ද්වාරය:Harry Potter/Intro

විකිපීඩියා වෙතින්
හැරි පොටර් යනු ඉංග්‍රීසි ලේඛිකා ජේ. කේ. රෝලිං විසින් රචිත, තමන්ට සිරකරුවකුට පරිද්දෙන් සළකන තම පුංචි අම්මා සහ බාප්පා (මිස්ටර් සහ මිසිස් ඩර්ස්ලි) සමඟ ජිවත් වන හැරි පොටර් නම් අනාථ පිරිමි ළමයෙකු පිළිබඳ ප්‍රබන්ධ කතා මාලාවකි. ඔහුගේ එකොළොස්වන උපන් දිනය දා, ඔහු හමුවිමට පැමිණෙන විශාල මිනිසෙකු වන හැග්රිඩ් , හැරි මායාකරුවකු බැව් හැරිට පවසයි. එතැන් සිට නව ලෝකයක් හැරි ඉදිරියේ විවර වෙයි. ප්‍රධාන කතා පුවත දිවයන්නේ හැරි සහ මායා ලෝකය අත්පත් කරගැනීමට සහ මායාකාරී නොවන සාමාන්‍ය ජනතාව යටත් කරගැනීමට උත්සාහ කරන බලලෝභී, චාරයක් නොමැති මායාකරුවෙක් වන වොල්ඩෙමෝර්ට් සාමි අතර පවතින ගැටුම/සටන පිළිබඳවයි. පළමු කෘතිය වන හැරි පොටර් සහ මායා ගල (Harry Potter and the Philosopher's Stone) නිකුත් වූ දිනයේ සිට පොත් පෙළ වෙත ලැබුණේ ඉමහත් ජනප්‍රියත්වයකි. විචාරාත්මක ඇගයීම, ලොව වටා වාණිජමය සාර්ථකභාවය, චිත්‍රපට, වීඩියෝ ක්‍රීඩා අනෙකුත් වෙළඳ භාණ්ඩ බිහිවීම සිදුවිය. කෘති හතම සැලකු විට පිටපත් මිලියන 400කට වඩා අලෙවි වී ඇති අතර භාෂා 67කට වඩා වැඩි ගණනකට පරිවර්තනය වී ඇත. එමෙන්ම අවසන් කෘති හතර, ඉතිහාසයේ වැඩිම වේගයකින් අලෙවි වූ කෘති ලෙසට වාර්තා පිහිටුවා ඇත.
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:Harry_Potter/Intro&oldid=421716" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි