තටිත්ත
Appearance

තටිත්ත හෙවත් ප්‍රංශ බසින් "කුඩා තටුව" හෝ "වරල" හෝ යන අරුතැති එයිලරොනය (aileron) යනු සැමැනියෙන් නිසල-තටු අහස් යානයකැ එක් එක් තටු හෝ පවන්පත් වලැ පසු-අයිනේ කඩක් වන අසවු කළ (hinged) පියාසැරුම් පලු මතුපිටෙකි. සැමැනියෙන් ඔසොවු දෛශිකයේ ඇලැවීම හේතුවෙන් පියාසැරුම් මඟෙහි වෙනසක් ඇති කරන ගුවන් යානයේ පෙරැළුම (හෝ ගුවන් යානයේ දිග අතට ඇති අක්ෂය වටා සැලුම) හසුරුවනුව තටිත්ත යුගල විසින් යොදාගැනේ. අක්ෂය වටා වන මේ සැලුම 'පෙරැළුම' හෝ 'banking' හෝ නමි.