ටූපැක් ශාකූර්

විකිපීඩියා වෙතින්

ටූපැක් ෂාකූර්
Tupac graffiti, Vlasotince, Serbia.jpg
උපත
ලසීන් පැරිෂ් කෘක්ස්

ජුනි 16, 1971(1971-06-16)
මිය යාමSeptember 13, 1996(1996-09-13) (වයස 25)
වෙනත් නම්
  • 2පැක්
  • පැක්
  • මකාවෙලි
  • මැකියාවේලි
සක්‍රීය වසර1987–1996
සංගීත වෘත්තිය
ප්‍රභේදහිප් හොප්
වෘත්තිය
වාද්‍ය භාණ්ඩකට හඬ
ලේබල
සම්බන්ධිත රඟපෑම්
වෙබ් අඩවිය2pac.com

ටූපැක් අමාරු ෂාකූර් (/ˈtpɑːk ʃəˈkʊər/ TOO-pahk shə-KOOR-';[1] ජාතක නාමය ලසීන් පැරිෂ් කෘක්ස්; 1971 ජූනි 16 – 1996 සැප්තැම්බර් 13), ටූපැක් 2පැක් මැකියාවේලි සහ මැකාවෙලි, යන වේදිකා නාමයන්ගෙන්ද හැඳින්වූ දිවංගත ඇමරිකානු රැප් සංගීතවේදියෙක් හා නළුවෙකි.[2] 2007 වසර වන විට පමණක්, ෂාකූර්ගේ සංගීත නිර්මාණ ලොවපුරා මිලියන 75ක ප්‍රමාණයක් අලෙවිවී තිබේ.[3] ඔහුගේ ද්විත්ව තැටි ඇල්බම අතර වන ඕල් අයිස් ඔන් මී සහ ග්‍රේටස්ට් හිට්ස් ඇල්බමයන් එක්සත් ජනපදයේ හොඳින්ම-අළෙවිවූ සංගීත ඇල්බම.[4] අතරට ඇතුළත්ය. ඔහු ලොව එදාමෙදාතුර බිහිවූ ශ්‍රේෂ්ඨතම කලාකරුවන්ගෙන් අයෙක් බවට අන්තර්ජාතික සඟරා බොහොමයකින් ශ්‍රේණිගතකොට ලැයිස්තුගත කර ඇත. රෝලින් ස්ටෝන් හි ටූපැක් ෂාකූර් ලොව බිහිවූ ශ්‍රේෂ්ඨතම කලාකරුවන් 100 දෙනා අතුරින් 86 වන ස්ථානයට ශ්‍රේණිගත කොට ඇත. [5] ඔහු නිත්‍යවශයෙන් ලොව ශ්‍රේෂ්ඨතම රැප් සංගීතවේදීන්ගෙන් අයෙක් බවට සදාකාලිකව ශ්‍රේණිගත කොට ඇත, එමෙන්ම එදාමෙදාතුර බිහිවූ වඩාත් ආනුභාවසම්පන්න රැප් සංගීතවේදීන් අතරින් එක් අයෙක් වේ.[6]

ෂාකූර් ඔහුගේ වෘත්තිමය දිවිය ආරම්භ කළේ රෝඩී, උපස්ථ නර්තන ශිල්පියෙකු, හා උත්සව අවස්ථා මෙහෙයවන්නෙකු ලෙස ඒකාන්තර හිප් හොප් කණ්ඩායමක් වූ ඩිජිටල් අන්ඩර්ග්‍රවුන්ඩ් හා කටයුතු කිරීමෙනි, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ඒකල කලාකරුවෙක් බවට පත්විය.[7][8][9] ෂාකූර්ගේ ගීත බහුතරයක තේමාවන් දෝලනයවූයේ එක්සත් ජනපදයේ අභ්‍යන්තර නගරවල ජනතාව මුහුණදුන් ප්‍රචන්ඩත්වය, නැතිබැරිකම් හා වර්ගවාදය ඇතුළු අනෙකුත් සමාජ ගැටළු වටාය. ඔහුගේ මව හා පියා දෙපලමත්, පවුලේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකුත් එක්සත් ජනපදයේ බ්ලැක් පැන්තර් පාර්ටියේ ක්‍රියාකාරී සාමාජිකයින් වූහ, කුඩාකල සිටම ඔවුන්ගෙන් ආභාශය ලැබූ ෂාකුර්ගේ ගීත තුළ මැනවින් එය දැකගත හැකිය. ඔහුගේ වෘත්තිය දිවියේ පසු කාලයේදී, ඊස්ට් කෝස්ට් - වෙස්ට් කෝස්ට් හිප් හොප් ප්‍රතිරෝධයේදී ඔහු සිය හඬ අවදි කරමින් එයට දායක වූයේ වෙනත් රැප් සංගීතවේදීන්, සංගීත නිෂ්පාදකවරුන්, සහ රෙකෝර්ඩ් ලේබල් (වාණිජමය සංගීත සන්නාම ආයතන)වල සාමාජිකයින් හා ගැටෙමිනි. එයින් වඩාත් කැපී පෙනුනේ ද නෝටෝරියස් බී.අයි.ජී. සහ සංගීත සන්නාම ආයතනයක් වන බෑඩ් බෝයි රෙකෝර්ඩ්ස්.[10] සමග වූ කලහයයි.

1996 සැප්තැම්බර් 7 දින, ෂාකූර් ධාවනය වන මෝටර් රථයකින් එල්ල වන මරණීය වෙඩි ප්‍රහාරයකට ලක්වූයේය. ඒ ලාස් වේගාස් හි ෆ්ලැමින්ගෝ පාර හා කෝවල් වීදිය හරහා වැටෙන ලාස් වේගාස්, නෙවාඩා.[11]හීදිය. අනතුරින් පසු දකුණු නෙවාඩා සරසවි වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කෙරෙන ෂාකූර්, දින හයක් පුරා ප්‍රථිකාර ලබමින් සිට මරණයට පත් විය.[12]

දිවියේ මුල්සමය[සංස්කරණය]

නිව් යෝර්ක් නගරයේ නැගෙනහිර හාර්ලෙම්හි වටපිටාව, ෂාකූර් උපත ලැබුවේ මෙහිය.

ෂාකූර් උපත ලැබුවේ 1971 ජුනි මස 16 වැනිදා, නිව් යෝර්ක් නගරයයේ මෑන්හැට්න්හි කොටසක්වන නැගෙනහිර හාර්ලෙම් හිදීය.[13] ඔහුගේ ජාතක නාමය (මුල්ම නම) වූයේ 'ලසීන් පැරිෂ් කෘක්ස්'ය, නමුත් 1972දී ඔහුව අවසාන ඉන්කා අධිරාජයාට පසුව නම් කරන ලදී.[14][15][16] එනම් 18 වන සියවසේ ස්පාඥ්ඥ පාලනයට එරෙහිව ස්වදේශික ජනතාවගේ කැරැල්ලට නායකත්වය දීමෙන්[17] පසු ඝාතනයට ලක් කළ විප්ලවවාදී ටූපැක් අමාරු IIට පසුවය.[18][19]

ඔහුගේ මව, අෆේනි ෂාකූර් (ජාතක නාමය ඇලිස් ෆේ විලියම්ස්), සහ ඔහුගේ පියා, බිලී ගාලන්ඩ්, 1960 දශකයේ අග භාගයේ සිට 1970 මුල්භාගය වනතුරු නිව් යෝර්ක් හි බ්ලැක් පැන්තර් පාර්ටි (බ්ලැක් පැන්තර් පක්ෂය)හි ක්‍රියාකාරී සාමාජිකයින් වූහ. ටූපැක් බිහිවන්නේ ඔහුගේ මව "නිව් යොර්ක් හිදී එක්සත් ජනපද ආණ්ඩුවට සහ නිව් යොර්ක් මංසලකුණුවලට එරෙහි කුමන්ත්‍රණය"ක නියැලුනි යැයි ගොණු කරනට යෙදුණු පැන්තර් 21 නඩුවේ[20][21] ඇයට එල්ලකර තිබූ චෝදනා 150කට අධික ප්‍රමාණයකින් නිදහස් වීමෙන් මසකට පසුවය.

