තිරුකෝණේෂ්වරම්
Koneswaram Kovil | |
---|---|
திருக்கோணேச்சரம் Tirukkōṇēsvaram kōṇanāta cuvāmi ālayam | |
මූලික තොරතුරු | |
පිහිටීම | Swami Rock (Kōṇāmalai), Trincomalee |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | Konanātha Swami, Māthumai |
දිස්ත්‍රික්කය | Trincomalee District |
පළාත | Eastern |
රට | Sri Lanka |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | Tamil architecture |
සම්පූර්ණ කෙරුණේ | Earliest records from 6th century BCE, restored 1952 |
ත්‍රිකුණාමලය නගරය
[සංස්කරණය]ලංකාවේ ප්‍රධාන ජන වර්ග තුනම සම සමව ජීවත්වන ත්‍රිකුණාමල නගරය "සහජීවනයේ නගරය" ලෙස හැඳින්වෙනවා... ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අගනගරය වන අතර දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,727 ක්. 2012දී සම්පූර්ණ ජනගහනය 378,182 ක්. ජනතාවගේ ප්‍රධාන ජීවිකාව ගොවිතැන සහ ධීවර කර්මාන්තය විදිහට හඳුන්වන්න පුළුවන්.
ත්‍රිකුණාමල නගරයේ සංචාරකයින් බහුලවම ගැවසෙන වෙරළ තීරය වෙන්නේ Dutch Bay වෙරළ තීරය තමයි. කොළඹ ගාලුමුවදොර වෙරළ තීරය හා සමානව ම පෙම්වතුන්, කුඩා ළමුන්, පවුලේ සාමාජිකයින්ගෙන් දවස පුරා පිරී ඉතිරෙන මෙම වෙරළ තීරයේ සංචාරකයින් සඳහා ජලක්‍රීඩා පහසුකම් පවා ක්‍රියාත්මකයි. මීටර් පන්සියයකට අධික දුරකට පවා මුහුදේ අවිද යා හැකි මෙම මුහුදු තීරයේ දැඩි රැල්ලක් නම් ඇත්තෙම නෑ. උදෑසන නිසා අපි එහි පිවිසෙනකොට හිටියේ ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් පමණයි...
Dutch Bay වෙරළ තීරය අවසන් වන්නේ ත්‍රිකුණාමලය ලන්දේසි බළකොටුව සීමාවෙන්... බළකොටුවට ඉදිරියෙන් පිහිටා තිබෙන්නේ සංඝමිත්තා විහාරය. වන්දනා අරමුණෙන් පැමිණෙන පිරිස් සඳහා නවාතැන් පහසුකම් පිරිනමන සංඝමිත්තා විශ්‍රාම ශාලාව පිහිටා තිබෙන්නෙත් මෙම විහාරයට යාබදවයි. රට පුරා කොහේ ගියත් හමුවන බව කියන, සුප්‍රකට මාතර බත්කඩේ තිබෙන්නෙත් ඒ ආසන්නයේමයි. ගෝකණ්න රාජමහා විහාරය සහ දෙස් විදෙස් සුපතල තිරුකෝණේෂ්වරම් හින්දු කෝවිල පිහිටා තිබෙන්නේ ලන්දේසි බලකොටුව තුළයි. [1]
ත්‍රිකුණාමල කොටුව
[සංස්කරණය]ත්‍රිකුණාමල නගරයේ ඇති මනරම්ම ස්ථානයක් ලෙස ත්‍රිකුණාමල කොටුව හඳුන්වා දිය හැක. නගරයේ එක් කෙළවරෙක මුහුද හා මයිම්ව ඇති ගල් පරුවතයක ප්‍රතාපවත්ව නැගී සිටින්නා වූ මෙම ෆ්‍රෙඩ්රික් කොටුව 1623දී පෘතුගීසි ජාතිකයන් විසින් ඉදිකරන ලදි. ලන්දේසීන්, ඉංග්‍රීසීන් මෙන්ම ප්‍රංශ ජාතිකයන්ද පසුකාලීනව කොටුව අත්පත් කරගෙන සිට ඇත. කොටුවේ පුරාවෘත්තය රැගත් පුවරුවක් කොටුවට ඇතුළු වනවාත් සමගම වම් අත පැත්තේ පවුරේ එල්වා ඇත.
17වන සහ 20වන ශතවර්ෂ අතර කාල පරාසයේදී ත්‍රිකුණාමල කොටුව යුද ගැටුම් වල ඉදිරි වළල්ලක්ව පැවතී ඇත. කොටුවේ අයිතිය හමුදාවකට එකල පටන්ම මහත් අස්වැසිල්ලක්ව තිබුනු බව පැහැදිලිය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ කඳවුරක් ලෙස කොටුවේ කොටසක් අදටත් යොදා ගැනෙන අතරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අතිරේක මැතිවරණ කොමසාරිස් කාර්යාලය යනාදී රජයේ වැදගත් ගොඩනැගිලි රාශියක් කොටු පවුර තුල කේන්ද්‍රගතව පවතී.
කොටුව අභ්‍යන්තරයේ ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යන පන්සලක් ඇත. මෙය ක්‍රි.ව.3වන සියවසේදී මහසෙන් රජතුමා විසින් දේවාලයක් කඩා දමා එතැන ඉදි කළ, පසුව පෘතුගීසී ආක්‍රමණිකයන් විනාශ කර දැමූ, ගෝකණ්ණ රජමහා විහාරය නමින් පවත්වාගෙන යනු ලැබේ. එහි උසැති හිටි පිළිමවහන්සේ නමකි. මෙම පිළිමය පාමුල සිට ත්‍රිකුණාමල නගරය ඇතුළු අවට පරිසරය දර්ශනීයව දැකගත හැකිය. සුප්‍රසිද්ධ හින්දු දෙවොලක් වන තිරුකෝණේස්වරම් කෝවිලත්, ලවර්ස් ලීප් නම් මහා ප්‍රපාතයත් පිහිටියේද කොටුව ඇතුලතය. කොටුව තුල තුරු ගොමු, කඳු ගහන වටපිටාව කොටුවේ සුන්දරත්වය වඩ වඩාත් තීව්‍ර කරයි. ත්‍රිකුණාමල කොටු පවුර තුල සැලකිය යුතු මුවන් ප්‍රජාවක් කල් ගෙවන අතර උන් බෙහෙවින්ම හීලෑය. [2]
තිරුකෝනේෂ්වරම් කෝවිල
[සංස්කරණය]-ඒස්වරම් ප්‍රත්‍යයෙන් නම අවසාන වන ශිව දෙවියන් සඳහා ඉදිවුණු සුප්‍රකට ශ්‍රී ලාංකේය කෝවිල් 5ක් තිබෙනවා. ඒවා ලංකාව වටා මුහුදු වෙරළට යාබද ස්ථාන පහක පිහිටා තිබෙනවා. මඩකලපුවෙ කාන්තෝන්දීශ්වරම් කෝවිල , ත්‍රිකුණාමලයේ කෝණේෂ්වරම්, යාපනයේ නගුලේශ්වරම්, හලාවත මුන්නේෂ්වරම්, මන්නාරමේ තිරිකේදීශ්වරම් ඒ දේවාල පහයි.
වසර 6500ක ඉතිහාසයකට උරුමකම් කියන බව හින්දු පූජකයින් විශ්වාස කරන තිරුකෝනේස්වරම් කෝවිල රාම රාවණා යුගයේ සිටම පැවැත එන බව ඔවුන්ගේ විශ්වාසයයි. නමුත් අද ෆ්‍රෙඩ්රික් කොටුවෙ උච්ඡතම ස්ථානය වූ ස්වාමි කන්දේ මුදුනත අපට දක්නට ලැබෙන කෝවිල 1952දී අළුත්වැඩියාකල ආකාරයට පෙනෙන්නට තිබෙනවා. කණු දහසකින් සමන්විතව තුබූ විවිධ ධනයන්ගෙන් හෙබි පැරණි තිරුකෝනේස්වරම් දේවාලය 1620 දශකයේදී පෘතුගීසි ආක්‍රමණිකයන් විසින් සමතලා කරවූ බව වාර්තා වේ.
ශිව දෙවියන් උදෙසා ලොව පුරා ඉදි කර ඇති දේවාල අතරින් වඩාත්ම බලවත් දේවාලය මෙය බව බැතිමතුන්ගේ විශ්වාසයයි. කෝවිලේ ප්‍රධාන උත්සවය වාර්ෂිකව අප්‍රියෙල් මාසයේදී පැවැත්වේ. දෛනික පූජාවන් උදෑසන 7.15, 11 සහ සවස 4 යන වේලාවන්හී පැවැත්වේ. දහවල් කාලය වන විට තිරුකෝනේස්වරම් කෝවිල අවට භූමිය අව්වෙන් ගිනියම් වීම නිසා ඇවිදීම දුෂ්කරය. ගිනියම් වැල්ලේ කිසිඳු කඩිමුඩියකින් තොරව සක්මනේ යෙදෙන හින්දු භක්තිකයෝ ඔවුන් මෙම ස්ථානයට දක්වන ගෞරවය විද්‍යාමාන කරයි.
තිරුකෝනේෂ්වරම් කෝවිලට පිවිසීමට පළමුව ෆ්‍රෙඩ්රික් කොටුවට ඇතුළු විය යුතුය. කොටුවට ඇතුළු වූ පසු මාර ගස් පේළිය පසු කරමින් ස්වාමි කන්ද තරණය කළ විට තිරුකෝනේස්වරම් කෝවිලට ලඟා විය හැකිය. ලිංග ජූජාව ශිව භක්තිකයින් විසින් මහත් භක්තියෙන් කරන පූජාවක්.... ඒ නිසාම ශිව කෝවිල්වලට ආශිර්වාද පතා අලුත විවාහ වූ අයවලුන් පැමිණෙන බව සඳහන්... විශේෂයෙන්ම දරුඵල පතා ශිව දේවාලවලට භාරහාර වීම සිදුවෙනවා.
කුළුණු දහසක කෝවිල
[සංස්කරණය]මුල් කෝවිල විවිධ කාල පරිච්ඡේදයන්හි අඛණ්ඩව ව්‍යාප්ත විය. තිරුකෝනේස්වරම් කෝවිල් සංකීර්ණය සැලකිය යුතු ලෙස විශාලකොට ඉදිරිකරන ලද්දේ මුල් චෝල හා මුල් පාණ්ඩ්‍ය රාජධානියේ පංච ද්‍රවිඩයින්ගේ පාලන සමයේදීය. පල්ලව, චෝළ, පාණ්ඩ්‍යා සහ යාපනය ගෘහ නිර්මාණ ශිල්පීය බලපෑම් මෙම සංකීර්ණය තුළ දැකිය හැකිය. විශාලතම එකතු කිරීම් සිදු කර ඇත්තේ එලාර මනූ නීදි චෝලන් (ක්‍රි.පූ. 205 සිට ක්‍රි.පූ. 161 දක්වා අනුරාධපුර පාලනය කළ චෝල පාලක එලාර රජු) විසිනි.
වාර්ෂික කෝන්ස්වරම් කොවිල් උළෙලට ත්‍රිකුණාමලයේ භද්‍රකාලි දේවාලය, පපනාසුචුනෙයි ශුද්ධ ළිඳේ පවනාසම් තීර්ථය සහ කොනසාර් මලෙයි අවට බැක් බේ මුහුද (තීර්තම් කරත්කරෙයි) ඇතුළත් වේ.
පෘතුග්‍රීසීන් සිදුකල විනාශය
[සංස්කරණය]1622 සහ 1624 අතර පෘතුගීසි යටත් විජිත යුගයේ ආගමික ප්‍රහාරවලින් මෙම සංකීර්ණය විනාශ වූ අතර පෘතුගීසීන් විසින් එහි සුන්බුන් වලින් එම ස්ථානයේ බලකොටුවක් ඉදිකරන ලදි. නගරයෙන් පිටත පිහිටා ඇති 1632 දී ඉදිකරන ලද කෝවිලක කොනේෂ්වර් කෝවිලෙහි තබා තිබූ පිළිම යම් ප්‍රමාණයක් තිබේ. විද්‍යාඥයෙකු හා ගවේෂකයෙකු වන ආතර් සී. ක්ලාක්ගේ අනුග්‍රහයෙන් පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් සමග කල ගවේෂණයකදී දියයට හා ගොඩබිම් නටබුන්, මූර්ති සහ චෝළ ලෝකඩ පිලිම සොයා ගැනීමෙන් පසුව තිරුකෝනේෂ්වරම් නැවතත් ලොව පුරා අවධානය දිනා ගත්තේය.
තිරුකෝනේස්වර් කෝවිල ගැන අතීත සටහන්
[සංස්කරණය]ග්‍රීක ලේඛක ස්ට්‍රාබෝ, එරටොස්තීනස් සහ ඔනේසික්‍රිටස්ගේ සටහන් උපුටා දක්වමින් ස්වාමි පර්වතය මත ඉදිකරන ලද පූජනීය ස්ථානයක් විස්තර කරයි. මෙම කොවිල අඩි 400 ක් කෙලින්ම මුහුදට වැටෙන කඳු බෑවුමක් අසල ඇති බව ඔහු ලියා ඇත. සමකාලීන ඉතිහාසඥයින් වන එස්. පත්මනාදන් සහ පෝල් ඊ. පීරිස් විශ්වාස කරන්නේ ක්‍රි.ව. 300 සිට කොනේෂ්වරම් කෝවිලට ලිඛිත ඉතිහාසයක් ඇති බවයි. ක්‍රි.ව. 300 දී ලියන ලද පැවණි සංස්කෘත ගීතාවලියක් වන වායූ පුරාණයේ තිරුකෝනේශ්වර කෝවිල ගැන සඳහන් වන බවට විශ්වාස කෙරෙනවා.
තිරුකෝනේශ්වර කෝවිල උපත පිළිබඳ පත්මනාදන්ගේ මතය අනුව, කොනස්වරම් කෝවිල බොහෝ විට හින්දු සිද්ධස්ථානයක් ලෙස ස්ථාපිත කර ඇත්තේ ඉන්දියාවේ කාලිංගයේ සිට මෙරටට වෙළඳාමට පැමිණි වෙළඳ ප්‍රජාවන් විසිනි.
18 වන සියවසේ දමිළ වංශකථාවක් වන යාල්පාන වඉපාවා මලයි, විජය සහ ඔහුගේ අනුගාමිකයන් හත්සියයක් තිරුකෝනෙස්වර් දෙවොලට සම්බන්ධ කරයි. විජය සහ ඔහුගේ කණ්ඩායම දිවයිනට පැමිණි පසු ඊශ්වරම් කොවිල් පහ පුළුල් ලෙස අලුත්වැඩියා කළබව එහි සඳහන් වෙනවා. පසුව ඔවුන් පාන්ඩ්‍ය දේශයෙන් කුමාරිකාවන් ගෙන්නා ගත් අතර එවක ස්ව්දේෂිකයින් සමගද මිශ්‍රවීම ඇරඹුනා.