ජේ.එස්. තිස්සනායගම්

විකිපීඩියා වෙතින්
ජේ. එස්. තිස්සනායගම්
දේශීය නම
ஜெயப்பிரகாஷ் சிற்றம்பலம் திசைநாயகம்
පුරවැසිබවශ්‍රී ලාංකික
රැකියාවජනමාධ්‍යවේදී

ජයප්‍රකාශ් සිත්තම්පලම් තිස්සනායගම් (ජේ. එස්. තිස්සනායගම් ලෙසින් හැඳින්වෙන, දෙමළ: ஜெயப்பிரகாஷ் சிற்றம்பலம் திசைநாயகம்) යනු ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදියෙකි. 2008 මාර්තු 7 දිනදී, ශ්‍රී ලංකා පොලීසියේ ත්‍රස්තවාද විමර්ශන අංශය විසින් ඔහු රඳවා තබා ගන්නා ලදි. කිසිදු චෝදනාවක් නොමැතිව මාස 6 පමණ කිට්ටු කාලයක් ඔහු රඳවා තබා ගැනුණි.

සමාව[සංස්කරණය]

2010 පුවත්පත් නිදහස දිනය වෙනුවෙන් ජනාධිපති රාජපක්ෂ විසින් තිස්සනායගම් වෙත සමාව ලබා දෙනු ලබන බව 2010 මැයි 3 දිනදී ශ්‍රී ලාංකික රජය ප්‍රකාශයට පත් කළේය.


සම්මාන[සංස්කරණය]

දිරිමත් සහ ආචාර්යධාර්මික පුවත්පත්කලාව වෙනුවෙන් පිරිනැමෙන පීටර් මැක්ලර් සම්මානයේ පළමු ලාභියා ලෙසින් තිස්සනායගම් නම් කෙරිණි.

2009දී තිස්සනායගම් විසින් ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවේ ජාත්‍යන්තර පුවත්පත් නිදහස සම්මානයද දිනා ගත්තද, සිරගතව සිටීම නිසා එය පිළිගැනීම සඳහා යාමට ඔහුට නොහැකි විය. [1]

2010දී, බ්‍රිතාන්‍ය පුවත්පත් සම්මාන තුලදී වසරේ විදේශීය ජනමාධ්‍යවේදියා ලෙසින් ඔහු නම් කෙරිණි. [2] 2011දී, ඔක්ස්ෆම් නොවිබ් /PEN සම්මානය වෙතින් ඔහු පුදනු ලැබීය. [3]


මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. AFP සෝමාලියා ජර්නලිස්ට් වින්ස් කී ප්‍රෙස් අවෝඩ් ඒඑෆ්පී - නොවැම්බර් 24, 2009
  2. ශ්‍රී ලංකන් ටැමිල් වින්ස් ෆොරින් ජර්නලිස්ට් ඔෆ් ඉයර් අවෝඩ්
  3. "හියුමන් රයිට්ස් ඇම්බැසඩර් ප්‍රසන්ට්ස් පෙන් අවෝඩ් ටු රෂියන් ෆිල්ම්මේකර් ඇන්ඩ් ජර්නලිස්ට්". නෙදර්ලන්ත රජය. ජනවාරි 20, 2011. සම්ප්‍රවේශය සැප්තැම්බර් 10, 2012.

බාහිර සබැඳි[සංස්කරණය]



"https://si.wikipedia.org/w/index.php?title=ජේ.එස්._තිස්සනායගම්&oldid=592074" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි