ජේතවනාරාමය, පොළොන්නරුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

පොළොන්නරුවේ ජේතවනාරාමය තනවා ඇත්තේ පළමුවන පරාක්‍රමබාහු රජ විසිනි.

පරාක්‍රමබාහු රජු විසින් කළ ජේතවනාරාමය ඇතුළු සංඝාරාම[සංස්කරණය]

පොළොන්නරුව වටදාගෙය වර්තමානයේ දිස්වන ආකාරය
පොළොන්නරුව ලංකාතිලක විහාරය

පළමුවන පරාක්‍රමබාහු රජතුමා, ශ්‍රී බුද්ධ වර්ෂ 1708 (ක්‍රිව 1165/6) වන විට යුද්ධ වලින් පරිබාහිර සාම කටයුතු වල යෙදුණු අතර තරමක පරිශ්‍රමයකට අනතුරුව තුන් නිකාය සංඝයා එක්සත් කොට බුද්ධාගම විසුද්ධි කිරීමට ක්‍රියා කළේය. මේ වන විට වෛතුල්‍ය වාදය මුළුමනින් ලංකාවෙන් තුරන් කර තිබුණි. මෙයින් සෑහීමට පත් නො වූ පරාක්‍රමබාහු රජ පොළොන්නරුවෙහි රජ මාලිගය අසබඩින් වූ භූමි භාගයක වටදා ගෙයකින් ද සම්පූර්ණවූ ජේතවනාරාමය නම් ආරාමයක් සංඝයා සඳහා කරවූහ. රජ තෙමේ මෙයින් උතුරට වන්නට (1926 පමණ වන තුරුම වැරැදි ලෙසින් ජේතවනාරාමය ලෙසින් සැලැකුණු) ලංකාතිලක විහාරය හා සමගින් ආලාහන පිරිවෙන කරවීය. රජ තෙමේ බුද්ධසීමා පාසාද යන්නද කරවීය. මෙයින් ඔබ්බට හා මහා ස්ථූපයට (නියම දෙමළ මහා සෑය හා 1926 පමණ වන විට උණගල වෙහෙර ලෙසින් හැඳින්වුනු) කිට්ටුවෙන් එතුමා උත්තරාරාමය හෙවත් වර්තමාන ගල් විහාරය තැනවීය. උපනගර හා නියම්ගම්හී රජ තෙමේ ඉසිපතන, කුස්මාර සහ වේළුවන යන විහාර කරවීය. අනුරාධපුරයෙහි සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණයද එතුමා විසින් සිදු කෙරිණි. [1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. කොඩ්රින්ටන්, හම්ප්‍රි විලියම්. "අ ෂෝට් හිස්ට්‍රි ඔෆ් ලංකා". පරිච්ඡේදය IV පොළොන්නරුවේ රජවරු. මැක්මිලන් හා සීමාසහිත සමාගම, ශාන්ත මාටින් වීදිය, ලන්ඩනය. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2008.