තනි වචන (සිංහල භාෂාව)

විකිපීඩියා වෙතින්

වචන කිහිපයක් වෙනුවට යොදන තනි වචන සිංහල භාෂාවේ දක්නට ලැබේ.

  1. පාද හතරක් ඇති - සිවුපා
  2. පොත් සදහා කාලය ගත කිරීමට ඇති ස්ථානය - පුස්තකාලය
  3. දෑසම නොපෙනෙන පුද්ගලයා - අන්ධයා
  4. ප්‍රගතියට යාමට කැමති - ප්‍රගතිශීලී
  5. බිය උපදන සුළු - බියජනක
  6. පවුලක උපන් පළමු දරුවා - කුළුඳුල්
  7. සමාජයට කැමති - සමාජශීලී
  8. මිලකළ නොහැකි - අමිල
  9. දොළොස් මසකට වරක් - වාර්ෂික
  10. ගසක අතු බෙදෙන තැන - දෙබල
  11. ජනතාව අඩු - ජනශුන්‍ය
  12. මෙරටට ගෙන එන - ආනයන
  13. මෙරටින් විදේශවලට යවන - අපනයන
  14. ඇඳුම් මසන්නා - සන්නාලියා
  15. කොණ්ඩය කපන්නා - කරණවෑමියා
  16. කෑම උයන්නා - අරක්කැමියා
  17. සපත්තු මහන්නා - සපතේරුවා
  18. ගමෙහි වාසයකරන්නා - ගැමියා
  19. රජුට තුති ගී ගයන්නා - වන්දිභට්ටයා
  20. ස්වාමියා මළ ස්ත්‍රිය - වැන්දඹුව
  21. ජලය නැති කාලය - ඉඩෝරය
  22. පාගන ලද ගොයම - මැඩවුම
  23. පරපුරෙන් පරපුරට පැවත එන - පාරම්පරික
  24. නළලට වැටෙන කෙස්රොද - කියඹුව
  25. උස බිමක ඇති තැනිතලා බිම්කඩ - සානුව
  26. තාපසයන් වාසයකරන ස්ථානය - අසපුව
  27. යකඩින් කරන ලද - අයෝමය
  28. දැවයෙන් කරන ලද - දැවමුවා
  29. රිදියෙන් කරන ලද - රිදීමුවා
  30. ගලින් කරන ලද - ශෛලමය
  31. සාමයට කැමති - සාමකාමී
  32. සැමදාම පවතින - සදාකාලික
  33. අනුන් ගැන සිතන්නා - පරාර්ථකාමී
  34. තමන් ගැන පමණක් සිතන්නා - ආත්මාර්ථකාමී
  35. දිවි ඇති තාක් - යාවජීව
  36. ජලය නොමැති - නිරුදක
  37. අඳුර වැටී රෑ බෝවෙන වෙලාව - ගොම්මන
  38. නෙත් පිනවන - නෙත්කළු
  39. සිත් පිනවන - සිත් කළු
  40. කන් පිනවන - කන් කළු
  41. ඔටුනු පැළඳවීමේ මංගල්‍යය-මෞලිමංග්‍ය
  42. මඩෙහි උපන් - පංකජ
  43. ජනතාව බොහෝ ඇති -ජනාකීර්ණ
  44. දෙව් මිනිසුන් සහිත - සනරාමර
  45. එක් ව ගමන් ගන්නා-සහචර


"https://si.wikipedia.org/w/index.php?title=තනි_වචන_(සිංහල_භාෂාව)&oldid=600153" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි