ඩෙංගු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඩෙංගු උණ
Classification and external resources
Photograph of a person's back with the skin exhibiting the characteristic rash of dengue fever
ඩෙංගු උණ රෝගියෙකුගෙ සමෙහි දැකිය හැකි කුඩා රතු පැල්ලම්.


ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ යනු වෛරස් උණ රෝගයකි.


World map showing the countries where the Aedes mosquito is found, as well as those where Aedes and dengue have been reported
2006 වසර වන විට ලොව වටා ඩෙංගු ව්‍යාප්තිය.
Red: වසංගත ඩෙංගු ව්‍යාප්තිය ඊජිට්යි
Aqua: ඊජිට්යි පමණක්


ඩෙංගු උණ හා ඩෙංගු රක්ත පාත උණ නිවර්තන කලාපයන්හි ඇති කරන්නා වු රෝගීතත්වයකි.ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි.මාංශ පේශි වල හා හන්දිපත් වල ඇතිවන ඉතා වේදනාකාරී තත්ත්වයන් නිසා මෙය ඇටකටු තලාපෙලා දමන උණ ලෙසද ප්‍රකට වේ.රෝග ලක්ෂණ ලෙස ක්ෂණිකව හටගන්නා තද උණ, තදබල හිසේ කැක්කුම, මාංශ පේශි වල හා හන්දිපත් වල රැදාව සහ සමෙහි ඇතිවන පැල්ලම් දැක්විය හැක. ඩෙංගු උණෙන් සමෙහි ඇති වන පැල්ලම් එයටම ආවේනික වූ දීප්තිමත් තද රතු පැහැති කුඩා පැල්ලම් වන අතර සාමාන්‍යයෙන් මෙය පළමුව කලවා වල හා පපු ප්‍රදේශයන්හි ඇතිවේ. ඇතැම් රෝගීන්ගෙන් මේවා මුළු සිරුරම වසාගන්නා ආකාරයට ව්‍යාප්ත වේ.තවද බඩෙහි ඇතිවන අම්ල ගතිය හා සම්බන්ධව බඩේ කැක්කුම ඔක්කාරය හා මලපහ බුරුලෙන් යාම ඇතිවිය හැක.

ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ නම්,දින 2 - 7 දක්වා පවතින අධික උණ සම යට කුඩා රතු පැල්ලම්, විදුරු මස් වලින් ලේ ගැලීම, නාසයෙන් ලේ ගැලීම, කළු/දුඹුරු පැහැති වමනය හෝ මළ පහවිම (ආහාර ජීර්ණ පද්ධතිය තුළට ලේ ගැලිම නිසා), මුත්‍ර සමග ලේ පිටවීම අක්මාව ඉදිමීමෙන් වන අධික බඩේ වේදනාව ඇතිවිය හැක.ඩෙංගු කම්පන තත්වයේ රෝග ලක්ෂණ නම්,සුදු මැලි වීම, අත් පා සීතල වීම, නාඩි වැටීම වේගවත්විම, රුධිර පීඩනය අඩුවීම සිදුවිය හැක.

ඩෙංගු වෛරසය ව්‍යාප්ත කරන මදුරු දෙවර්ගය නම් - ඊඩිස් ඊජිප්ටයි. ඊඩිස් ඇල්බොපික්ටස්. ඔවුන් වැඩිපුර දෂ්ට කරන්නේ දහවල් කාලයේය. ඩෙංගු වෛරසය කාණ්ඩ 4ක් දක්නට ලැබේ. එම වෛරස ඩෙංගු දර්ශක 1, 2, 3 හා 4 ලෙස වෛද්‍ය විද්‍යාවේ නම් කර ඇත. ඩෙංගු රක්තපාත උණ නිසා අසාධ්‍ය තත්ත්වයට පත්වනුයේ ප‍්‍රථම වතාවට රෝගයට ගොදුරු වූ අය නොව මීට පෙර රෝගයට ගොදුරුවී සුව වී යළිත් රෝගයට ගොදුරු වූ අයයි.සාමාන්‍යයෙන් ශරීරයේ ප‍්‍රතිදේහ මගින් සිදු කරනුයේ ආරක්ෂාකාරී පිළිවෙතකි. නමුත් මෙම ඩෙංගු වෛරස නිසා ඇති වන විශේෂ ප‍්‍රතිදේහ සිදුකරනුයේ ඊට හාත්පසින්ම ප‍්‍රතිවිරුද්ධ කි‍්‍රයාවලියකි.එනම් එක් ඩෙංගු වෛරස දර්ශකයකින් ශරීරය තුළ ඇති වන මෙම විශේෂ ප‍්‍රතිදේහ කරන්නේ වෙනත් ඩෙංගු දර්ශකයක් ශරීරයට ඇතුලු වූ විට ඊට එරෙහි ව සටන් කිරීම වෙනුවට එම ආගන්තුක වෛරසයට ශරීරය තුළ වර්ධනය වීමට රුකුල් දීමයි.

ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණ කිසිවක් තවම සොයා ගෙන නැත. එම නිසා ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම මගින් ඩෙංගු වාහක මදුරුව බොවිම අවම කිරිම හා ඩෙංගු මදුරුවාගෙන් සිරුර දෂ්ට කිරිමෙන් අරක්ෂා විම ඩෙංගු මර්දනයට ඇති එකම ක්‍රමයයී.

ප්‍රතිකාර ලෙස පළමුව සිදුකරන්නේ උණ වැලදී දින දෙකකින් පමණ සිදුකරන රුධිර පරීක්ෂණය මගින් රෝග තත්ත්වය නිශ්චිතවම අදුනා‍ ගැනීමයි. හැකි තරම් වතුර, පළතුරු යුෂ, ජීවනී වැනි දියර වර්ගද සේලයින් ප්‍රතිකාරය දීම යන ඒවා ඉන් අනතුරුව කරනු ලැබේ.රෝහල තුලදී ලැබෙනා ඇද විවේකය(Bed rest)මෙහිදී විශේෂ කාර්යයක් ඉටු කරයි. ඩෙංගු රක්තපාත රෝගය ඇති රෝගියකු නම් තෙවන දිනයේ සිට ඉතා ප්‍රවේශමෙන් සජලනය කළ යුතුය.

ලෝකය පුරා සියයකට වැඩි රටවල් සංඛ්‍යාවක පැතිර ගොස් ඇති මාරාන්තික ඩෙංගු රෝගය වර්තමාන සමාජයට දැඩි බලපෑමක් එල්ල කරන රෝගයකි.1960න් පසු ඩෙංගු රෝගයෙහි පැතීරිම ඉතා සිග්‍රයෙන් වැඩිවිය, අද වන විට ලොව පුර මිලියන 50 - 100 පමන ප්‍රමාණයක් ඩෙංගු රෝගයෙන් වසරකට පිඩා විදිනු ඇත.ඩෙංගු රෝගය සඳහා නිශ්චිත එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත. ඩෙංගු වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණය කිරීම තවම පරීක්ෂණ තත්ත්වයේ පවතී.

රෝග ලක්ෂණ[සංස්කරණය]

Outline of a human torso with arrows indicating the organs affected in the various stages of dengue fever
ඩෙංගු රෝග ලක්ෂන පිළිබද ක්‍රමාණුරූප සංවර්ණනය


වයිරසය ශරීර ගතවු බොහෝ දෙනෙකු(80% පමණ) අයත් වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සාමාන්‍ය වයිරස උණක රෝග ලක්ෂණ පෙන්නුම් කරන කාණ්ඩ වලටය. කිහිප දෙනෙකු (5% පමණ) රක්තපාත උණ හෝ ඩෙංගු කම්පන තත්වයට පත් විය හැක. ඩෙංගු රෝග ලක්ෂණ බාහිරට පෙන්නුම් කිරිමට දින 3 –14 පමණ ගත විය හැක. නමුත් බොහෝවිට ඩෙංගු වයිරසය සිරුරට ඇතුළුවී දින 3 – 7 පමණ ගත වීමෙන් අනතුරුව රෝග ලක්ෂණ ඇතිවේ. ඩෙංගු රෝගය වෙනත් උණ රෝග වලින් වෙන් කර හදුනා ගැනීම මුල් දින 2 තුළ තරමක් අපහසු කාර්යයකි. මක්නිසාද යත් ඩෙංගු රෝගයේ රෝග ලක‍ෂණ අනෙක් උණ රෝග වලට සමාන බැවිනි.

තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, පේෂි හා සන්ධි කැක්කුම, සමේ රතු පැහැ ලප ඇතිවීම, වමනය, ආහාර අරුචිය, ඩෙංගු උණෙහි ලක්ෂණය. ‘ඇට කැඩෙන’ යන නාමය ඩෙංගු රෝගය සදහා ලැබි ඇත්තේ රෝගය සෑදුණු පසු සිරුරට ඇතිවන දැඩි අපහසුතාවය ඇඟවීමටය. ඩෙංගු රෝගය ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත උණ හා ඩෙංගු කම්පන සහලක‍ෂණ යන විවිධ මට්ටම් වලින් හට ගනී.

ශායනික පරිපාටිය[සංස්කරණය]

ඩෙංගු රෝගය පිළිබද ශායනික පරිපාටිය [1]

සාමන්‍ය යෙන් උණ රෝගියෙකුගෙ 40 °C (104 °F) පමණ උණ පැවතිය හැක. මෙම අධික උණ දින 2 - 7 දක්වා පැවතිය හැක. මිට අමතරව වමනය යාමද ඇතිවිය හැක. මෙවැනි ලක්ෂන දක්නට ලැබෙන 50- 60% පමණ රොගින්ගී සිරුරෙහි සම යට කුඩා රතු පැල්ලම් මුල් දින දෙක තුනෙහි දැකිය හැකි වේ. රෝගය ක්‍රමයෙන් වර්දනය වන විට ( 4 - 7 දින පමණ ) මෙය සරම්ප රෝගියෙකුගෙ ඇගෙහි දැකිය හැකි පැල්ලම් මෙන් රතු පල්ලම් වර්ධනය විය හැක.තවද විදුරු මස් වලින් ලේ ගැලීමද මෙම කාලයෙදී සිදුවිය හැක. ඩෙංගු උණ වෙනත් උණ මෙන් නොව විවිධ ලක්ෂන පෙන්නුම් කරයි. එම උණ දින දෙකක් ඇතුලත වැඩි වෙමින් අඩු වෙමින් පැවතිය හැක.

රෝගයෙන් පෙලෙන්නෙකුගෙ සිරුරෙහි රුධිරය වහනය වීමේ රෝග ලක‍ෂණ පෙන්වයි.නමුත් සාමන්‍ය ඩෙංගු උණ රෝග තත්වයේදි ප්ලාස්මා කාන්දුවක් දැකිය නොහැකි අතර ප්ලාස්මා කාන්දුව සිදුවන්නේ ඩෙංගු රක්තපාත උණ සෑදුණහොත්ය.රුධිර පට්ටිකා අඩුවීම ඩෙංගු රෝගය පෙන්වන මනා දර්ශකයක් වන අතර රුධිරයේ මුළු පරිමාවට සාපේක‍ෂ රක්තානු පරිමාව, ඇල්බියුමින් ප්‍රමාණය, කොලෙස්ටරෝල් ප්‍රමාණය මේ සදහා යොදා ගත හැක. ප්ලස්මා කාන්දු වීමේ රෝග ලක‍ෂණ ලෙස ප්ලාස්මාවට සාපේක‍ෂ රතු රුධිර පරිමාව (PVC) 20% ඉහළ යාම, රුධිරයේ ඇල්බියුමින් /කොලෙස්ටරෝල් මට්ටම පහළ යාම සහ ප්ලුරාවේ /වෙනත් දේහ කුහර වල තරලය එකතු වීම දැක්විය හැක.

