ද්වාරය:භෞතික විද්‍යාව/Intro

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
A stylized depiction of a Lithium atom.

භෞතික විද්‍යාවේදී කතා කෙරෙනුයේ ද්‍රව්‍යය, ශක්තිය කාලය හා අවකාශය ගැනයි. ද්‍රව්‍යය වල ගුණ මෙන්ම ව්‍යුහයත්, ශක්තියේ ගුණ, ශක්තිය හා ද්‍රව්‍යය අතර අන්තර්ක්‍රියා, සහසම්බන්ධයද මෙහිදී සාකච්ඡාවට ගැනේ.

භෞතික විද්‍යාව අප අවට ලෝකස්වභාවය තේරුම් ගැනීමට ස්වාභාවධර්මය පිළිබ්ඳ හැදෑරීමක් ලෙසද හැඳින්විය හැකිය.

කාලය , අවකාශය , පදාර්ථය සහ ශක්තිය යන ඒවා පිළිබඳව සහ ඒවා අතර පවතින සම්බන්ධතා භෞතික විද්යාව තුලින් අධ්‍යයනය කරයි. එම හැදෑරීම් වර්ථමාන සහ අනාගත විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවට බෙහෙවින් උපකාරී වේ. ඉහත සඳහන් පරිදි එම අන්තර් සම්බන්ධතා පිළිබඳව හැදෑරීම් වලදී අපට භෞතික විද්‍යාව කොටස් දෙකකට බෙදිය හැක. එනම්,

  1. ශාස්ත්‍රීය භෞතික විද්‍යාව
  2. නූතන භෞතික විද්‍යාව වශයෙනි

ශාස්ත්‍රීය භෞතික විද්‍යාවට අයත් වන විශය පථයන් වන්නේ යාන්ත්‍ර විද්‍යාව, ආලෝකය විද්යුතය චුම්භක ශක්තිය ධ්වනිය හා තාපය යන ඒවාය. නවීන භෞතික විද්‍යාව යන වචනය සාමාන්‍යයෙන් භාවිතා වන්නේ ක්වන්ටම් භෞතික විද්‍යාව, පරමාණුක හා න්‍යෂ්ටික විද්‍යාව වැනි විෂය පථයන් සඳහාය. සාපේක්ෂතාවාදය ද මෙම ගණයට වැටේ.

භෞතික විද්‍යා අධ්‍යයනයන් සැලකීමේදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වැටේ. ඒවා නම්, ප්‍රායෝගික භෞතික විද්‍යාව හා න්‍යායික භෞතික විද්‍යාවයි. ප්‍රායෝගික භෞතික විද්‍යාව වැඩි අවධානයක් යොමු කරන්නේ නිරීක්ශණ ප්‍රථිඵල මත එළඹෙන නිගමන වලටය. න්‍යායික භෞතික විද්‍යාව ගණිතමය න්‍යායන්, සමීකරණ හා ගණනය කිරීම් මත වැඩි අවධානයක් යොමුකරයි.