ෂාකූර්ගේ මුල්විය ගෙවුනේ කළුජාතික විමුක්ති සේනාව සමග සම්බන්ධ පුද්ගලයින් අතරේ සහ බරපතල අපරාධ පිළිබඳ දෝෂිත හා බන්ධනාගාරගත වූ පුද්ගලයින් අතරය. ඔහුගේ ඇපකාර පියා, එල්මර් "ජෙරනිමෝ" ප්‍රැට්, උසස් නිලයක බ්ලැක් පැන්තරයෙකු වූ අතර, ඔහු 1968දී මංකොල්ලයක් අතරතුර සිදුවූ පාසල් ගුරුවරයෙකු ගේ ඝාතනයකට දෝෂිත පුද්ගලයෙකි, එසේ වුවත් එම දණ්ඩනය පසුකලකදී පරදවන ලදී. ඔහුගේ සුළුපියා, මුටුළු, 1982 වසරේ ආරම්භයේ සිට වසර හතරක් එෆ්බීඅයිහි වඩාත් අවශ්‍යකරන පලායිතයින් අතරට ඇතුළත්ව සිටින ලදී. මුටුළු අවශ්‍යකර තිබුනේ ඔහුගේ සහෝදරිය වන (ජොආන් චෙසිමාර්ඩ් නමින්ද හඳුනන) අස්සාටා ෂාකූර්ට නිව් ජර්සි හි සිරගෙයකින් පැනයාමට උදව් කළේ යන චෝදනාවටය. ඇය සිරගත කර තිබුනේ 1973දී පොලිස් භටයෙකු ඝාතනය කිරීමේ චෝදනාවකටය. මුටුළු 1986දී කොටුවූ අතර, 1981 දී සන්නාහ බ්‍රින්ක්ස් ට්‍රක් රථයක් මංකොල්ලකෑම පිළිබඳ චෝදනාවට සිරගත කරන ලදී. එම මංකොල්ලකෑමේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ ආරක්ෂකයෙකු ඝාතනයට ලක්විය.[22] ෂාකූර්ට ඔහුට වසර දෙකක් බාල අර්ධ සහෝදරියක වූ, ස්කෙයිවා, හා වැඩිමහල් සුළු සහෝදරයෙක් ද සිටියේය. ඒ පසුකාලීනව ඔහුගේ සංගීත නිර්මාණ බොහොමයක ද පෙනී සිටි මොප්‍රිම් "කොමානි" ෂාකූර්ය.[23]

වයසර අවුරුදු 12 දී, Shakur enrolled in Harlem's 127th Street Repertory Ensemble and was cast as the Travis Younger character in the play A Raisin in the Sun, which was performed at the Apollo Theater. In 1986, the family relocated to Baltimore, Maryland.[24] After completing his second year at Paul Laurence Dunbar High School, he transferred to the Baltimore School for the Arts, where he studied acting, poetry, jazz, and ballet.[25] He performed in Shakespeare plays, and in the role of the Mouse King in the ballet The Nutcracker.[22] Shakur, accompanied by one of his friends, Dana "Mouse" Smith, as his beatbox, won many rap competitions and was considered to be the best rapper in his school.[26] He was remembered as one of the most popular kids in his school because of his sense of humor, superior rapping skills, and ability to mix with all crowds.[27] He developed a close friendship with a young Jada Pinkett (later Jada Pinkett Smith) that lasted until his death.

