තායිලන්ත ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

තායිලන්තයේ ඉතිහාසය ආරම්භ වන්නේ තායි ජනතාව තම පුරාණ නිවහන වන දකුණු චිය අතහැර නිරිත දිග අසියානු ගොඩබිමට ක්‍රි.ව 10 වන සියවසේ පමණ සංක්‍රමණය විම ඇරඹිමත් සමගමය. එයට පෙර මොන්, ඓමේර් හා මැලේ රාජධානි මෙම ප්‍රදේශය පාලනය කළහ. තායිවරැ සුඛොතායි නම් පළමු ප්‍රාන්තය ආරම්භ කළ අතර ඉන් පපසුව අයුක්තය නම් රාජධානිය පිහිටුවා ගත්හ. මෙම ප්‍රාන්ත අතර ද යුද්ද හටගත් අතර නිරතුරැවම ඩෙමෙර්, බුරැමය හා වියට්නාම තර්ජන වලට ලක් විය. 19 හා 20 වන ශතවර්ෂ වලදි යුරෝපිය තර්ජන වලට ද එය ලක්විය. නමුත් තායිලන්තය අධිරාජ්‍යවාදයෙන් බේරැනු එකම නිරිතදිග ආසියානු රට වශයෙන් පැවතුනිත 1932 දී එහි අධිරාජ්‍යයේ බිද වැටීමක් සමග තායිලන්තය අවු. 60 ක් හමුදා පාලනයට යටත් ව තිබු අතර පසුව එහි ප්‍ර‍ජාතන්ත්‍රවාදය පිහිටවනු ලැබිය.

තායිලන්තයේ ආරම්භක අවස්ථා[සංස්කරණය]

සුතාන් සිට නිරිත දෙසට 10 වන සියවසේ දී සිදු වු තායි සංක්‍රමණ වලට පෙර ඉන්දු චීන අර්ධද්විපය මිට අවුරැදු 10 කට පමණ පෙර කාලය වන තෙක්ම විවිද ස්ව‍‍‍දේශික ස්වවාදිත ජනවර්ග වලට නිවහන විය. ලගදි සෙයාගත් ලැම්පන්‍ග් මිනිසා නමින් හදුන්වන හො‍්මෝ ඉරෙක්ටස් පොඩිය මෙයට නිදසුනකි. මෙම ශරීර කොටස් පළමුව හමුවුයේ තායිලන්තයේ ලැම්පන්ග් ප්‍රදේශයේ සිදුකරන ලද කැණිම් වල ප්‍රථිඵලයක් ලෙසය. මෙයට ‍වසර 1000 000-500 000 තරම් ඈත අතීතයේ ප්ලෙයි ස්ටොයින් යුගයට අයත්ය. ඉන්දු චින අර්ධ ද්වවිපයේ වාසය කරන මෙම විවිධ වර්ගයට අයත් ඔස්ත්‍රෝ- ආසියාතික කණ්ඩායම් වර්තමානයේ පැසිෆික් දුපත්වල ජීවත් වන ජනයාට නැකම් කියන බව ඉතිහාසඥයෝ පිළිගනිති. මෙම මිනිසුන් තායිලන්ත බොක්ක, මාලේ අර්ධද්විපය හා මැලේ දුපත් හරහා ව්‍යාප්ත විම නිසා මොවුන් දුපත් වල වෙරාළාශිත ප්‍රදේශ හා දුරස්ථ දුපත් වල ජීවත් වුහ. මුහුදු යාත්‍රිකයෝ නවසින්තය, හවායි හා මැඩගස්කරයට පවා ළගා විමට තරම් නාවික හැකියාවන්ගෙන් යුක්ත වුහ.

තායිලන්තයේ ප්‍රසිද්ධම ප්‍රාග්- ඓතිහාසික ජනාවාසය වන්නේ ප්‍රධාන පුරාවිද්‍යාත්මක බිමක් වන බැන් චියැන්ග්ය. මෙජින් සොයාගත් පුරාවස්තු ක්‍රි.ප. 3600 වැනි කාලයට අයත් බව පිළි ගැනේ. මෙහි ජීවත්වුනේ තඹ භාවිතයෙන් ආයුධ හා මෙවලම් නිපදවාගත් අතර වී වගාවද ආරම්භ කලේය. ෆ්‍රනාත් හා චින ඉතිහාසඥයන්ගේ වාර්තා වලට අනුව ක්‍රිස්තියානි යුගයේ පළමුවන ශතවර්ෂයේදී දකුණේ වෙළද ජනාවාස කිහිපයක් ඉන්දියානු ලක්ෂණ සහිත ප්‍රාන්ත ලොව හැඩ ගැසී තිබුණු අතර ලන්ග්ත්‍යුතා හා තාම්බුලින්ග මෙයින් පැරණිතම ජනපදය වේ.

