ඩෝල්ටන් නියමය

කිසියම් වායු මිශ්‍රණයක ඇති මුළු පීඩනය එම එක් එක් සංඝටක වායුන් විසින් ඇති කරන ආංශික පීඩනයන්ගේ ඓක්‍යයට සමාන බව ඩෝල්ටන් නියමයෙන් අදහස් වේ. රසායන විද්‍යාවේ දී හා භෞතික විද්‍යාවේ දී භාවිතාවන මෙම ආනුභවික නියමය 1801 දී ජෝන් ඩෝල්ටන් විසින් ඉදිරිපත් කර ඇති අතර පරිපුර්ණ වායු නියම සම්බන්ධ වේ.[1]
ගණනය කිරීමේ දී p1 , p2 , pn යනු එක් එක් සංඝටක වායුවේ ආංශික පීඩනය ලෙස ගත් විට වායු මිශ්‍රණයේ මුළු පීඩනය
හෝ
ලෙස අර්ථ දැක්විය හැක
මෙහිදී වායුන් එකිනෙක හා ප්‍රතික්‍රියා නොකරන බව උපලකල්පනය කරයි.
පද්ධතියේ ඇති සියලුම සංරචක වලට සාපේක්ෂව i නම් සංරචකයේ මවුල භාගය mi ලෙස ගත්විට,
ලෙසද අර්ථ දැක්විය හැක.
පහතදී ඇති සමීකරණයට අනුව ඕනෑම තනි වායුමය සංරචකයක් සදහා පරිමාවට අනුව සාන්ද්‍රණය නිර්ණය කළ හැක.
මෙහිදි Ci ලෙස හදුන්වන්නේ i නම් සංරචකයේ සාන්ද්‍රණයේ ppm අගය වේ.
තාත්වික වායු ඩෝල්ටන්ගේ නියමය හරියටම පිළිනොපදින අතර අධික පීඩන හමුවේ දී විශාල අපගමන දක්වයි. කිමද එවැනි අවස්ථාවල දී අණුවල පරිමාව ඒවා අතර පවතින නිදහස් අවකාශයට සාපේක්ෂව සැලකිය යුතු තරම් විශාල වේ. තවද අණු අණු අතර පවතින දුර අඩුවත්ම වායු අණු වලින් ඇති කරන පීඩනය සැලකිය යුතු තරම් වෙනස් කිරීමට ප්‍රමාණයක් පරිදි වායු අණු අතර පවතින අන්තර් - අණුක බලවල තීව්‍රතාව වැඩිවේ. නමුත් ඉහත සදහන් කරුණු දෙකෙන් එකක් හෝ පරිපුර්ණ වායු කෙරෙහි බලපෑමක් නැත.
ආශ්‍රිත[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ J. Dalton (1802), "Essay IV. On the expansion of elastic fluids by heat," Memoirs of the Literary and Philosophical Society of Manchester, vol. 5, pt. 2, pages 595–602; see page 600.