා විකුණුම් වාර්තා කිරීම සදහා විකුණුම් ගිණුමක් විවෘත කරන ලදී. අදාල කාලපරිචේදය අවසානයේදී මුළු විකුණුම් ආදායම් වාර්තාවට මාරු කරනු ලැබේ. (ලාභ සහ අලාභ ගිණුම හෝ ආදායම් සහ වියදම් ගිණුම)

එසේම මුල්‍ය වර්ෂය තුල වියදම් අදාල වියදම් ගිණුමේ වාර්තා කරනු ලැබේ. එසේම ඒවා ආදායම් ගිණුම් වාර්තාවට මාරු කරනු ලැබේ. ආදායම් ගිණුම් වාර්තාවේ ශුද්ධ ධන හෝ ඍණ ශේෂය (ලාභ හෝ අලාභ) අවස්ථාව අනුව සංචිත හෝ ප්‍රාග්ධනයට මාරු කරනු ලැබේ.

ගිණුම් වර්ග (ආවර්තිත ප්‍රවාහ)[සංස්කරණය]

ගිණුම් වල ස්භාවය අනුව ඒවා තාත්වික, පුද්ගල, සහ නාමමාත්‍ර ලෙස වර්ග කෙරේ. එනම් භෞතික වත්කම්, වගකීම්, නෛතික වස්තු හෝ මුල්‍ය ගනුදෙනු. ගිනුමක මුල්‍ය වර්ෂයේ/අයවැය වර්ෂයේ ගලා ඒම් සහ ගලා යාම් මත ගිණුම් තවදුරටත් වර්ග කරනු ලැබේ. අදායම් මුල්‍ය වර්ෂය තුල ක්ෂණික ගලා ඒමකි. වියදම් මුල්‍ය වර්ෂය තුල ක්ෂණික ගලා යාමකි. වත්කමක් යනු මුල්‍ය වර්ෂයකටත් එහා දිවෙන දිගු කාලීන ගලා ඒමකි. සම්ප්‍රදායික දැක්ම අනුව එය හිමිකම් නොකී අදායමක් ලෙස ඉදිරිපත් කල හැකිය. එසේ නැතහොත් වත්කමක අනාගත ගලා ඒම් වල වර්තමාන අගය ලෙස අගය කල හැක. වගකීමක් යනු මුල්‍ය වර්ෂයට එහා දිවෙන දිගු කාලීන ගලායාමකි. සම්ප්‍රදායික දැක්ම අනුව එය නැවත නොගෙවූ වියදමකි. එසේ නැතහොත්වගකීමක් අනාගත ගලා යාම් වල වර්තමාන අගය ලෙස අගය කල හැක.

ගිණුම් වර්ගය දිගුකාලීන ගලා එම් දිගුකාලීන ගලා යාම් කෙටිකාලීන ගලා එම් කෙටිකාලීන ගලා යාම්
තාත්වික ගිණුම් වත්කම්
පුද්ගල ගිණුම් වත්කම් වගකීම්
නාමමාත්‍ර ගිණුම් ආදායම් වියදම්

ගිනුමක මූලිකංග ප්‍රධාන කොටස් පහකට වෙන් කරනු ලැබේ. වත්කම්, වගකීම්, හිමිකම්, අදායම්, වියදම්.


ගිණුම් සටහන්[සංස්කරණය]