සම්බන්ධිත යොමු[සංස්කරණය]

  1. "ටූපැක් ෂාකූර් ඔහුගේම වචනවලින්" එම්ටීවී ප්‍රවෘත්ති 1997. එම්ටීවී ප්‍රවෘත්ති. 1997[ටූපැක් ඔහුගේ නම විනාඩි 2 තත්පර විසි නවය මොහොතේදී (2:29) උච්චාරණය කරයි.]{{cite AV media}}: CS1 maint: postscript (link)
  2. Levs, Joshua (September 13, 2006). "Growing Tupac's Legacy, 10 Years After His Death". NPR. සම්ප්‍රවේශය June 14, 2011.
  3. Reporter, Hindustantimes (June 16, 2012). "Happy Birthday Tupac!". Hindustan Times. සම්ප්‍රවේශය February 13, 2013.
  4. එක්සත් ජනපදයේ හොඳින්ම-අළෙවිවූ සංගීත ඇල්බමයන් හි ලැයිස්තුව
  5. "100 සියළු කාලයන්හි ශ්‍රේෂ්ඨතම කලාකරුවන්". Rollingstone.com. සම්ප්‍රවේශය January 1, 2012.
  6. http://www.bet.com/music/photos/2011/09/50-most-influential-rappers.html#!2011-topic-tu-pac-crop
    Archive line: http://web.archive.org/web/20111229064350/http://www.bet.com/music/photos/2011/09/50-most-influential-rappers.html?#!2011-topic-tu-pac-crop
  7. Tupac Shakur – Thug Angel (The Life of an Outlaw). 2002.
  8. "Tupac Shakur". Hotshotdigital.com. සම්ප්‍රවේශය January 7, 2012.
  9. Edwards, Paul, 2009, How to Rap: The Art & Science of the Hip-Hop MC, Chicago Review Press, p. 330.
  10. Jay-Z: Essays on Hip Hop's Philosopher King, p. 55
  11. Antonio Planas (April 7, 2011). "FBI outlines parallels in Notorious B.I.G., Tupac slayings". Las Vegas Review-Journal. සම්ප්‍රවේශය February 19, 2013.
  12. Tupac Shakur's death certificate details reported by Cathy Scott. Retrieved October 05, 2007.
  13. (Hoye 2006, පි. 30)
  14. Cathy Scott. "22-year-old arrested in Tupac Shakur killing - Las Vegas Sun News". Lasvegassun.com. සම්ප්‍රවේශය September 13, 2013.
  15. "Tupac Coroner's Report". Cathy Scott. July 23, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 24, 2007.
  16. Debra D. Bass. "Book chronicling Shakur murder set to hit stores - Las Vegas Sun News". Lasvegassun.com. සම්ප්‍රවේශය September 13, 2013.
  17. "Colonial and Neocolonial Latin America (1750–1900)" (PDF). සම්ප්‍රවේශය October 14, 2010.
  18. John Crow "The Epic of America", page 408.
  19. Charles F. Walker. "Tupac Shakur and Tupac Amaru".
  20. Scott, Cathy (2002). The Killing of Tupac Shakur. Huntington Press. ISBN 978-0929712208.
  21. "Afeni Shakur" (PDF). 2Pac Legacy. April 9, 2008 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 23, 2008.
  22. 22.0 22.1 Sullivan, Randall (January 3, 2003). Labyrinth: A Detective Investigates the Murders of Tupac Shakur and Notorious B.I.G., the Implication of Death Row Records' Suge Knight, and the Origins of the Los Angeles Police Scandal. Grove Press. ISBN 0-8021-3971-X.
  23. "Exclusive: Mopreme Shakur Talks Tupac; Rapper's B-Day Celebrated". Allhiphop.com. සම්ප්‍රවේශය July 28, 2010.
  24. Group, Vibe Media (October 1999). "Back 2 the Essence: Friends and Families Reminisce over Hip-hop's Fallen Sons". Vibe. Vibe Media Group. 7 (8): 100–116 [103]. සම්ප්‍රවේශය September 3, 2009. {{cite journal}}: Cite has empty unknown parameter: |coauthors= (help); Invalid |ref=harv (help)
  25. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; King නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  26. (Bastfield 2002, පි. 5)
  27. (Bastfield 2002, පි. 3)
"https://si.wikipedia.org/w/index.php?title=ටූපැක්_ශාකූර්&oldid=486043" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි