ද්වාරය:පෘථිවි විද්‍යාව/Featured picture

විකිපීඩියා වෙතින්

පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා ඝන පෘථිවියෙහි භ්‍රමණයයි. බටහිර දිශාවෙහි සිට නැගෙනහිර දිශාවට පෘථිවිය භ්‍රමණය වෙයි. උතුරු තරුව හෝ ධ්‍රැව තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.

භූගෝලීය උත්තර ධ්‍රැවය හෝ භෞමික උත්තර ධ්‍රැවය හෝ ලෙසින්ද හැඳින්වෙන උත්තර ධ්‍රැවය වනාහී, පෘථිවියෙහි භ්‍රමණ අක්ෂය එහි පෘෂ්ඨය හමුවන්වාවූ උතුරු අර්ධගෝලයේ ලක්ෂ්‍යයයි. මෙම ලක්ෂ්‍යය පෘථිවියෙහි උත්තර චුම්බක ධ්‍රැවය වෙතින් වෙනස් ලක්ෂ්‍යයක් වෙයි. දක්ෂිණ ධ්‍රැවය යනු, ඇන්ටාක්ටිකාවෙහිදී පෘථිවියෙහි භ්‍රමණ අක්ෂය එහි පෘෂ්ඨය හා හමුවන්නාවූ අනෙකුත් ලක්ෂ්‍යයයි.

සූර්යයාට සාපේක්ෂව සෑම පැය 24 කට පමණ වරක්ද තාරකා වලට සාපේක්ෂව සෑම පැය 23 විනාඩි 56 තත්පර 4 කට වරක්ද පෘථිවිය භ්‍රමණය වෙයි (පහත බලන්න). කාලය ගතවීම හා සමගින් පෘථිවියෙහි භ්‍රමණය කෙමෙන් මන්දගාමී වෙයි; එබැවින්, පුරාණයේදී, දිනයක් මඳ විය. පෘථිවියෙහි භ්‍රමණය වෙත චන්ද්‍රයාගේ උදම් ආචරණ නිසා මෙය සිදුවෙයි.