• ද්ව්ත්ව සටහන් ගිණුම්කරණ ක්‍රමයේදී, ගිණුම් සටහන් තුලින් වත්කම් වගකීම් අදායම් හෝ වියදම් වලට අදාල මුල්‍ය ගනුදෙනු සටහන් කරයි. • ද්විත්ව සටහන් ගිණුම්කරණ ක්‍රමය තුල සෑම ගිණුම් සටහනකම බලපෑම් දෙකක් තිබේ. සමාන ප්‍රමාණයන්ගෙන් එක ගිණුමක් ඉහල යාමත්, අනෙක නම් අනෙක් ගිණුම පහල යාමත්ය. • ගිණුම් සටහන් දෝෂයක් නොමැතිව සටහන් කරනු ලැබුවේ නම් ඕනෑම අවස්ථවක ධන ශේෂයන් පවතින සියලු ගිණුම්, ඍණ ශේෂයන් පවතින සියලු ගිණුම් හා සමාන වනු ඇත. • මුදල් ගනුදෙනුවක සමාන සහ වෙනස් ගිණුම් දෙකක විරුද්ධ බලපෑම් ඇති කිරීම, ද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රමයෙන් සහතික කරයි. • සටහනක ප්‍රතිවිරුද්ධ බලපෑම් ව්‍යාකුලතා මග හැර ගැනීමටගිණුම් සටහන් වල හර සහ බැර වැනි කොන්දේසි භාවිත කරයි උදා: ගිණුම් සටහන් එක ගිණුමක හර වුවහොත් අනෙක් ගිණුමේ බැර වනු ඇත. අනික් අතට. • ගිණුම් සටහන් නිශ්චිතව දැක්වීමේ නීතීන් "ගොල්ඩෙන් නීතීන්" ලෙස හදුන්වයි. • "ගිණුම් පොත් " ගිණුම් සටහන් , සටහන් කරනු ලැබේ.

ගිණුම් පොත්[සංස්කරණය]

මුල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය තුලින් සෑම තනි මුල්‍ය ගනුදෙනුවක්ම අවම වශයෙන් නාමමාත්‍ර/පොදු ලේජර ගිණුම් දෙකකවත් සටහන් වන බව සහතික කරනු ලබයි . ගිණුම් සටහන් දෙකෙහිම සමාන ප්‍රමාණයන් සහ ප්‍රතිවිරුද්ධ සංකේත තිබේ. එම නිසා ගිණුම් වල සියලු සටහන් එකතු කල විට මුළු එකතුව නියම ආකාරයෙන් සමාන වී ගිණුම් තුලනය වේ. මෙය සෑම සහ සියලු ගනුදෙනු නිවැරදිව සටහන් කර ඇති බවට කෙරෙන අර්ධ පරීක්ෂා කිරීමකි.ගනුදෙනුව "හර සටහන " (හර) ලෙස එක ගිණුමක සටහන් කරන අතර සහ "බැර සටහන " (බැර) ලෙස අනෙක් ගිණුමේ සටහන කරනු ලැබේ. හර සටහන නාමමාත්‍ර/පොදු ලේජර ගිණුමේ හර පැත්තේ (වම්පස) සටහන කර ඇති අතර බැර සටහන නාමමාත්‍ර/පොදු ලේජර ගිණුමේ බැර පැත්තේ ( දකුණුපස) සටහන කරනු ඇත. නාමමාත්‍ර)/පොදු ලේජර ගිණුමක හර (වම) පස සහ බැර (දකුණ) පස ඇත. නාමමාත්‍ර/පොදු ලේජර ගිණුමක හර පැත්තේ සටහන් සියල්ලෙහි එකතුව බැර පැත්තේ සටහන් සියල්ලෙහි එකතුවට වඩා වැඩි වුවහොත් හර ශේෂයක් ඇති ගිණුමක් යයි කියනු ලැබේ.

උදාහරණයක් ලෙස සැපයුම්කරුවෙකුගේ ලිපි ද්‍රව්‍ය වියදම $100 සඳහා වන ඉන්වොයිසි සටහන ද්විත්ව සටහන් පොත් තැබීමේදී දෙවරක් සටහන් කිරීම. වියදම් හෝ හර සටහන ලෙස නාමමාත්‍ර ලිපිද්‍රව්‍ය ගිණුම $100 හර (ලිපිද්‍රව්‍ය/ සඳහා $100 වැය කර ඇති බව පෙන්නුම් කර තිබේ) සහ බැර සටහන ලෙස සැපයුම්කරුගේ නාමමාත්‍ර පාලන ලේජර ගිණුම $100 බැර (සැපයුම්කරුට අප $100 ණය වී ඇති බව පෙන්නුම් කරයි). මුල්‍ය ගිණුම්කරණ ක්‍රමය තුල ගනුදෙනුව දෙවරක් සටහන වනු ලබන අතර සහ මුළු අගය වන $100 හර සහ බැර අගයන් දෙකම ඇත.

ද්විත්ව සටහන යොදාගනුයේ පොදු ලේජරයේ පමණි. එය ‍දෛනික පොත් වල භාවිත නොවේ. එය සාමාන්‍යයෙන් පොදු ලේජර ක්‍රමයේ කොටසක් ලෙස ඇතුලත් නොවේ. දෛනික පොත් වලින් ලැබෙන තොරතුරු පොදු ලෙජරය තුල භාවිතා කල හැක. දෛනික පොත් වලින් සපයනු ලැබූ මුල්‍ය තොරතුරු ප්‍රතිඵලයන්හි සම්පුර්ණත්වය පොදු ලෙජරය විසින් සහතික කරනු ඇත. (දෛනික පොත් වල සටහන කල තොරතුරු නිවැරදි බව)

මෙයට හේතුව පොදු ලේජරයේ සටහන සීමා කිරීමයි. පොදු ලෙජරයට පිටපත් කිරීමට පෙර දෛනික පොත් වල සටහන එකතු කල හැක. එහි සුළු ප්‍රමාණයේ අ‍නොන්‍යය ගනුදෙනු පමණක් තිබුණහොත් එය පහසු විය හැකියි. දෛනික පොත් පොදු ලේජරයේ සම්පුර්ණ කොටසක් ලෙස සැලකීම වෙනුවට)

කෙසේ වෙතත් පහත දක්වා තිබෙන දෛනික පොත් උදාහරණය දකින්න පුළුවනි.එසේ වුවත් සෑම දෛනික පොතකම දෛනික ශේෂය පිටපත් කිරීම, පරීක්ෂා කිරීම අත්‍යවශය.

ද්විත්ව සටහන ක්‍රමය පොදු ලේජර ගිණුම් වල භාවිතා කරයි. මෙම පොදු ලේජර ගිණුම් මගින් ශේෂ පිරික්සුම පිළියෙළ කල හැක. ශේෂ පිරික්සුම සියලු පොදු ලේජර ගිණුම් ශේෂයන් ලැයිස්තුගත කරයි. එම ලැයිස්තු තීරු දෙකකට වෙන් කරයි. හර ශේෂයන් වම්පස තීරුවෙත්, බැර ශේෂයන් දකුණුපස තීරුවෙත් සදහන් කරනු ලැබේ. අනෙක් තීරුව පොදු ලේජර ගිණුමේ සෑම අගයක්ම විස්තර කෙරෙන නම පවත්වා ගෙන යාමට භාවිතා කල හැක. හර තීරුවේ එකතුව බැර තීරුවේ එකතුවට සමාන විය යුතුය.


පොත් තැබීමේ කෙටි යෙදුම්[සංස්කරණය]

  • A/C - ගිණුම
  • A/R - ලැබිය යුතු ගිණුම්
  • A/P - ගෙවිය යුතු ගිණුම්
  • B/S - ශේෂ පත්‍රය
  • c/d - පහලට ගෙන ගියා
  • b/d - පහලට ගෙන ගියා
  • c/f - ඉදිරියට ගෙන අවා
  • b/f - ඉදිරියට ගෙන අවා
  • Dr - හර සටහන
  • Cr - බැර සටහන
  • G/L - පොදු ලෙජරය; (හෝනාමමාත්‍ර ලෙජරය)
  • P&L - ලාභ සහ අලාභ; (හෝ ආදායම් වාර්තාව)
  • PP&E - දේපල, පිරියත හා උපකරණ
  • TB - ශේෂ පත්‍රය
  • GST - භාණ්ඩ හා සේවා බද්ද
  • VAT - අගය එකතු කාල බද්ද
  • CST - ප්‍රධාන විකුණුම් බද්ද
  • TDS - බදු අඩු කාල මුලාශ්‍රය
  • EBITDA - පොලී, බදු සහ ක්ෂය වලට පෙර ඉපයීම්
  • EBT - බදු පෙර ඉපයීම්
  • EAT -බදු පසු ඉපයීම්
  • PAT - බදු පසු ලාභ
  • PBT - බදු පෙර ලාභ
  • Depr - ක්ෂය


හර සහ බැර[සංස්කරණය]

ප්‍රධාන ලිපිය: හර සහ බැර ගිණුම්කරණ සමීකරණය මගින් ද්විත්ව සටහන පොත් තැබීම පාලනය කරනු ලැබේ. ආදායම් වියදම් වලට සමාන වන්නේනම් පහත (මුලික) සමීකරණ සත්‍ය විය යුතුය.

'"වත්කම් = වගකීම් + හිමිකම "

ගිණුම් වල ඉතිරි ශේෂය, එක ගිණුමක වෙනස් වීම, අනෙක් ගිණුමක වෙනස් වීමට අනිවාර්යයෙන් සමාන විය යුතුය. මෙම වෙනස් වීම් හර සහ බැර ලෙස ගිණුම් වල සිදු කරනු ලැබේ.මතක තබා ගන්න ගිණුම්කරණයේදී මෙම පද වල භාවිතය, දිනපතා භාවිතය හා එක සමාන නොවේ. යමෙකු ගිණුමක් ඉහල හෝ පහල දැමීමට හර හෝ බැර කරීම ගිණුමක සාමාන්‍ය ශේෂය හා රඳා පවතියි.

හර සහ බැර පහත පරිදි විස්තර කෙරේ.

හර - T ගිණුමක වම්පස වාර්තා කරයි. බැර - T ගිණුමක දකුණුපස වාර්තා කරයි. හර ගිණුම් - වත්කම් හා වියදම් (බැංකු ගිණුමට ලැබූ හර මුදල්) බැර ගිණුම් - ලැබීම් (ආදායම්) සහ වගකීම් (බැංකු ගිණුමෙන් ගෙවූ බැර මුදල්)

ද්විත්ව සටහන උදාහරණ 01[සංස්කරණය]

මෙම උදාහරණයේ පහත දෑ යොදාගත යුතුය. මුලික පොත් සටහන (ප්‍රධාන පොත් සටහන)

දෛනික විකුණුම් පොත (දෛනික ගනුදෙනුකරු ඉන්වොයිසි සටහන් කිරීම) දෛනික බැංකු ලැබීම් (ගනුදෙනුකරු සහ ගනුදෙනුකරු නොවන ලැබීම් සටහන් කිරීම) දෛනික ගැනුම් පොත (සැපයුම්කරු ගෙවීම් සටහන් කිරීම) දෛනික බැංකු ගෙවීම් පොත (සැපයුම්කරු සහ සැපයුම්කරු නොවන ගෙවීම් සටහන් කිරීම)

මුලික සටහන වනුයේ ගනුදෙනුව සටහන් කරන ස්ථානයි. ඒවා ද්විත්ව සටහන් ක්රෙමයේ කොටසක් නොවේ.

ලෙජර පත් ගනුදෙනුකරු ලේජර පත් සැපයුම්කරු ලේජර පත් පොදු ලෙජරය (නාමමාත්‍ර ලෙජරය) බැංකු ගිණුම් ලෙජරය ණයගැති ලෙජරය


දෛනික ගැනුම් පොත[සංස්කරණය]
දෛනික ගැනුම් පොත
දිනය සැපයුම්කරුගේ නම විස්තරය ප්‍රමාණය විදුලිය විගේට්ස්
10 ජුලි 2006 විදුලිබල සමාගම PI1 1000 1000  
12 ජුලි 2006 විගේට්ස් සමාගම PI2 1600   1600
------- ------- -------
එකතුව 2600 1000 1600
==== ==== ====
බැර හර හර
වෙළද විදුලිය විගේට්ස්
ණයගැති පො/ලෙ පො/ලෙ
පාලනගිණුම ගිණුම ගිණුම

සෑම පුද්ගලයෙක්ම පහත ආකාරයට පිටපත් කරයි:

  • අදාල මුදල සැපයුම්කරුගේ ලේජර ගිණුම බැර
  • විලේෂණය කල මුදල , පොදු ලේජර ගිණුම හර

උදාහරණයකින් :

  • 1 පේලිය - ELE01- විදුලිබල සමාගම සැපයුම්කරුගේ ලේජර ගිණුම හර කලා මුදල් අගය 1000
  • 2 පේලිය - WID01- විජෙට් සමාගම සැපයුම්කරුගේ ලේජර ගිණුම හර කලා මුදල් අගය 1600

සෑම තීරුවකම මුළු අගය පහත පරිදිය.