තොන්බුරි සමය[සංස්කරණය]

අවුරුදු හාරසියයක පාලනයකින් අනතුරුව ක්‍රි.ව. 1767 දී 'ආයුත්තය' අධිරාජ්‍යයේ අගනුවර ගිනි බත් කරමින් බුරුම බල ඇණිය විසින් තායිලන්තය ආක්‍රමණය කර රට දෙකඩ කරන ලදි. ඉන් අනතුරුව ටක්සින් සේනාධිපතිවරයා තායි අධිරාජ්‍යය යළි එක්සේසත් කර, ක්‍රි.ව. 1769 දී එහි අධිරාජ්‍යයා බවට පත් වුයේය. ඉන්පසු තොන්බුරි නගරය ඔහු තම නව පාලන තන්ත්‍රය ලෙස නම් කළේය. කෙසේ වෙතත් ‍ටක්සින් අධිරාජ්‍යයා මානසික වියවුල්තාවයකින් පෙළෙන්නෙකු ලෙස චෝදනා එල්ලවීම හේතුවෙන් එම ධුරයෙන් පහ කෙරිණි. අනතුරුව සිරභාරයට පත් වූ ඔහුව මරණයට පත් කරනු ලැබීය.

තායි රාජ්‍යයේ රජකමකට ආශා කළ චක්රි සේනාධිපතිවරයා තම බලාපොරොත්තු සඵල කර ගනිමින් ක්‍රි.ව. 1782 දී පළමු රාම ලෙස රාජ්‍යත්වයට පත් වුයේය. බලයට පත් වූ පළමු චක්රි වංශිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වේ. ටක්සීන්ගේ අගනුවර වු තොන්බුරි නගරය හරහා දිවෙන චාඕ ෆ්රයා නදිය අසබඩ පිහිටි බැංකොක් නගරය, ඔහු තම අගනුවර ලෙස තෝරා ගත්තේය. එකල සියම් දේශය නමින් හැඳින්වූ බුරුමය ආක්‍රමණය කිරීමට ඔහුට හැකිවුණි. එමඟින් බුරුමය විසින් පමුණුවා තිබු ජීවන වෘත්තීන්ගෙන් නිදහස් වීමට ලන්නාවටත් හැකි විය. එවකට නව වංශිකයෙක් වු චක්රි රජු චක්රී රාජ වංශයේ පාලකයින් අතරින් ගෞරවයට පාත්‍ර වූ රජ කෙනෙක් ලෙස හැඳින්විය හැකිය.

තමන්ගේ අසල්වැසි රටක් වු බුරුම දේශය ක්‍රි.ව. 1826 දී යුරෝපීය ජාතිකයන්ගේ යටත්විජිතයක් බවට පත් වුවායින් පසුව I වන රාම රජුගෙන් පැවත ආ උරුමක්කාරයෝ ද, යුරෝපීය ජාතිකයින්ගෙන් එල්ල විය හැකි තර්ජන පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වූහ. 1826 දී බටහිර රාජධානියත් සමඟ තායිලන්තය විසින් ප්‍රථම හවුල් ගිවිසුම ඇති කර ගන්නා ලදි. එක්සත් රාජධානිය සමඟ ඇති වූ එම ගිවිසුම, මිත්‍රත්වය හා වාණිජ ගිවිසුම නම් විය. ඉන්පසු 1939 වන තෙක් සියමය ලෙස හැඳින්වූ තායිලන්තය සමඟ 1833 දී එක්සත් ජනපදය විසින් රාජත්‍රාන්තික හුවමාරු සිදු කරන ලදි. නැවතත් එම ගිවිසුම් 1945 දී හා 1949 දී ක්‍රියාත්මක වුණි. කෙසේ වෙතත් 1804 – 1868 කාලය තුළ පාලනය කළ මොන්කුට් රජු හා ඔහුගේ පුත් චුලා‍ලොන්කොන් රජු හා දෙපිලගේ රාජ්‍ය කාලය තුළ තායිලන්තය විසින් බටහිර පාලකයින් සමඟ වෙළඳ සන්ධානයක් පිහිටුවන ලදි. එම සන්ධානගත වීම හේතුවෙන් තායිලන්ත රජයට තායි ආධිපත්‍යය තුළ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ප්‍රතිසංස්කරණ කිරීමට ඉඩ අවස්ථාව උදාවුණි. එමඟින් යුරෝපා ජාතිකයින් තම රාජ්‍යය තුළ ජනපද පිහිටුවීම වැළැක්විමට සමත් වූ දකුණු හා අග්නිදිග ආසියාවේ එකම රට බවට පත්වීමට සියමයට හැකි වුණි. සියම් දේශයේ වර්තමාන නම තුළින් ද, ඉහත සිදු වූ විශේෂ සිදුවීම ඉස්මතු කෙරේ. 'ප්‍රැකොට් තායි' නැතහොත් 'තායිලන්තය' යන නාමය නිර්මාණය වී ඇත්තේ 'ප්‍රැකොට්' නමින් හැඳින්වූ ජාතිය හා 'තායි' යනුවෙන් හැඳින්වූ නිදහස යන අර්ථ දෙක එක්වීමෙනි.

වර්ෂ 1909 දී සියමය හා බ්‍රිතාන්‍ය මලයාව අතර නව දේශසීමාව තීරණය කරමින් ඉංග්‍රීසිහු සියම් ගිවිසුම ඇති කළහ. එම ගිවිසුම මඟින් මලයා සුල්තාන්වරුන් වන 'පට්ටනි' හා 'කෙඩා' යටතේ පැවති පට්ටනි යාලා නාරතිවත් හා සටුන් යන ප්‍රදේශවල බලය තායිලන්තයට පැවරුණි. ප්‍රංශය සමඟ ඇති වූ අඛණ්ඩ සන්ධානගත වීම හේතුවෙන් තායිලන්තය තුළ ලාඕසය හා කාම්බෝජය අතර ඇති වූ වර්තමාන දේශ සීමාව තීරණය විණි.