ඩෙංගු රක්තපාත තත්ත්වයකදී පහත සඳහන් ලක්‍ෂණ දැකිය හැකි වනවා. තද උණ හෝ කම්පනය ඇති විට උණ බැස ශරීරය සීතල වීම, සමේ ඇතිවන රතු පැල්ලම්, රුධිර පීඩනය අඩු වීම, අක්මාව ඉදිමීම, කුද්දෙටි ඉදිමීම, සමෙහි ඉතා කුඩා රුධිර ගැලීම් රතු දම් පැහැයට ඇතිවීම, නාසයෙන් විදුරුමසෙන් ලේ ගැලීම, අධික ඔසප් රුධිර පිටවීම, කෝපි කුඩු පාටට වමනය ඇතිවීම හෝ ලේ වමනය ඇතිවීම, ඇඟපත ඇල්ලූ විට ඇතිවන වේදනාව, මීට අමතරව රෝගය උග්‍ර වූ විට පෙනහලු හා බඩේ වතුර එකතු වීමත් අවසානයේදී මොළයට අදාළ සිහිමුර්ජා වීම, වලිප්පුව වැනි රෝග ලක්‍ෂණත් දැකිය හැකි වේ.මේ නිසා ඩෙංගු රෝගය මාරාන්තික රෝගයකි.ඩෙංගු රෝග ලක්‍ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා ඉහත රෝග ලක්‍ෂණ ගලපා ගැනීමේදී ඉතා ප්‍රවේසම් විය යුතු වේ. කෙසේ නමුත් ඒ සඳහා ඔබට වෛද්‍යවරයා උදව් වනු නොඅනුමානය. ඩෙංගු රෝගය සෑදුනු සෑම අයකුටම අසාධ්‍ය නොවන බවත්, මතක තබා ගත යුතුය. දළ වශයෙන් ඩෙංගු රෝගය වැලඳුණු රෝගීන්ගෙන් 80% පමණ එතරම් අසාධ්‍ය නොවී සුව වේ.


ඩෙංගු ආශ්‍රිත වෙනත් ගැටඑ[සංස්කරණය]

ඩෙංගු රෝගය සිරුරේ විවිධ පද්ධති වලට බලපෑ හැක. එය තනිව හො ඩෙංගු රෝග ලක්ෂනත් සමඟ හෝ සිදුවිය හැක. ඉතා අසාධ්‍යය තත්වයේ රෝගින්ගෙන් 0.5- 6% පමණ රෝගින්ට සිහිමුර්ජා ගතියක් අති විය හැක. මෙයට හේතුව ඩෙංගු වෛරසය මගින් මොළයේ ආසාදනය විම හෝ සිරුරේ වැදගත් ඉන්ද්‍රියක් වන අක්මාව වැනි ඉන්ද්‍රියකට හානි පැමිනවිම විය හැක.


රෝග කාරකය[සංස්කරණය]

වයිරස අධ්‍යයන විද්‍යාව[සංස්කරණය]

ඩෙංගු වෛරසය ෆ්ලවිවිරිඩෙ කුලයට අයත් RNA වෛරසයකි. මෙම කුලයට අයත් අනෙකුත් වෛරස ලෙස කහ උණ වෛරසය(yellow fever virus), වෙස්ට් නයිල් වෛරසය (West Nile virus), ශාන්ත ලුවි එන්සෙඵලිටිස් වෛරසය (St. Louis encephalitis virus),ජැපනීස්න් එන්සෙපල්යිටීස් වෛරසය ( Japanese encephalitis virus), ටික්-බොර්න් එන්සෙඵලිටිස් වෛරසය (tick-borne encephalitis virus), ඛ්යසනුර් ෆොරෙස්ට්ඩිසීස් වෛරසය (Kyasanur forest disease virus), සහ ඔම්ස්ක් හෙමොරහජ්ක් උණ වෛරසය (Omsk hemorrhagic fever virus) හැදින්විය හැක. මින් බහුතරයක් අත්‍රපෝඩාවන්ගෙන් (මදුරුවන් හෝ ටික්කන්ගෙන් ) බෝ වන රෝග වේ. එමනිසා මේව අර්බොවෛරස (arboviruses) යන නමින්ද හදින්වේ.