  • 'මුළු අගය වන 2600 ණයගැති පාලන ගිණුමට බැර කිරීම"
  • විදුලිය මුළු අගය 1000 විදුලිය පොදු ලේජර ගිණුමට බැර කිරීම"
  • විගෙට්ස් මුළු අගය 1600 විජෙට් පොදු ලේජර ගිණුමට බැර කිරීම"

ද්විත්ව සටහන පෙන්නුම් කරනවා හර = 2600 සහ බැර = 2600"

දෛනික බැංකු ගෙවීම් පොත[සංස්කරණය]
දෛනික බැංකු ගෙවීම් පොත
දිනය සැපයුම්කරුගේ නම නිර්දේශය ප්‍රමාණය සැපයුම්කරුවන් වේතන
17 ජුලි 2006 විදුලිබල සමාගම BP701 1000 1000
19 July 2006 විගේට්ස් සමාගම BP702 900 900
28 July 2006 BP703 400 400
------- ------- -------
එකතුව 2300 1900 400
==== ==== ====
බැර හර හර
බැංකු ණයගැති' වේතන
පාලන ගිණුම' ණයහිමි පාලන ගිණුම

'"යෙදුම්:PI = මිලදී ගැනුම් ඉන්වොයිසිය, BP=බැංකු ගෙවීම්"

සෑම පුද්ගලයෙක්ම පහත ආකාරයට පිටපත් කරයි:

  • අදාල මුදල සැපයුම්කරුගේ ලේජර ගිණුම හර
  • විලේෂණය කල මුදල , පොදු ලේජර ගිණුම බැර
උදාහරණයෙන්:
  • 1 පේලිය - ELE01- විදුලිබල සමාගම සැපයුම්කරුගේ ලේජර ගිණුම හර කලා මුදල් අගය 1000
  • 2 පේලිය - WID01- විගේට්ස් සමාගම සැපයුම්කරුගේ ලේජර ගිණුම හර කලා මුදල් අගය 900

සෑම තීරුවකම මුළු අගය පහත පරිදිය.

  • මුළු අගය වන 2300 ” බැංකු ගිණුමට” බැර කිරීම
  • මුළු අගය 1900 වන වෙළද ණයහිමියන් ණයහිමි පාලන ගිණුමට හර කිරීම
  • අනෙකුත් මුළු අගය වන 400 වේතන පාලන ගිණුමට හර කිරීම .

ද්විත්ව සටහන පෙන්නුම් කරනවා හර = 2300 සහ බැර = 2300

ද්විත්ව සටහන් ක්රහමයට දෛනික පොත් ප්රcධාන ගොනුවකි (පොත්) . මෙම දෛනික පොත් වලින් ලෙජර් ගිණුම් සාදයි. සාම ගනුදෙනුවක්ම අවම වශයෙන් තැන දෙකකවත් සටහන් වනුඇත.

සැපයුම්කරුවන්ගේ ලේජර පත්[සංස්කරණය]
සැපයුම්කරුවන්ගේ ලේජර පත් සැපයුම්කරුගේ නම විස්තරය සැපයුම්කරුවන් වේතන
ගිණුම් අංකය: ELE01 - විදුලිබල සමාගම
දිනය විස්තරය නිර්දේශය ප්‍රමාණය දිනය විස්තරය නිර්දේශය ප්‍රමාණය
17 ජුලි 2006 දෛනික බැංකු ගෙවීම් පොත BP701 1000 10 ජුලි 2006 PI1 1000
31 ජුලි 2006 ශේෂය ප/ගේ 0
------- -------
1000 1000
==== ====
1 අගෝස්තු 2006 ශේෂය ඉ/ගේ 0
ගිණුම් අංකය: WID01 - විගේට්ස් සමාගම
දිනය විස්තරය නිර්දේශය ප්‍රමාණය දිනය විස්තරය නිර්දේශය ප්‍රමාණය
19 ජුලි 2006 දෛනික බැංකු ගෙවීම් පොත BP702 900 12 ජුලි 2006 ඉන්වොයිසිය PI2 1600
31 ජුලි 2006 ශේෂය ප/ගේ 700
------- -------
1600 1600
==== ====
1 අගෝස්තු 2006 ශේෂය ඉ/ගේ 700

මෙයත් බලන්න[සංස්කරණය]