භාණ්ඩ හා සේවා බද්ද

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

සිංහල නම පුරුදු නැතත් Excise Duty කිව්වාම වැඩි දෙනෙක් මේක දන්නවා. වාහනයක් ගෙන්වන්න යද්දී තමයි කවුරුත් මේ ගැන වැඩිපුර කතා කරන්නේ.

මේක ටිකක් පැහැදිලි කරන්න අපහසු බද්දක්. සාමාන්‍ය කෙනෙක්ට නම් මේක වෙනත් ඕනෑම වක්‍ර බද්දක් වගේ කියලා හිතාගන්න පුළුවන්. (VAT එක වගේ) කොහොම වුණත් වැට් එක වගේ හැම බද්දකට වටිනාකම පනවන්නේ නැතිව සමහර භාණ්ඩ වලට විතරක් ඒකක ප්‍රමාණය මත පනවන බද්දක්. වැට් එක පනවන්නේ භාණ්ඩයේ වටිනාකම මතයි. (මේ නිසා වැට් එක වටිනාකම් මත බද්දක් හෙවත් ආර්ථික විද්‍යාත්මකව ad valorem බද්දක් විදිහට හඳුන්වන්න පුළුවන්.)

උදාහරණයක් ගත්තොත් හිතන්න ආණ්ඩුව සිගරට් 1000ක් මත X ප්‍රමාණයක බද්දක් පනවනවා කියලා. ඒක සැලකෙන්නේ ඒකක බද්දක් හැටියටයි, මොකද සිගරට් ගණනටතමයි බද්ද අය කරන්නේ. නමුත් ad valorem වර්ගයේ බද්දක් කියන්නේ දේපළ බද්ද, විකිණුම් බද්ද වගේ භාණ්ඩයේ නාමික හෝ වෙළඳ වටිනාකම මත තීරණය කරනු ලබන බද්දක්. (එහි වටිනාකමින් යම් ප්‍රතිශතයක්)

ශ්‍රී ලංකාවේ භාණ්ඩ බද්ද, නැතිනම් ඉස්සර කාලේ කියපු විදිහට රේන්ද බද්ද අය කරන්නේ භාණ්ඩ කිහිපයකින් පමණයි. මෝටර් රථ වාහන සහ දුම්කොළ නිෂ්පාදන මේකට ඇතුලත්. මේ ළඟදී සිදු වුණු වාහන මිල ඉහළ යාමටත් ප්‍රධාන හේතුව වුණේ මේ භාණ්ඩ බද්ද ගණනය කරන විදිහේ වෙනස්කමක් සිදු කෙරුණු එකයි.

භාණ්ඩ කිහිපයකට විතරක් අය කෙරුණත් බොහෝ රටවල් වල විශාලතම ආදායමක් ලැබෙන බද්ද මේක තමයි. ශ්‍රී ලංකාවෙත් 2015 අවුරුද්දේ සම්පූර්ණ රාජ්‍ය ආදායමෙන් 34%ක්ම උපයා දෙන්න සමත් වුණේ භාණ්ඩ බද්ද.

වෙනත් විදිහකට කිව්වොත් ලංකාවේ රාජ්‍ය ආදායමෙන් 1/3කටත් වඩා උපයා දෙන විශාලතම තනි බද්ද තමයි මේ භාණ්ඩ බද්ද. මේ නිසා එක දිගට සිගරට් උරන, බෝතල් ගණන් මත්ද්‍රව්‍ය පානය කරන අය ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන බලවේගයක් කියන එකෙත් ලොකු වැරැද්දක් නැහැ.

2015 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ලැබෙන ආකාරය පිළිබඳව විශ්ලේෂණයක්.

අවසාන වශයෙන් ලංකාවේ පරිපාලකයන්ටත් කියන්න දෙයක් තියෙනවා. යම් රටක අධ්‍යාපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් ක්ෂේත්‍ර වලින් මහජනතාවට හොඳ ප්‍රතිලාභ ලැබෙනවා නම් ඉහළ බදු ප්‍රතිශතයක් අය කරන එක සාධාරණීකරණය කරන්න පුළුවන්. නමුත් ලංකාවේ ප්‍රශ්නය මේ කිසිම දෙයක් සිද්ධ නොවෙන එකයි. රජයේ ආදායම වියදම් කෙරෙන විදිහ ගැන නිවැරදි, පිළිගන්න පුළුවන් තත්වයේ තොරතුරු ජනතාවට දැනගන්න සලස්වන එක සිද්ධ වෙන්නෙම නැති තරම්. ඉතින් බොහෝ දෙනා තමන් මහන්සි වෙලා උපයන දෙයින් ගෙවන බදු නිවැරදිව පාවිච්චි වෙනවා කියන මතයේ නැහැ. මේ විදිහට බදු ක්‍රමය ගැන තියෙන ව්ශ්වාසය නැති වුණාම රටේ ජනතාව බදු ගෙවන්න මැලි වෙනවා. ඒක පැහැදිලිවම රාජ්‍ය ආදායමට විශාල පහරක්.

මේ වගේ සිද්ධ වුණාම ආණ්ඩුවට යන්න තියෙන එකම විකල්පය තමයි තවත් බදු වැඩි කරන එක. එහෙම වුණාම සිද්ධ වෙන්නේ තවත් බදු ගෙවීම පැහැර හරින පිරිස් ඇති වෙන එකයි. මේ විෂම චක්‍රයෙන් බේරෙන්න නම් කරන්න තියෙන එකම දේ බදු මුදල් නිවැරදිව යෙදවෙන බවට විශ්වාසය ගොඩ නංවලා කැමැත්තෙන් බදු ගෙවන ප්‍රතිශතය ඉහළ නංවා ගන්න එකයි. එහෙම නැතිනම් මේ බදු ක්‍රමය අපේ අවසානයේ ආරම්භය වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

"https://si.wikipedia.org/w/index.php?title=භාණ්ඩ_හා_සේවා_බද්ද&oldid=423868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි