තායිලන්තයේ ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

තායිලන්තයේ ඉතිහාසය 10 වන ශතවර්ෂයේ ගිනිකොණ ආසියාවේ දකුණු චීනය නිජබිම කොටගත් තායි‍ලාවෝ නම් සංක්‍රමණිකයන් පැමිණීමෙන් ආරම්භ විය. මීට අමතරව භාරතයේ බලපෑමට යටත් වූ රාජධානි වන මොන්, කර්මර් හා මැලේ රාජ්‍යයන්ද පාලනය කළහ. තායිවරුන් ඔවුන්ගේ ස්වකීය රාජ්‍යයන් වන සුතෝතායි, ඕනැග් සෙයි, එසැන්ග් මායි, ලානා හා අසුතයා ආරම්භ කළහ. මෙම රාජ්‍යයන් එකිනෙක අතර ගැටුම් ඇතිකර ගත් අතර තර්මර්ස්, බර්මා හා වියට්නාමයෙන් දිගින් දිගටම තර්ජන ඇතිවිය. 19 වන 20 වන ශතවර්ෂවල යුරෝපා ජාතීන්ගෙන් තර්ජන පැමිණි අතර ගිනිකොණ ආසියාව තුල යටත් විජිතයක් නොවුන රාජ්‍යය ලෙස තායිලන්තය පත්විය. 1932, මෙම රාජාණ්ඩු අවසන් වු අතර තායිලන්තය තම 60 අවුරුදු යුධමය පාලනය නිමාකොට ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක් පද්ධතියන් ගොඩනගා ගත්තේය.

තායිලන්තයේ ආරම්භක අවස්ථා[සංස්කරණය]

සුතාන් සිට නිරිත දෙසට 10 වන සියවසේ දී සිදු වු තායි සංක්‍රමණ වලට පෙර ඉන්දු චීන අර්ධද්විපය මිට අවුරැදු 10 කට පමණ පෙර කාලය වන තෙක්ම විවිද ස්ව‍‍‍දේශික ස්වවාදිත ජනවර්ග වලට නිවහන විය. ලගදි සෙයාගත් ලැම්පන්‍ග් මිනිසා නමින් හදුන්වන හො‍්මෝ ඉරෙක්ටස් පොඩිය මෙයට නිදසුනකි. මෙම ශරීර කොටස් පළමුව හමුවුයේ තායිලන්තයේ ලැම්පන්ග් ප්‍රදේශයේ සිදුකරන ලද කැණිම් වල ප්‍රථිඵලයක් ලෙසය. මෙයට ‍වසර 1000 000-500 000 තරම් ඈත අතීතයේ ප්ලෙයි ස්ටොයින් යුගයට අයත්ය. ඉන්දු චින අර්ධ ද්වවිපයේ වාසය කරන මෙම විවිධ වර්ගයට අයත් ඔස්ත්‍රෝ- ආසියාතික කණ්ඩායම් වර්තමානයේ පැසිෆික් දුපත්වල ජීවත් වන ජනයාට නැකම් කියන බව ඉතිහාසඥයෝ පිළිගනිති. මෙම මිනිසුන් තායිලන්ත බොක්ක, මාලේ අර්ධද්විපය හා මැලේ දුපත් හරහා ව්‍යාප්ත විම නිසා මොවුන් දුපත් වල වෙරාළාශිත ප්‍රදේශ හා දුරස්ථ දුපත් වල ජීවත් වුහ. මුහුදු යාත්‍රිකයෝ නවසින්තය, හවායි හා මැඩගස්කරයට පවා ළගා විමට තරම් නාවික හැකියාවන්ගෙන් යුක්ත වුහ.

තායිලන්තයේ ප්‍රසිද්ධම ප්‍රාග්- ඓතිහාසික ජනාවාසය වන්නේ ප්‍රධාන පුරාවිද්‍යාත්මක බිමක් වන බැන් චියැන්ග්ය. මෙජින් සොයාගත් පුරාවස්තු ක්‍රි.ප. 3600 වැනි කාලයට අයත් බව පිළි ගැනේ. මෙහි ජීවත්වුනේ තඹ භාවිතයෙන් ආයුධ හා මෙවලම් නිපදවාගත් අතර වී වගාවද ආරම්භ කලේය. ෆ්‍රනාත් හා චින ඉතිහාසඥයන්ගේ වාර්තා වලට අනුව ක්‍රිස්තියානි යුගයේ පළමුවන ශතවර්ෂයේදී දකුණේ වෙළද ජනාවාස කිහිපයක් ඉන්දියානු ලක්ෂණ සහිත ප්‍රාන්ත ලොව හැඩ ගැසී තිබුණු අතර ලන්ග්ත්‍යුතා හා තාම්බුලින්ග මෙයින් පැරණිතම ජනපදය වේ.

තායිලන්තයේ මූලික රාජ්‍යයන්[සංස්කරණය]

10 වන ශතවර්ෂයේ යුන්නාන් සිට තායි ජනයාගේ සංක්‍රමණයෙන් ඉන්දු චීන අර්ධද්වීපය අවුරුදු 50,000 කට පෙර විවිධ ස්වදේශීය ජනයාගේ නවාතැන විය. වර්තමානයේ හොමෝන් ඉරෙක්ටස් පොසිල වන ලම්ප්පන් මිනිසා එක් උදාහරණයකි. මෙය වසර 1,00,000 – 500,000 පෙර ප්ලෙයිස්ටොසින් හි දී සොයා ගැණුනි. තායිලන්තයේ වසර දහස් ගණකට වඩා පැරණි ප්‍රදේශ තිබෙන අතර, එය ලෝකඩ යුගය (1500 BC - 500 BC) හා ශිලා යුගය (500 BC - 500 AD) තරම් ඈතට දිවයයි. මෙයින් බොහෝ සෙයින් ගවේෂණයට ලක් කෙරුණු භූමි ඇත්තේ ඊශාන මුන් හා චී ගං ප්‍රදේශයන්හිය. පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානි යුගයේ ෆුනත් ශිලා ලේඛනයන්ට අනුව හා චීන ඉතිහාසයට අනුව වෙළඳුන්ගේ පදිංචිවීමෙන් ඉන්දියානු ප්‍රාන්ත නිර්මාණය වු අතර මෙයින් මුල් ම ජනාවාස ලෙස ලන්ගනපුනා හා මම්බුලින්ගා සඳහන් කළ හැක.

සුකොතයි හා ලන්නා[සංස්කරණය]

තායි නගර ජනපද ක්‍රමක්‍රමයෙන් දුර්වල වූ ක්මේර් රාජ්‍යයෙන් නිදහස ලැබීය. ක්‍රි.ව. 1238 දී ෆෝ කුන් සී ඉන්ද්‍රක්‍රීට් විසින් සුකෝතායි නම් රාජ්‍යය පිහිටිවන ලදි. මෙම රාජ්‍යයේ පියා විසින් දරුවන් පාලනය කරන්නා වූ ආකාරයට රජතුමා රට පාලනය කිරීම ප්‍රධානතම දේශපාලන ලක්ෂණය විය. ‍එහිදි රට වැසියන්ගේ ප්‍රශ්ණ සෘජුවම රජතුමා ඉදිරියට ගෙනවිත් ඉදිරිපත් කිරීමේ හැකියාව රට වැසියන්ට තිබුණි. මෙහි පහසුව තකා රජමාලිගාව ඉදිරිපිට සීනුවක් ඉදිකර තිබුණි. රම්කම්ගෙන්ගේ රජතුමා යටතේ මෙම නගරය පැවති අවධියේ දී එම නගරය, ප්‍රදේශය ද මෙම නගරය යටතේ පාලනය වුනි. තායි අක්ෂර මාලාව හඳුන්වා දීමට ද මුලික වුයේ මෙම රජතුමාය. 1365 දී මෙම රජතුමාගේ සිදුවු අභාවය සමඟ නගරය ක්‍රමක්‍රමයෙන් විනාශ වීමට පටන් ගත්තේය. ඉන්පසුව නැඟී ආ අයුත්තාය රජයට මෙය රුකුලක් විය. මෙය සිදුවුයේ පහළ චාවෝ ෆොරයා ප්‍රදේශයේය.


ලන්නා නම් ජනපදය සුකෝතායි රාජ්‍යයට සමගාමීව වියැන්ග් මෛයි ප්‍රදේශයේ කේන්ද්‍ර ගතවූ උතුරු රාජ්‍යයකි. එහි නිර්මාතෘවරයා වුයේ ෆියා බන්රායි රජතුමාය. මෙම නගර ජනපදය සුකෝතායි ජනපදයට සමගාමීව දියුණු විය. සුකෝතායි රාජ්‍යය සමඟ ලන්නා රාජ්‍යය ඒකාබද්ධව කටයුතු කළේය. නමුත් අවුත්තාය රාජ්‍යයේ වර්ධනයත් සමඟ එය චාවෝ ෆරයා විය. අයුත්තාය හා ලන්නා රාජ්‍යය අතර පැවති දරුණු ගැටුම් වලින් පසුව චියැන්ග් මෛයි අයුත්තාය රාජ්‍යය යටතට පත්විය.


ලන්නා රාජ්‍යයේ නිදහස් ඉතිහාසය ක්‍රි.ව. 1558 දී බුරුමයට යටත් වීමත් සමඟ අවසන් විය. ඉන් පසුව එහි පාලනය 18 වන ශතවර්ෂය තෙක් බුරුමය සතු විය. ඉන්පසුව මෙම රාජ්‍යය තුල ප්‍රාදේශිය නායකයන්ගේ නායකත්වයෙන් නිදහස් අරගල ඇතිවිය. එයට සහයෝගය දැක්වුයේ නෝන්බුරි රාජ්‍යයේ තක්සින් රජතුමාය. ඉන්පසුව උතුරු ජනපදයටත් සියල්ලමද, නොන්බුරි හා බැංකොක් රාජ්‍යය යටතට පත්විය. 20 වන ශතවර්ෂයේ මුල්භාගයේ දී මෙම ප්‍රදේශ නැවතත් කොටස් වී වර්තමාන තායිලන්ත රාජ්‍යය බවට පත්විය.

තොන්බුරි සහ බැංකොක් සමය[සංස්කරණය]

අවුරුදු හාරසියයක පාලනයකින් අනතුරුව ක්‍රි.ව. 1767 දී 'ආයුත්තය' අධිරාජ්‍යයේ අගනුවර ගිනි බත් කරමින් බුරුම බල ඇණිය විසින් තායිලන්තය ආක්‍රමණය කර රට දෙකඩ කරන ලදි. ඉන් අනතුරුව ටක්සින් සේනාධිපතිවරයා තායි අධිරාජ්‍යය යළි එක්සේසත් කර, ක්‍රි.ව. 1769 දී එහි අධිරාජ්‍යයා බවට පත් වුයේය. ඉන්පසු තොන්බුරි නගරය ඔහු තම නව පාලන තන්ත්‍රය ලෙස නම් කළේය. කෙසේ වෙතත් ‍ටක්සින් අධිරාජ්‍යයා මානසික වියවුල්තාවයකින් පෙළෙන්නෙකු ලෙස චෝදනා එල්ලවීම හේතුවෙන් එම ධුරයෙන් පහ කෙරිණි. අනතුරුව සිරභාරයට පත් වූ ඔහුව මරණයට පත් කරනු ලැබීය. තායි රාජ්‍යයේ රජකමකට ආශා කළ චක්රි සේනාධිපතිවරයා තම බලාපොරොත්තු සඵල කර ගනිමින් ක්‍රි.ව. 1782 දී පළමු රාම ලෙස රාජ්‍යත්වයට පත් වුයේය. බලයට පත් වූ පළමු චක්රි වංශිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වේ. ටක්සීන්ගේ අගනුවර වු තොන්බුරි නගරය හරහා දිවෙන චාඕ ෆ්රයා නදිය අසබඩ පිහිටි බැංකොක් නගරය, ඔහු තම අගනුවර ලෙස තෝරා ගත්තේය. එකල සියම් දේශය නමින් හැඳින්වූ බුරුමය ආක්‍රමණය කිරීමට ඔහුට හැකිවුණි. එමඟින් බුරුමය විසින් පමුණුවා තිබු ජීවන වෘත්තීන්ගෙන් නිදහස් වීමට ලන්නාවටත් හැකි විය. එවකට නව වංශිකයෙක් වු චක්රි රජු චක්රී රාජ වංශයේ පාලකයින් අතරින් ගෞරවයට පාත්‍ර වූ රජ කෙනෙක් ලෙස හැඳින්විය හැකිය.


තමන්ගේ අසල්වැසි රටක් වු බුරුම දේශය ක්‍රි.ව. 1826 දී යුරෝපීය ජාතිකයන්ගේ යටත්විජිතයක් බවට පත් වුවායින් පසුව I වන රාම රජුගෙන් පැවත ආ උරුමක්කාරයෝ ද, යුරෝපීය ජාතිකයින්ගෙන් එල්ල විය හැකි තර්ජන පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වූහ. 1826 දී බටහිර රාජධානියත් සමඟ තායිලන්තය විසින් ප්‍රථම හවුල් ගිවිසුම ඇති කර ගන්නා ලදි. එක්සත් රාජධානිය සමඟ ඇති වූ එම ගිවිසුම, මිත්‍රත්වය හා වාණිජ ගිවිසුම නම් විය. ඉන්පසු 1939 වන තෙක් සියමය ලෙස හැඳින්වූ තායිලන්තය සමඟ 1833 දී එක්සත් ජනපදය විසින් රාජත්‍රාන්තික හුවමාරු සිදු කරන ලදි. නැවතත් එම ගිවිසුම් 1945 දී හා 1949 දී ක්‍රියාත්මක වුණි. කෙසේ වෙතත් 1804 – 1868 කාලය තුළ පාලනය කළ මොන්කුට් රජු හා ඔහුගේ පුත් චුලා‍ලොන්කොන් රජු හා දෙපිලගේ රාජ්‍ය කාලය තුළ තායිලන්තය විසින් බටහිර පාලකයින් සමඟ වෙළඳ සන්ධානයක් පිහිටුවන ලදි. එම සන්ධානගත වීම හේතුවෙන් තායිලන්ත රජයට තායි ආධිපත්‍යය තුළ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ප්‍රතිසංස්කරණ කිරීමට ඉඩ අවස්ථාව උදාවුණි. එමඟින් යුරෝපා ජාතිකයින් තම රාජ්‍යය තුළ ජනපද පිහිටුවීම වැළැක්විමට සමත් වූ දකුණු හා අග්නිදිග ආසියාවේ එකම රට බවට පත්වීමට සියමයට හැකි වුණි. සියම් දේශයේ වර්තමාන නම තුළින් ද, ඉහත සිදු වූ විශේෂ සිදුවීම ඉස්මතු කෙරේ. 'ප්‍රැකොට් තායි' නැතහොත් 'තායිලන්තය' යන නාමය නිර්මාණය වී ඇත්තේ 'ප්‍රැකොට්' නමින් හැඳින්වූ ජාතිය හා 'තායි' යනුවෙන් හැඳින්වූ නිදහස යන අර්ථ දෙක එක්වීමෙනි.


වර්ෂ 1909 දී සියමය හා බ්‍රිතාන්‍ය මලයාව අතර නව දේශසීමාව තීරණය කරමින් ඉංග්‍රීසිහු සියම් ගිවිසුම ඇති කළහ. එම ගිවිසුම මඟින් මලයා සුල්තාන්වරුන් වන 'පට්ටනි' හා 'කෙඩා' යටතේ පැවති පට්ටනි යාලා නාරතිවත් හා සටුන් යන ප්‍රදේශවල බලය තායිලන්තයට පැවරුණි. ප්‍රංශය සමඟ ඇති වූ අඛණ්ඩ සන්ධානගත වීම හේතුවෙන් තායිලන්තය තුළ ලාඕසය හා කාම්බෝජය අතර ඇති වූ වර්තමාන දේශ සීමාව තීරණය විණි.

"https://si.wikipedia.org/w/index.php?title=තායිලන්තයේ_ඉතිහාසය&oldid=307450" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි