ද්වාරය:කතෝලික සභාව/Selected article/2
කිතුනු පල්ලිය රෝම යුදෙව් ප‍්‍රදේශයේ පළමු සියවසේ දී බිහිවූ අතර ඒ සඳහා සියලූ කිතුනුවන් තම ගැලවුම් කරුවායැයි විශ්වාස කරන නාසරෙත් හි යේසුස් ගේ ඉගැන්වීම් පාදක විය. පල්ලියේ ආරම්භය නිසැක ලෙසම සිදුවූයේ පෙන්තකොස්තයේ දී යැයි සැළකේ. නමුත් සාමාන්‍යයෙන් එය යේසුස් වහන්සේ අනුගාමිකයන් සමග පැන නැගීයැයි විශ්වාස කෙරේ. යේසුස් වහන්සේ තම අනුගාමිකයනට සිය ඉගැන්වීම් ලොව පුරා ප‍්‍රචාරණය කරන්නැයි කියා සිටීමෙන් මේ බව තහවුරු වේ.
ක‍්‍රමයෙන් පල්ලිය රෝම අධිරාජ්‍ය තුල පැතිරුණු අතර සුවිශේෂී සන්ධිස්ථානයන් යෙරුසලම ඇන්ටියොක් හා එඩිසා හි අත් කර ගත්තේය. කිතුනු දහම බොහෝ ප‍්‍රතික්ෂේපිත ආගමක් විය යුදෙව්වෝ මෙය මිත්‍යාදෘෂ්ටියක් යැයි ද්වේෂ කළ අතර ඒක දේව වාදය පැරණි ලෝකයට පිටස්තර බැවින් ද, අධිරාජ්‍ය සංස්කෘතියට තර්ජනයක් බැවින් ද රෝම බලධාරීන් එය ප‍්‍රතික්ෂේප කළෝය. මේ සියල්ල මධ්‍යයේ පල්ලිය සීඝ‍්‍ර වර්ධනයක් ලබා ගත් අතර අවසානයේ හතරවන සියවසේ දී ගැලේරියස් සහ කොන්ස්ටන්ටින් අධිරාජ්‍ය සමයේදී නීතිගත වී ප‍්‍රචාරණය විය. හතර වන සියවස මුළුල්ලේ පල්ලිය මුහුණ දුන් ප‍්‍රධාන විවාදයක් වන්නේ ආර්යානුවාදය (ක‍්‍රිස්තුස්වහන්සේගේ දිව්‍යමය භාවය ප‍්‍රතික්ෂේප කිරීම) හා ත‍්‍රිත්ව වාදය අතර වූ ඝට්ඨනයයි.