ද්වාරය:සමාජය/Featured articles

විකිපීඩියා වෙතින්

ස්ත්‍රී පුරුෂ සමානතා වාදය[සංස්කරණය]

ආර්ථිකය දියුණු වූ රටවල් වල අධික කාම පරිභෝජනය නිසා ස්ත්‍රියට (කාම වස්තුවට) ඉහළ ඉල්ලුමක් ඇතිවී තිබේ. අධික කාම පරිභෝජනය නිසා මනස දුර්වලවූ පුරුෂයින්ව එම රටවල ස්ත්‍රීන් විසින් යටත් කොටගෙන තම ඉල්ලීම් දිනාගෙන තිබේ.

ස්ත්‍රීන් ගේ අයිතිවාසිකම් පුරුෂයින්ට හානි සිදුවන පරිදි ඉහළ දැමීම, පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය ඉහළ දැමීම ආදිය මගින් රට විනාශ වීමත් දුර්වල වීමත් නොවැලැක්විය හැකිය. සමලිංගික වාදය ස්ත්‍රී වාදයේම තවත් පැතිකඩකි. ස්ත්‍රී පුරුෂ සමානතා වාදය මේ සියල්ලට හේතුව වූ මිථ්‍යා අදහසයි.

මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙළඹීම ස්ත්‍රී වාදීන්ගේ යහපත් ලක්ෂණයක් වුවද ඔවුහු එයට මුවාවී සූක්ෂම ලෙස ලොව බොහෝ රටවල් වල අධ්‍යාපන විෂය නිර්දේෂයන් තුළට ස්ත්‍රීවාදය ඇතුල් කර තිබේ.

සාමාන්‍ය වශයෙන් සැලකූ කල; මනුෂ්‍ය ජන්මයෙන් ස්ත්‍රිය පුරුෂයාට සමාන වේ. ක්ලේශාධික භාවයෙන් ස්ත්‍රිය පුරුෂයාට පහත් වේ. මාතෘත්වයෙන් ස්ත්‍රිය පුරුෂයාට උසස් වේ. මෙහිදී ස්ත්‍රීන්ව පාගාගෙන සිටීමත් සමතැන ලබා දීමත් යන දෙකම අන්තගාමී හානිකර ප්‍රතිපත්ති දෙකකි.

රටක් ආර්ථිකව දියුණු වීමට හේතුව ස්ත්‍රී වාදය යැයි පවසමින් ස්ත්‍රීවාදීන් විසින් ජනතාව මුලා කරති. බටහිර රටවල් ආර්ථිකව දියුණු වූයේ ස්ත්‍රීවාදය ඇතිවීමට පෙරය. ස්ත්‍රීවාදය ඇතිවීමට හේතුව ආර්ථිකව දියුණු වූ රටවල් වල අධික කාම පරිභෝජනයයි.

උදා: 'සෑම නිවසකම පාහේ රූපවාහිණියක් තිබීම' ආර්ථිකය දියුණු රටවල ලක්ෂණයකි. නමුත් දුප්පත් රටවල සෑම නිවසකටම රූපවාහිනියක් ලබාදීමෙන් ආර්ථිකය දියුණු වේ යයි යමෙකු පවසන්නේ නම් ඔහු වංචා කරුවෙකි නැතිනම් අඥානයෙකි.

පුරාණ බටහිර ලෝකයේ ස්ත්‍රීන්-ළමයින් පාගාගෙන සිටීමත්, වර්තමාන බටහිර ලෝකයේ ස්ත්‍රීන්-ළමයින් හැම අතින්ම සමානයින් ලෙස සැලකීමත් නුවණැත්තන් හට අනුමත කළ නොහැකි අන්ත දෙකකි.

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:සමාජය/Featured_articles&oldid=428788" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි