ද්වාරය:කිතු දහම/Article Archive/මැයි 2011

විකිපීඩියා වෙතින්

කිතු දහම

          කිතු දහම තුලින් ජීවිතය දකින්න හොඳ විමර්ශණශීලි බුද්ධියක් තිබිය යුතුය. කිතු දහම තුළ එකම එක දෙවිතුමෙකු පමණක් විශ්වාස කෙරේ. එම දේව සංකල්පය, විශ්ව පාලන ශක්තිය හෝ ලෝක පාලක ජීව බලය වශයෙන් හෝ අවබෝධ කර ගතහැකිය. එම විශ්ව පාලන ශක්තිය නැතිනම් ලෝක පාලක ජීව බලය, මහෝත්තම දෙවියන් වහන්සේ, මිනිස් ස්වභාවය තුළ ජීවමානව වැඩ සිටින සේක. ඒ බව සියළුම දෙයට ප්‍රධන වන, සිත පිළිබඳව විමසලිමත්ව බැලීමෙන් තමන්ටම අවබෝධ කරගත හැක. විශ්වය තුළ සැඟවී ඇති, සියළු රහස් මිනිසා මඟින් හෙළිදරව් කරවා ගැණීම දේව අභිලාශයයි. එය මේ මොහෙතේදීද සිදුමෙමින් පවතී. 
         කිතු  දහමේ හරය, ත්‍රීත්වයක් තුළ අන්තර්ගතය. එනම් පිතා පුත්‍රයා සහ ස්ප්‍රීතු සාන්තු වශයෙනි. පිතා දෙවියන් වහන්සේ වන අතර පුත්‍රයා මනුෂ්‍ය ස්වාභවය වෙයි. ස්ප්‍රිතු සාන්තු  ඥානය පිළිඹිමු කරයි. මෙතෙක් පැහැදිලි කල  කොටස ධනාත්මත පැත්ත වෙයි. මෙහිම රිනාත්මක පැත්ත සාතාන් නොහොත් යක්ෂයා වෙයි. දෙවියන් වහන්සේ ආලෝකය වන අතර සාතන් අඳුර වේ. එලෙස මෙලොව තුළ ධන -  රින වශයෙන් ගෙන දේව සංකල්පය තුලින් ජීවිතය අවබෝධ කරගෙන විමුක්තිය කරා මෙහෙයවිය හැක. මෙලෙස කිතු දහම ඉතා සරලව පැහැදිලි කළ හැක.