ඩෙංගු වෛරසයේ නියුක්ලියොටයිඩ භස්ම වල ජානමය ද්‍රව්‍ය 11,000 පමණ ඇත. මෙම වෛරසයේ serotypes 4ක් ඇත. එවා DENV-1, DENV-2, DENV-3 සහ DENV-4 ලෙස හදුන්වයි.මෙවා වෙන් කර හදුනා ගත හැක්කේ ප්‍රතිදේහ ජනකය මතය.

සම්ප්‍රේෂණය[සංස්කරණය]

Close-up photograph of an Aedes aegypti mosquito biting human skin
ඊඩ්ස් ඊජිට්යි මදුරුවා මිනිස් සිරුරෙන් ලේ උරා බොමින් සිටින අයුරු

ඩෙංගු රෝගය ඊඩ්ස් මදුරුවා රෝග වාහකයා කරගත් රෝගයකි මෙම මදුරුවා සුදුපාට ලප සහිත (කොටියකු මෙන් ලප ඇති) මදුරු විශේෂයකි. ඊඩ්ස් ඊජිට්යි, ඊඩ්ස් ඇල්බොපික්ටස් හා ඊස් පොලිනේසියන් මේ අතර කැපී පෙනෙන මදුරු වර්ගයයි.මෙම මදුරුවන් සාමාන්‍ය යෙන් මිටර් 1, 000 කට ( අඩි 3, 300) පහලින් පියාසර කරමින් සිටී. ගැහැණු මදුරුවෙකු ඩෙංගු ආසාදිත පුද්ගලයකුගෙන් ලේ රුධිරය සමඟින් ඩෙංගු වයිරසය ඇතුළු වේ. එම ගැහැණු මදුරුවා වෙනත් පුද්ගලයෙකුට දෂ්ඨ කළ විට ඩෙංගු වයිරසය අඩංගු මදුරු කේඨයද එම පුද්ගලයාගෙන් සිරුරට ඇතුළු වේ. මෙසේ ඩෙංගු රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය.ඩෙංගු මදුරුවන් බොහෝ විට දෂ්ඨ කරනුයේ දිවා කාලයේදී පමණි.

මේ මදුරු විශේෂය හඳුනා ගැනීම සඳහා ඌගේ පාද හොඳින් නිරීක්ෂණය කළ හැකියි. එහිදී පාදවල මාරුවෙන් මාරුවට සුදු, කළු, ලෙස තීරු දැකිය හැකි නම් ඒ ඩෙංගු මදුරු විශේෂයකි. තවද ඊඩ්ස් ඇල්බොපික්ටස් වර්ගයේ මදුරුවාගේ උරහිසේ සුදු පාට ඉරක් දැකිය හැකි අතර ඊඩ්ස් ඊජිප්ටයි වර්ගයේ මදුරුවගේ උරහිසේ දෑ කැති හැඩයේ සුදුපාට ලප දෙකක් ද දැකිය හැකිය. ඩෙංගු මදුරුවා පහසුවෙන් ම හඳුනා ගත හැක්කේ පාදවලින්.

මේ සුහුඹුල් මදුරුවෙකු වරකට බිත්තර 100 ක් 200 ක් පමණ පිරිසිදු ජලය මත දමනු ලබයි. මේ බිත්තර ඇලෙන සුළුයි. බිත්තර දැමූ ස්ථානයෙන් ඉවත් නොකළේ නම් වියළි ස්වභාවයෙන් මාස 6-12 ක් පමණ කාලයක් බිත්තර නොනැසී පැවසිය හැකිය. ඩෙංගු මදුරුවා දිවා කාලයේ දෂ්ට කරන අතර එයිනුත් උදෑසන 8-10 අතර කාලය ක් සවස 3-6 අතර කාලයක් විශේෂයි. (බිත්තරයකින් සුහුඹුල් මදුරුවෙකු ඇතිවීමට සතියක පමණ කාලයක් ගතවේ.)

මිට අමතරව ඩෙංගු සම්ප්‍රේශනය ඩෙංගු ආසාදනය වු රුධිර පාරවිලයනය හෝ ඩෙංගු ආසාදිත පුද්ගලයකුගෙ ඉන්ද්‍රිය වෙනත් කෙනෙකුට බද්ද කිරිමේදී විය හැක. තවද ගර්භනී අවදියෙදී මවගෙන් දරුවාටද ඩෙංගු සම්ප්‍රේශනය වු අවස්ථා වාර්තා වි ඇත.නමුත් එවැනි අවස්ථා බොහොම විරලය.

ප්‍රස්ථිතිය[සංස්කරණය]

ළදරුවන් හා කුඩා ළමුන් ඩෙංගු රෝගය හේතුවෙන් බහුලව පිඩා විදිනු අතර අනෙකුත් රෝග සමග සැසදීමේදි ඩෙංගු රෝගය නිසා වැඩිපුර පීඩා විදිනු ලබන්නේ හොදින් පෝෂ්‍යදායීව වැඩුනු දරුවන්ය. තනි දර්ශක වර්ගයකට ඩෙංගු රෝගය සම්පූර්නයෙන්ම ඇති කල හැකි අතර එක් දර්ශකයකින් ආසාදනය වු පුද්ගලයෙකුට එම දර්ශක වර්ගයට ජීවිතාන්තය දක්වා ප්‍රතිශක්තිකරනය ලැබුනද අනෙත් දර්ශක වර්ග 3 සදහා ප්‍රතිශක්තිකරන ශක්තිය ඇති වන්නේ කෙටි කලකට පමණි. ඩෙංගු රක්තපාත උණ නිසා අසාධ්‍ය තත්ත්වයට පත්වනුයේ ප‍්‍රථම වතාවට රෝගයට ගොදුරු වූ අය නොව මීට පෙර රෝගයට ගොදුරුවී සුව වී යළිත් රෝගයට ගොදුරු වූ අයයි.මිට පෙර DENV-1 දර්ශකයෙන් අසාදනය වූ රෝගියෙකුට දෙවන වරට DENV-2 හෝ DENV-3 ආසාදනය වුවහොත් එවර රෝගය අසාධ්‍යය තත්වයකට පත් විය හැක. තවද දියවැඩියාව හා ඇඳුම රෝගයෙන් පෙලෙන කෙනෙකුට ඩෙංගු වැලදුන විට රෝගය මාරන්තික තත්වයට පත් විය හැක.

යන්ත්‍රණය[සංස්කරණය]

ඩෙංගු රෝගය ඊඩ්ස් මදුරුවා රෝග වාහකයා කරගත් රෝගයකි.මෙම වෛරසය ශරීර ගතවී මුල් දින පහ ඇතුලත එම රෝගියාගෙන් ලේ උරා බොන මදුරුවන් සිදු කරන නැවත දෂ්ඨයකදි පමණක් රෝගය තව කෙනෙකුට බෝවිම සිදුවේ.ඩෙංගු වෛරසය රැගත් ඩෙංගු මදුරුවා මිනිස් සිරුරට දෂ්ට කල විට මදුරුවාගේ ඛෙඨය සමග වෛරසය ශර්ර්‍රගත වේ. ඉන් පසු සුදු රුධිරණුවක් හා බැදෙන එම වෛරසය එයත් සමග සිරුර තුල සංසරණය වෙමින් එම රුධිරාණුව තුලදී ඛන්ඩනය වෙමින් වර්ධනය වේ.වෛරස ආසදනය හදුනා ගන්නා සුදු රුධිරාණු සංඥා ප්‍රෝටින නිපදවමින් මේ බව බාහිරට දැනුම් දෙයි.සිරුරේ ඇතිවෙන විවිධ රෝග ලක්ෂන වන උණ,ඇග පත වේදනාව ඇති වන්නේ එබැවිනි.ඩෙංගු රොගයේ උග්‍ර අවස්ථාවේදි වෛරස වර්ධනය ඉතා සීග්‍රයෙන් සිඩුවේ. එවනි අවස්ථාවකදී වකුගඩු, අක්‌මාව හා හෘදය වැනි අභ්‍යන්තර ඉන්ද්‍රියන්වල අකර්මන්‍යතාව වැනි රෝග ලක්‌ෂණ මතුවිය හැකිය.මීට අමතරව එවැනි අවස්ථාවකදී රුධිර ප්ලාස්මා (Blood plasma) දේහ කුහර වලට කාන්දු වීම, රුධිර පීඩනය පහල බැසීම (low Blood pressure),රුධිර පට්ටිකා(Platelets) අගය සිග්‍රයෙන් පහල බැසීම සිදුවිය හැක.රුධිර කැටි ගැසීමේ කර්‍ය්ය සිදු කරන රුධිර පට්ටිකා(ලේ කැටි ගැසීම සිදු වන්නෙ පට්ටික මගිනි ) අගය අඩු විම නිසා අභ්‍යන්තර ලේ ගැලීම වැළක්විම දුෂ්කර වේ. මෙහි අවසාන ඵලය වන්නේ මරණයට පත් වීමයි. බොහෝ කලාතුරකින් මෙම තත්ත්වයෙන් මිදි සුව වන අවස්ථා ඇත.


රෝග විනිශ්චය[සංස්කරණය]

අනතුරු ඇඟවීමේ ලකුණු
වැඩිවන උදරීය වේදනාව
වමනය
අක්‌මාව විශාල වීම
ප්ලස්මා කාන්දු වීම
රුධිර පට්ටිකා අගය සිග්‍රයෙන් පහල බැසීම
අලසබව හෝ නොසන්සුන්කම
ප්ලාස්මා කාන්දු වීම

වයිරසය ශරීර ගතවු පසු පෙන්නුම් කරන රෝග ලක්ෂණ සායන වශයෙන් පරික්ෂා කිරීම මගින් ඩෙංගු හදුනා ගත හැක.ඩෙංගු රෝගය වෙනත් උණ රෝග වලින් වෙන් කර හදුනා ගැනීම මුල් දින 2 තුළ තරමක් අපහසු කාර්යයකි. මක්නිසාද යත් ඩෙංගු රෝගයේ රෝග ලක‍ෂණ අනෙක් උණ රෝග වලට සමාන බැවිනි.දින 5ත් 7ත් අතර පවතින තද උණ සමග ඇති වන හිසරදය, වමනය, ඇස් වටා වේදනාව, මාංශ පේශී වල වේදනාව, හංදි ආශිත වේදනාවන්, කොන්දේ වේදනාව, බඩේ කැක්කුම,රුධිර පට්ටිකා අගය සිග්‍රයෙන් පහල බැසීම, රුධිර පීඩනය පහල බැසීම සහ රතු ලප මතුවීම යන ලක්ෂන කිහිපයක් නිර්ණය කිරිම මගින් ඩෙංගු හදුනා ගත හැක.(වගුව බලන්න ) තවද උණ වැලදී දින දෙකකින් පමණ සිදුකරන රුධිර පරීක්ෂණය මගින් රෝග තත්ත්වය නිශ්චිතවම අදුනා‍ ගැනීමට හැක.රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලබාදීමට කටයුතු කිරීම වඩාත් ප්‍රතිඵල දායක සහ ප්‍රඥාගෝචර විය හැක.

වර්ගීකරණය[සංස්කරණය]

ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් 2009 වසරේදී ඩෙංගු උණ කාණ්ඩ දෙකකට වර්ගීකරණය කරන ලදී : සාමාන්‍ය උණ තත්වය සහ අසාද්‍යය තත්වය(උන්cඔම්ප්ලිcඅටෙඩ් අන්ඩ් සෙවෙරෙ ) අසාද්‍යය ඩෙංගු උණ අවස්ථාවේදි අභ්‍යන්තර සහ බාහිර රක්තපාතය, අභ්‍යන්තර ඉන්ද්‍රියන්වල අකර්මන්‍යතාව හෝ ප්ලස්මා කාන්දු වීමේ රෝග ලක‍ෂණ ඇති විය හැක.1997 වසරේදි ඩෙංගු රෝගය ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත උණ හා ඩෙංගු කම්පන සහලක‍ෂණ යන කොටස් තුනට වර්ගීකරණය කරන ලදී. ඩෙංගු කම්පන සහලක‍ෂණ තත්වය තවදුරටත් අනු කොටස් 4කට බෙදන ලදී.


නිවාරණය[සංස්කරණය]

A black and white photograph of people filling in a ditch with standing water
A 1920s photograph of efforts to disperse standing water and thus decrease mosquito populations

ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණය කිරිම තවම පරීක්ෂණ තත්වයේ පවති.ඩෙංගු වාහක මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත්තේ වැසි ජලය එකතු වන ස්ථානයයි. එම ස්ථානවල ඊජිප්ටයි සහ ඊඩ්ස් ඇල්බොපික්ටස් යන ප‍්‍රධාන මදුරු වර්ග බෝ වේ. විශේෂයෙන් වතුර ටැංකි, හිස් ටින්, පරණ ටයර්, වැහිපීලි, පොල්කටු, තැඹිලි කෝම්බ, යෝගට් කෝප්ප හා නිවාස තුළ පිහිටි වතුර රැඳෙන මල් පෝච්චි, ගුරුලේත්තු, කලගෙඩි හා ශීතකරණ තුළ වතුර රැඳෙන බන්දේසිවල බෝවීම බහුල ලෙස සිදුවිය හැකි බවය.මදුරුවන් හා මදුරු කීටයන් බෝවීම වැළැක්වීම දැනට ඇති එකම ක්‍රමයයි.ඒ සඳහා සතියකට වරක්වත් නිවස, පාසල හා සේවා ස්ථානය හෝ ඒ අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා ඒවා විනාශ කරන්න. ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන නම් මල් පෝච්චි, ටයර් පොල් කටු, ටින්, කුහුඹු උගුල්, වැහිපීලි වතුර රැදෙන ශාඛ, තැඹිලි කෝම්බ වැනිදේ. මදුරු නාශක ඉසීම, දුම් ගැසිම මදුරු දැල් දිවා කාලයේ නිදා ගැනීමේදී භාවිතා කිරීම මදුරුවන් බෝවන ස්ථාන වලට කීටයින් විනාශ කිරීමට, තිලාපියන් වැනි මසුන්, බැක්ටීරියා (බැසිලස් තුරින්ජියෙනියිස් නැමැති) යොදා ගත හැක.ඩෙංගු බිත්තර අවු. 1/2 - 1 පමණ වියලි ස්වභාවයේ නොනැසී පැවතිය හැක.එම නිසා වතුර නොමැති වු පමණින්ම ඩෙංගු බිත්තර විනාශ නොවේ. වාස්තු විද්‍යාවට අනුව ගෘහ නිර්මාණ හා උද්‍යාන අලංකරණය ප්‍රමිතියට අනුව සිදු කිරීමෙන්ද ඩෙංගු මදුරු උවදුරට යම් විසඳුමක් ලැබේ.ගොඩනැගිලි නිර්මාණයේ දී වතුර බසින ආකාරයට වැහිපීලි ප්‍රමිතියට අනුව නිෂ්පාදනය, ඉංජිනේරුවන්ට හා වාස්තු විද්‍යාඥයන්ට මාර්ගෝපදේශකත්වයන් ලබාදීම, වෙළෙඳපොළේ පවතින වැහිපීලි යනාදිය ප්‍රමිතියට අනුව තිබේද කියා පරීක්ෂා කිරීම වැදගත් වේ. බොහෝ ගොඩනැගිලිවල පිහිටි වැහි පීලිවල කැලිකසළ සිර වී ඇති අතර ඒවා ඩෙංගු මදුරුවන් බෝ වීමේ ආකර බවට පත්වීමේ ඉඩක් පැවතිය හැකිය.



සටහන්[සංස්කරණය]

  1. WHO (2009) p. 25-27

යොමුව[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]

සැකිල්ල:Zoonotic viral diseases

"http://si.wikipedia.org/w/index.php?title=ඩෙංගු&oldid=269035" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි